Press ESC to close

Assassin’s Creed Origins Review

Assassin’s Creed කතා මාලාවේ Origins Game එක ගැන පැහැදිලිව දැනගන්න මේ ලිපිය හරහා පුළුවන් වෙනව. Game එක Play කරල තියෙනවනම් – Play කරන්න ඉන්නවනම් – මේ ලිපිය කියවලම Play කරන්න.

Overview

Get Your Site Up with A2 Hosting

Assassin’s Creed කථාමාලාවේ වර්තමාන කථාවේ Desmond Miles ගේ මරණයෙන් පසුව වසර 5ක් ගෙවී ගොස් අවසන්ය. Layla Hassan නමැති නව ප්‍රධාන චරිතයක් Assassin’s Creed කථාමාලාවට හදුන්වාදෙනු ලැබේ. Abstergo සමාගමේ historical team එකෙහි සාමාජිකාවක් වූ ඇය තම සිහිනය වූ Abstergo හි Animus project එකට සම්බන්ධ වීමට කිහිපවරක්ම උත්සාහ දැරුවද එම සෑම අවස්ථාවකම අසාර්ථක වූවාය. කෙසේ නමුත් Abstergo සමාගමේ යටි අරමුණු පිළිබඳව නොදැනුවත් ඇය එම සමාගමේ Animus project එක සඳහා සම්බන්ධ වීමට ප්‍රයාස දැරුවාය.පුරාණ ඊජිප්තුවේ Medjay වරයෙකු Bayek හා ඔහුගේ බිරිඳ Aya ගේ මතක ඔස්සේ යමින් ඓතිහාසික Artifact එකක්( Apple of Eden) සොයාගෙන යන Layla Hassan ගේ කථාව Assassin’s Creed Origins හි ඇතුළත්ය.

Plot

Layla හා ඇගේ මිතුරිය වන Deanna ව Abstergo සමාගම විසින් historical artifact එකක් (Apple of Eden) සොයාගැනීම සඳහා ඊජිප්තුවට පිටත්කර හැරේ. ගවේෂණය අතරතුර ඇය විසින් මමීකරණයට පත්කරන ලද Aya සහ Bayek ගේ මළසිරුරු සොයාගැනේ. Abstergo සමාගමෙන් සොරාගන්නා ලද Animus යන්ත්‍රයක් භාවිතයෙන් Bayek ගේ ජානමය මතකයන්ට ඇතුල්වී ඔහුගේ මතක ඔස්සේ Apple of Eden එක සොයායාමට ඇය තීරණය කරයි. ඉන්පසු ඇය සම්බන්ධ වන්නේ ක්‍රි.පූ.49 දී විසූ ඊජිප්තු Medjay වරයෙකු වූ Bayek ගේ මතකයන්ටය(මෙතැන් සිට අපගේ චරිතය වන්නේ Bayek ය). Bayek ගේ මතකයන් හා සම්බන්ධ වීමෙන් පසු ඔහුගේ කථාව ආරම්භ වන්නේ මෙසේය……

ඊජිප්තුවේ Siwa ක්ෂේමභූමිය ආරක්ෂාකළ රණශූරයෙකු වූ Bayek හා ඔහුගේ පුතා වෙස්මුහුණු පැළඳගත් පුද්ගලයන් 5 දෙනෙකු විසින් පැහැරගෙන ඇත.ඔවුන්ව රැගෙන් ගොස් තිබුණේ Amun නම්  temple එකක් යට පිහිටි බිම්ගෙයක් තුළටය. Bayek හට Apple of Eden artifact එක ලබාදී එක් පුද්ගලයෙක් බිම්ගෙය තුළ වූ රහස් vault එකක් විවෘත කරන ලෙස අණකරයි. එම මොහොතේදී බේරීමට සටන්කරන Bayek අතින් අත්වැරදීමකින් Khemu එනම් ඔහුගේ පුතා මරණයට පත්වේ. ඉන්පසු තම පුතාගේ නිසල දේහය දෙස බලාගෙන දුකින් සහ කේන්තියෙන් යුතුව Bayek එම වෙස්මුහුණු පැළඳගත් පුද්ගලයෙක්ට පහරදීමට උත්සාහකරන අතර එම පුද්ගලයාගේ පහරකින් Bayek සිහිසුන් වේ.මෙම සිදුවීමෙන් වසර කිහිපයක් යනතුරු Bayek ඔහුගේ බිරිඳගෙන් හා Siwa වලින් පිටුවහල්ව කාලය ගතකළේය.නැවත වසර ගණනාවකට පසු Siwa වෙත පැමිණෙන Bayek ඔහුගේ පුතාගේ මරණයට සම්බන්ධ යැයි සැකකෙරෙන පුද්ගලයන්ගෙන් පළිගැනීමට තීරණය කරයි.

සාක්ෂි සලකාබැලීමෙන් ඔහුගේ පළමු ඉලක්කය ලෙස The Heron නමැති අනවර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ Rudjek නමැත්තාව මරණයට පත්කරයි.ඉන්පසු ඔහුට දැනගැනීමට ලැබෙන්නේ The Ibis නමැති අනවර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ Medunamun නම් පූජකයා පෙර සඳහන්කළ රහස් vault එක විවෘත කරගැනීමේ අරමුණින් ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත්කරන බවය.මොහු වෙස්මුහුණු පැළඳගත් පුද්ගලයන් 5දෙනාගෙන් තවත් එක් අයෙකු බවට මෙය සාක්ෂියක් වූ අතර Bayek ඔහුවද මරාදමයි.

ඉන්පසු Alexandria වට යන Bayek ට මුණගැසෙන්නේ ඔහුගේ බිරිඳ වූ Aya වය.මෙම අවස්ථාවේදී Aya විසින් Bayek ට පවසන්නේ ඇය තවත් ඉලක්කයන් දෙකක් නිහඬ කළ බවය.ඒ පිළිවෙලින් The vulture හා The ram නම් අනවර්ථ නාමයන්වලින් හඳුන්වනු ලැබූ පුද්ගලයන්ය.මෙහිදී Aya ව්සින් Bayek ට Assassin ලාගේ signature weapon එක වන Hidden blade එක ලබාදෙයි.එමගින් Bayek සාර්ථකව අවසන් ඉලක්කයද ඝාතනය කරන අතර එම සටනේදී hidden blade එක භාවිතයේදී ඔහුගේ වෙඳැගිල්ල කැපී වෙන්වේ(මෙම සිදුවීමෙන් කලක් යනතුරු assassin වරු creed එකට තම පක්ෂපාතීත්වය පෙන්වීමේ සංකේතයක් ලෙස තම වෙඳැගිල්ල කපාගැනීම සම්ප්‍රදායක්ව පැවතුණි).

Aya ඇයගේ ඉලක්ක ඊජිප්තු සමාජයේ ඉහළ පැලැන්තියේ අය වූ නිසා ඔවුන් පිළිබඳ තොරතුරු සොයාගැනීමට මෑතකදී පාලනයෙන් නෙරපා දැමූ Cleopatra සමග ගනුදෙනුකර තිබුණාය.සාර්ථකව වෙස්මුහුණු පැළඳගත් පුද්ගලයන් 5 දෙනාම ඝාතනයෙන් අනතුරුව Cleopatra ගෙන් Bayek ට දැනගැනීමට ලැබෙන්නේ ඔවුන් 5දෙනා Order of ancients නම් විශාල කණ්ඩායමක කුඩා සාමාජිකයන් බවය( Cleopatra බලයෙන් පහකෙරුණේ මොවුන් විසින්ය.ඉන්පසු නව Pharaoh කෙනෙකු ඔවුන් විසින් බලයට පත්කෙරුණු අතර ඔහුව රූකඩයක් ලෙස Order of ancients විසින් තම අරමුණු ඉටුකරගැනීම සඳහා භාවිතකරන ලදී).ඒ අනුව Cleopatra විසින් Bayek ට නව ඉලක්ක 4ක් ලබාදෙන අතර ඉන්පසු Aya, Cleopatra ව යලි බලයට පත්කිරීම සඳහා උදව් රැගෙන ඒමට රෝමානු general වරයෙකු වූ Pompey the Great සොයායයි.

ඉතින් එතනින් පසු කුමක් සිදුවේවිද? Bayek හා Aya ගේ මෙහෙයුම් සාර්ථක වේවිද? Order of ancients කණ්ඩායමට තිත තැබීමට ඔවුන්ට හැකිවේවිද? Aya හා Bayek ගේ මතක ඔස්සේ ඊජිප්තුව ගවේෂණය කරන Layla Hassan ට Apple of Eden artifact එක සොයාගැනීමට හැකිවේවිද? මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීම ක්‍රීඩකයා වන ඔබට භාරයි.

Gameplay

  • ක්‍රීඩාවේ main story missions play කිරීම සඳහා Bayek ට නිර්දේශ වූ නිශ්චිත level එකක් mission එක ආරම්භ කිරීමට පෙර සඳහන් කෙරේ.නිර්දේශිත level එකට level 1ක් හෝ 2ක් පහළින් සිට mission එක ආරම්භකිරීමද සාර්ථකවන නමුත් නිර්දේශිත level එකට වඩා ඔබේ  level එක ඉතා අඩුනම් mission complete කිරීම ඉතාමත් අපහසු වනු ඇත. Missions සඳහා නිර්දේශිත level එක තෙක් Bayek ගේ experience වැඩිකරගැනීමට අපට ක්‍රීඩාව විසින්ම map එකේ එක් එක් regions වලදී විවිධ side quests සපයා ඇත.
  • ඊජිප්තු map එකද විවිධ regions වලට බෙදාවෙන්කර ඇති අතර ඒ එක් එක් regions සඳහාද නිර්දේශිත level එකක් ඇත. Map එකේ ගමනාගමනය සඳහා ඔබට අශ්වයන් හා ඔටුවන් භාවිතකළ හැකිය. එසේම විවිධ regions වල Fast travel points unlock කරගැනීම මගින් ඔබට ගමනාගමනය පහසුකරගැනීමට මෙන්ම  විවිධ ස්ථාන හා Side quests reveal කරගැනීමටද හැකිය.
  • Combat and Stealth ගැන සඳහන් කිරීමේදී Assassin’s Creed game series එකට ආවේණික combat and stealth system එකක් ඇත. ඔබට ඔබේ සතුරන් හා මුහුණට මුහුණ සටන්කළ හැකි අතර Senu එනම් ඔබේ මිතුරු පක්ෂියා මගින් සතුරන්ව scout කර ඔවුන්ව හඳුනාගෙන stealth ආකාරයෙන්ද පහරදිය හැක. Combat වලදී වැදගත්වන skill points ඔබට level up වීම මගින්ද tombs ගවේෂණය කිරීම මගින්ද සොයාගත හැක. අපට විවිධ weapons රාශියක් මෙහිදී භාවිතකළ හැකි අතර විවිධ crafting materials භාවිතයෙන් ඒවා upgrade කිරීමද කළහැක.
  • ප්‍රධාන සතුරන්ට අමතරව Phylakes නමැති Elite warriors 10 දෙනෙකුද සතුරන් ලෙස ක්‍රීඩාවේදී හමුවේ.මොවුන් high level warriors ලා වන අතර ඔබ ඔවුන් හා සටන්කිරීමට නම් නිර්දේශිත අවම level එක level 20 ය. Level 20 සිට 40 දක්වා Phylake warriors 10 දෙනෙකු අපට හමුවේ.
  • පෙර සඳහන්කළ පරිදි ඊජිප්තුව පුරා ඇති mysterious tombs ගවේෂණය කිරීමෙන් Ancient tablets සොයාගත හැකිය.ඒවා මගින් Skill points ලබාගත හැකිය.ගීසා හි මහා පිරමීඩ 3 වන Khufu,Khafra සහ Mankaure යන පිරමීඩද අපට මෙසේ explore කළහැක.
  • සමස්ථයක් වශයෙන් ගත්කළ ඉතා හොඳ 3rd-person action adventure Assassin’s Creed ක්‍රීඩාවක් වන මෙමගින් පුරාණ ඊජිප්තුවේ සිදුවූ සිදුවීම්,ඊජිප්තු සංස්කෘතිය හා ඊජිප්තු වැසියාගේ ඇදහිලි හා විස්වාස වැනි බොහෝ අංශ පිළිබඳවද අවබෝධයක් ලබාගත හැකිය. Assassin’s Creed Origins සඳහා අවශ්‍ය minimum සහ recommended requirements පහතින් සඳහන් කරන්නම්……
SystemMinimumRecommended
CPUIntel Core i5-2400s (2.5 GHz) or AMD FX-6350 (3.9 GHz) or equivalentIntel Core i7- 3770 (3.5 GHz) or AMD FX-8350 (4.0 GHz)
GPUNVIDIA GeForce GTX 660 or AMD R9 270NVIDIA GeForce GTX 760 or AMD R9 280X
VRAM2GB3GB
RAM6GB8GB
Storage45GB45GB
OSWindows 7,8.1,10(64 bit)Windows 7,8.1,10(64 bit)

Eshan Amarasinghe

Eshan Loves Gaming and also writes about them, This will help you understand the game better and have an overall good experience.

Comments (2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *