Home Tech News Phones OnePlus සහ Oppo එකමුතුව.
PhonesTech News

OnePlus සහ Oppo එකමුතුව.

Share
blank
Share

OnePlus ආයතනයේ CEO වෙන Pete Lau පසුගිය දවසක නිවේදනයකින් සඳහන් කරේ තම ආයතනය “නව ගමනක්” ආරම්භ කිරීමට සූදානම් බවයි. ඒත් සමග OnePlus ආයතනය තම මවු ආයතනය වන BBK Electronics වලට අයිති තවත් ප්‍රසිද්ධ ආයතනයක් වෙන Oppo සමග තවදුරටත් ඒකාබද්ධ වීමට සූදානම් වෙනවා. මේක විශේෂ තීරණයක් මොකද 2013 Pete Lau විසින් Carl Pei සමග OnePlus සමාගම ආරම්භ කරෙත් Oppo ආයතනයෙන් ඉවත් වීමෙන් පසුවයි.

OnePlus සමාගම ආරම්භයේදි තමන්ව market කරගත්තෙ Flagship smartphone වල තරඟයක් දෙන්න පුළුවන් “flagship-killer” කෙනෙක් විදිහටයි. නමුත් පසුව නිකුත් කරපු දුරකතනත් එක්ක ඒ පොරොන්දුව රැකුනද කියන එක හුඟ දෙනෙක් ප්‍රශ්න කරන දෙයක්. OnePlus සහ Oppo ආයතන දෙක එකම මව් ආයතනයෙ වෙන් වුන ආයතන දෙකක් විදිහට කලින් පැවතුනත් OnePlus phones දිහා පරික්ශාවෙන් බැලුවොත් Oppo ආයතනයෙන් ආභාශය ලැබුනු සමහර දේවල් අපිට බලාගන්න පුලුවන්. උදාහරණයක් විදිහට OnePlus සහ Oppo දුරකථන දෙකේම සමහර models වල එකම විදිහ Display panels තමයි තියෙන්නෙ., ඒ වගේම OnePlus ආයතනයට අයත් තාක්ෂණයන් වෙන Dash charging වගේ දේවලුත් Oppo දුරකථන වල ක්‍රියාත්මක වෙනවා.

Pete Lau විසින් ප්‍රකාශ කරල තියනව මේ විදිහට Oppo සමග එකතු උනත් දිගටම OnePlus ආයතනය තනි ආයතනයක් විදිහට බහුතරයක් කටයුතු කරගෙන යාවි කියල. මේ විදිහට එකතු වුනාම සිදු වෙන වෙනස් වීම් ගැනනම් මේ වෙනකන් හරියට තොරතුරක් නෑ. ඒ වගේම අන්තර්ජාතිකව අලෙවි කරන OnePlus දුරකථන වල පාවිච්චි වෙන Oxygen OS එකත් කිසිම වෙනස් වීමක් නැතුව ඉදිරියට ගෙනයන බවට සඳහන් වෙනවා.

මේ සමාගම් දෙකේ එක්වීම කාලයක් තිස්සෙ පුරෝකථනය කරපු දෙයක්. ගිය අවුරුද්දෙ Pete Lau, OnePlus ප්‍රධානියා වෙලා ඉද්දිම Oppo ආයතනයේ chief product officer විදිහට පත් කරා, ඒ වගේම මේ ජනවාරි මාසයේ සමාගම් දෙකේම පර්‍යේෂණ හා සංවර්ධන අංශ දෙකම එකතු කරන්නත් කටයුතු කරල තිබුනා. චීනයේ විකුණන OnePlus දුරකථන වලට Oppo සමාගමේ ColorOS එකත් පාවිච්චි කරන්න දැන් කටයුතු කරගෙන යනවා. කොහොම උනත් OnePlus සමාගම ආරම්භ උන “flagship killer” කියන සංකල්පයෙන් දැන් ඒ ආයතනය ඉවත් වෙලා ඉවරයි. OnePlus දුරකථන වලට කැමති අයටනම් මේක හුඟක් වෙලාවට හොඳ news එකක් වේවි, මොකද තවත් දුරක්ථන නිශ්පාදයේ දැවැන්තයෙක් එක්ක එක් වීම කොයි අතටත් වාසියක්.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...