Home Tech News Iphone 16 Launch Event එක නරඹන්නෙ මෙහෙමයි
Tech News

Iphone 16 Launch Event එක නරඹන්නෙ මෙහෙමයි

Share
apple-event-apple-glow
Share

Apple සමාගම මේ වනවිට ඔවුන්ගේ මීලග launch event එක පවත්වන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ සැප්තැම්බර් 09 වෙනිදායි. මෙවර ඔවුන් මේ event එක නම් කර තිබෙන්නෙ “It’s Glowtime” ලෙසයි.

මෙවර event එකෙ logo එකට යොදාගෙන තිබෙන Apple Intelligence icon එක මගින් දැක්වෙන්නෙ මෙවර ඇපල් සමාගම වැඩිදුරටත් AI සම්බන්ධ අලුත් නිමැවුම් හදුන්වා දෙන්න සූදානම් වෙන බවයි. මේ event එකෙ ප්‍රධාන විශේෂාංගය වෙන්නෙ iPhone 16 series එක නිකුත් කිරීමයි. සුපුරුදු පරිදිම මෙවරත් මේ event එක Apple Park එකෙ Steve Jobs theater එකෙ පවත්වනු ලබනවා.

ඔබට මෙම event එක නරබන්න පුලුවන් Apple official YouTube චැනලය ඔස්සෙ. ඒවගේම Apple website එකෙන් වගේම Apple TV එක ඔස්සේත් මෙම live stream එක නරබන්න පුලුවන්. මෙය ඔබට නරබන්න පුලුවන් වෙන්නෙ සැප්තැම්බර් 9 වනදින ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රී 10.30 සිටයි.

මේ event එකෙදි අපිට අලුත්ම iPhone 16 lineup එකට අමතරව අලුත්ම A18 chipset, Apple Intelligence විශේෂාංගත් දැකගන්න පුලුවන් වෙනවා. ඒවගේම iPhone වලට අමතරව අලුත්ම Apple Watch series 10, Apple Watch Ultra 3 සහ AirPods 4 නිකුත් කිරීමත් බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...