Home Tech News Smart Speaker අතරට එකතු වෙන Apple HomePod
Tech News

Smart Speaker අතරට එකතු වෙන Apple HomePod

Share
blank
Share

Amazon Echo සහ Google Home කියන්නෙ යන යන තැන්වල අරන් යන Phone එක වෙනුවට නිවස තුල හැම කෙනාටම Voice commands වලින් පාලනය කරන්න පුලුවන් තමන්ගෙ Smart අවශයතා වලට උදව් ගන්න පුලුවන් Smart Speaker Digital Assistant කෙනෙක්. අවුරුදු 2කට පස්සෙ මේ තරගයට අපි කවුරුත් දන්න Apple සමාගමත් එයාලගෙ Apple Homepod එකත් එක්ක එකතු වෙනව.

Amazon Echo එකේ අපට උදව් කරන Alexa වගේම Google Home එකේ ඉන්න Google Assistant වලට තරග කරමින් උදව් කරන්න Apple Homepod එකේ ඉන්නෙ කා අතරත් ජනප්‍රිය Siri Digital assistant. Apple Homepod එක තමයි දැනට Smart Speaker වල specification අතින් ඉදිරියෙන්ම ඉන්නෙ. Sonos speaker සහ ඉතාමත් ඉහල Quality එකක් තියෙන අනෙකුත් mic සහ උපකරණ එක්ක මේකෙ දැනට ප්‍රකාශිත මිල $349ක් වෙනව.

Apple Music සහ Siri එක්ක එන මේ Smart Homepod එක අවශ්‍ය නම් නිවසේ තියෙන අනෙක් Smart උපකරණ එක්ක Apple airplay 2 හරහා සම්බන්ධ කරල ඒ දේවල් පාලනය කිරීමත් කරන්න පුලුවන්. මේ ගැන තවත් විස්තර අවශ්‍ය නම් මේ link එකෙන් Apple product page එකට යන්න.

කොහොම උනත් Amazon සහ Google smart speaker නිකුත් වෙලා අවුරුදු 2කට පස්සෙ ගොඩක් පරක්කු වෙලා තරගයට එන Apple Homepod එක මොන වගේ ප්‍රශ්න වලට මුහුණ දෙයිද කියල කියන්න අමාරුයි. ඒ වගේම මේක අපේ රටේ භාවිතයට කොතෙක් දුරට ගැලපෙයිද කියන එකත් පාවිච්චි කරලමයි බලන්න වෙන්නෙ. මොකද Apple Siri කියන්නෙ මීට අවුරුදු 5කට කලින් නිකුත් කරපු Digital Assistantල අතරෙන් තාමත් කටහඩ අදුන ගැනීමෙදි ගැටලු මතුවෙන තාමත් මූලික මට්ටමෙන් එහාට නොගිය කෘතිම බුද්ධියක් (Arificial intelligence) විදිහට අන්තර්ජාලයෙ කතාබහට ලක්වෙන Service එකක්.

මේ ගැන ඔයාගෙ අදහස් පහත Comment කරන්න….

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...