Home Tech News Windows 11 කලින් ගැනීමේ අවධානම
Tech News

Windows 11 කලින් ගැනීමේ අවධානම

Share
blank
Share

Windows 11 කියන්නෙ Microsoft සමාගම වගේ දැවැන්තයෙක් තියන දැවැන්ත පියවරක්. අවුරුදු 6කට ආසන්න කාලයක් Windows 10 Operating System එක වැඩි දියණු කරපු Microsoft සමාගම 2015දි කිව්වෙ මින් මතුවට Windows OS එකක් වෙනුවට Windows as a Service විදිහට Windows 10 වැඩිදියුණු කරනව කියලයි.

Windows 11 වලට හේතුව

එදා මෙදා තුර වසර හයක පුටු මාරුවත් එක්ක Microsoft සමාගමේ මේ WaaS ගමන් මග වෙනස් වෙලා දැන් නැවතත් Windows 11 කියන අළුත් සංස්කරණයකට යොමු වෙලා. කොහොම වෙතත් මේ විදිහට අළුත් සංස්කරණයකට යන එක හරහා නැවතත් Windows 11 certified, Windows 11 Ready විදිහට laptop – Desktop විශාල ප්‍රමාණයක් විකුණගන්න පරිගණක ක්ශේත්‍රෙය් දැවැන්ත සමාගම් වලට පුළුවන් වෙනව.

මෙන්න මේ නව පරිගණක උපාංග විකිනීම /marketting කිරීම දැනටමත් ආරම්භ වෙලා. ඉතින් අවුරුදු 6ක් තිස්සේ එකම පරිගණක පාවිච්චි කරන අයත් මෙන්න මේ Market Influence එක තුලින් අලුත් පරිගණකයකට වියදම් කරන එක අනිවාර්යෙන් සිදුවෙන දෙයක්.

Windows 11 කලින්ම ලබාගන්න පුළුවන්ද?

Windows 11 තවමත් Official Release එකක් විදිහට නිකුත් නොවුනත්, දැනටමත් ඔබගේ පරිගණකයට මේක ලබාගන්න පුළුවන්. මේ ලබාගන්න නම් ඔබ Software Beta Tester කෙනෙක් විදිහට Windows insider preview Program එකට එකතු වෙන්න අවශ්‍යයි. Beta Tester කෙනෙක් කියන්නෙ සමාගමක නිෂ්පාදනයක් අත්හදා බලල එහි හොද නරක (Feedback) ලබා දීල එය වඩාත් හොද Product එකක් බවට පත් කරන්න උදව් කරන එකයි.

මෙන්න මේ විදිහට Beta Tester කෙනෙක් වෙලා ඔයා කරන්නෙ අළුත්ම Version එක ලබාගන්න එක කියල හිතුවට ඇත්තටම වෙන්නෙ තවමත් අඩුපාඩු හදමින් පවතින Bugs තියෙන Software එකක beta tester කෙනෙක් විදිහට නොමිලේම ඔයාගෙ සේවය දෙන එක. සාමාන්යෙන් මුදල් ගෙවල internal විදිහට කරන මේ beta testing එක insider previews හරහා Microsoft සමාගම නොමිලේම කරගන්නව.

Insider previews ගැටළු

Windows Insider Previews හරහා ලබාගන්න Windows 11 වල ගොඩක් ගැටළු තියෙනන පුළුවන්. ඒ වගේම සමහරවිට ඔයාගෙ Data lost / Corruption එකක් පවා වෙන්න පුළුවන්. ඒ වගේම Windows beta test එකෙන් පස්සෙ ඔයාට මේකෙන් ඉවත් වෙනවනම් Windows 10 වලට නැවත යාමේ හැකියාවක් තියෙනවද කියන එකත් හොයල බලන්න.

විශේෂම දේ තමයි Insider preview එක විදිහට Windows 11 ලබාගන්න ඔයාට Windows 11 release උනාම ඒක ලබාගන්න Fresh Install එකක් කරන්න සිදුවෙන එක. Windows 10 Insider preview වලදි මෙන්න මේ ගැටළුව ආව නිසා ගොඩක් දෙනෙකුට Full Format එකකට යන්න උනා.

අවධානම ගැන අවබෝධයෙන් Test කරන්න

ඔබගේ ප්‍රධාන Workstation PC / Laptop එකට මේ Windows 11 beta version එක දාගන්න එක නම් අවධානම් සහගතයි. Secondary PC එකක් – Testing PC එකක් තියෙනවනම් ඒකට මේ insider preview එක දාගත්තට කමක් නැහැ.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...