Home Tech News Windows 11 අලුත් අවුරුද්දටත් කලින්ම අලුත් වෙයි
Tech News

Windows 11 අලුත් අවුරුද්දටත් කලින්ම අලුත් වෙයි

Share
blank
Share

Microsoft විසින් 2025 දෙසැම්බර් 9 වන දින Windows 11 සඳහා වසරේ අවසන් ප්‍රධාන feature update එක (KB5072033) නිකුත් කළේය. Build 26200.7462 (25H2) සහ 26100.7462 (24H2) වෙත යාවත්කාලීන වන මෙම update එකේ File Explorer සඳහා සම්පූර්ණ dark mode implementation එක, Settings app වැඩිදියුණු කිරීම්, සහ taskbar සඳහා නව විශේෂාංග ඇතුළත් වේ.

File Explorer දැන් සම්පූර්ණයෙන්ම dark mode සහිත වන අතර, වසර ගනනාවක් Dark Mode නොමැතිව තිබූ file copy dialogs, delete prompts සහ progress bars සියල්ල dark theme එකට ගැලපෙන පරිදි නිර්මාණය කර ඇත. Settings app එකේ නව Device Info card එක මගින් පරිශීලකයන්ට තම PC එකේ hardware සහ system specifications පහසුවෙන් බැලීමට හැකිය. Taskbar එකේ නව Share with Copilot බොත්තම මගින් Microsoft AI assistant එක සමඟ කටයුතු කිරීම තවත් වේගවත් කරයි. Windows Search interface එක Start menu size එකට ගැලපෙන පරිදි redesign කර ඇත.

Gaming උනන්දුවක් ඇති අයට විශේෂ වාසියක් ලෙස, Full Screen Experience දැන් ASUS ROG Ally සහ Ally X පමණක් නොව වෙනත් handheld gaming devices සඳහා ද ලබා ගත හැක. මෙම mode එක desktop complexity අඩු කර console-like interface එකක් නිර්මාණය කරන අතර, 2GB පමණ memory ඉතිරි කරයි. Virtual Workspaces විශේෂාංගය Hyper-V සහ Windows Sandbox වැනි virtualization tools manage කිරීම සඳහා Settings තුළ ඇතුළත් කර ඇත.

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...