Press ESC to close

Twitter හි වැඩි අයිතිය Elon Musk වෙත

පසුගිය දවසක Elon Musk කරපු මිලදී ගැනීමකින් පසුව Twitter සමාජ ජාලයේ විශාලතම කොටස් හිමියා බවට පත් වෙන්නට ඔහුට හැකි වෙලා තියනවා. එක්සත් ජනපද විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ වාර්තාවකට අනුව ඩොලර් බිලියන 273ක පමණ වත්කමක් ඇති ලෝකයේ ධනවත්ම පුද්ගලයා වන Elon Musk විසින් Twitter හි කොටස් මිලියන 73.5 ක් පමණ මිලදී ගෙන තියනවා. ඒ Twitter සමාගමේ මුලු අයිතියෙන් 9.2% ක ප්‍රමාණයක්.

Twitter හි සම-නිර්මාතෘවරයෙක් වන Jack Dorsey ට අයිති වෙන්නෙත් සමාගමෙන් 2.25% ක කොටසක්, ඒ අනුව Elon Musk ට ඒ වගේ හතර ගුණයකටත් වඩා වැඩි කොටස් ප්‍රමාණයක් මේ ගණුදෙනුවෙන් පස්සෙ හිමි වෙලා තියනවා. ගණුදෙනුවේ වටිනාකම ඩොලර් බිලියන 2.4ක් පමණ වෙන බවයි වාර්තා වෙන්නේ.

Get Your Site Up with A2 Hosting

Elon Musk මේ විදිහට Twitter හි වැඩි කොටස් ප්‍රමාණයක් මිලදී ගත්ත කියන ප්‍රවෘත්තියත් එක්ක මේ වෙද්දි Twitter කොටසක මිල 26% කින් පමණ වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නෙ Musk මිලදී ගත්ත කොටස් වල දැන් වටිනාකම දළ වශයෙන් ඩොලර් බිලියන 3.6ක් පමණ, ඒ අනුව සති තුනක් වගේ ඇතුලත ඩොලර් බිලියන 1.2 ක ලාභයක් ඔහු උපයල තියනවා.

Elon Musk විසින් මේ විදිහට Twitter සමාගමේ ආයෝජනය කරල තියෙන්නෙ passive investment එකක් විදිහටයි. ඒ කියන්නේ දීර්ඝ කාලීනව ලාභයක් ලැබීමේ අරමුණෙන් තමයි මේ ආයෝජනය සිදු කරල තියෙන්නෙ. Musk විසින් Twitter හි වෙනස්කම් කිහිපයක් සිදු කරන්නත් යනව කියල ආරංචි වෙනවා, උදාහරණයක් විදිහට සේවාව තුල අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සුරකින්නත් කාලයක් ඉඳන් Twitter පරිශීලකයන් විසින් ඉල්ලපු Tweet edit කිරීමේ පහසුකමත් ලබාදෙන්න දැන් සමාගම විසින් කටයුතු කරන් යනවා.

https://twitter.com/TwitterComms/status/1511456430024364037

Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *