Home Tech News Google සහ Apple සමාගම් වලින් විශේෂ Security patches නිකුත් කරයි
Tech News

Google සහ Apple සමාගම් වලින් විශේෂ Security patches නිකුත් කරයි

Share
blank
Share

තාක්ෂණ ලෝකයේ විශාලම සමාගම් දෙකක් වන Google සහ Apple, දැනටමත් සිදුවෙමින් පවතින Zero-day සයිබර් ආක්‍රමණ කිහිපයක් හේතුවෙන්, තමන්ගේ ප්‍රධාන නිෂ්පාදන සඳහා හදිසි security updates නිකුත් කර තිබෙනවා. මෙය සාමාන්‍ය security update එකක් නෙවෙ, සජීවීව හදුනාගනිමින් පවතින ආරක්ෂක දෝෂ නිවැරදි කිරීම සඳහා ගත් අත්‍යවශ්‍ය පියවරක් ලෙස හදුන්වන්න පුලුවන්.

Google පළමුව Chrome බ්‍රවුසරයට අදාළ Zero-day දෝෂයක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කළා. මෙම දෝෂය හැකර්කරුවන් විසින් සක්‍රියව භාවිතා කරමින් තිබූ බව Google විසින් තහවුරු කර තිබෙනවා. විශේෂයෙන්ම, මෙම දෝෂය හඳුනාගත්තේ Apple Security Engineering කණ්ඩායම සහ Google Threat Analysis Group එක විසින් එකට සිදු කළ විශ්ලේෂණයකින් පසුවයි. මෙය සාමාන්‍ය cyber crime එකකට වඩා, ඉතා සංවිධානාත්මක සහ උසස් තාක්ෂණික හැකියාවන් භාවිතා කරන කණ්ඩායම් සම්බන්ධ විය හැකි ආක්‍රමණයක් බවට ඉඟි කරනවා.

එයට සමකාලීනව Apple සමාගමත් iPhone, iPad, Mac, Apple Watch, Apple TV, Vision Pro සහ Safari බ්‍රවුසරය ඇතුළු තම ecosystem එක ආවරණය වන ලෙස විශාල security updates නිකුත් කළා. විශේෂයෙන් iOS 26 ට පෙර නිකුත් වූ උපාංග මේ අවදානමට ලක්ව තිබුණා.

Zero-day දෝෂයක් කියන්නේ, software නිෂ්පාදකයාටත් ඒ දෝෂය පිළිබඳව දැනගැනීමට පෙර හැකර්කරුවන් එය ක්‍රියාත්මක කරන තත්ත්වයක්. මෙවැනි දෝෂ හරහා spyware ස්ථාපනය කිරීම, පුද්ගලික දත්ත සොරකම් කිරීම, හෝ උපාංගයට අනවසර ප්‍රවේශ ලබාගැනීම වැනි ගැටලු ඇති වෙනවා. බොහෝ අවස්ථාවලදී, මෙවැනි ආක්‍රමණ මාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ විශේෂ පුද්ගලයන් ඉලක්ක කරගෙන සිදු කරන බවත් සඳහන් වෙනවා.

ඒ නිසාම, Google සහ Apple යන සමාගම් දෙකම පරිශීලකයන්ට තම උපාංග සහ බ්‍රවුසර වහාම නවතම updates ලබාගන්න ලෙස අවධාරණය කරනවා. Auto update සක්‍රිය කර තබාගැනීම සහ නිතිපතා security updates install කිරීම, අද කාලයේ සයිබර් අවදානම් වලින් ආරක්ෂා වීමට ඇති හොඳම ක්‍රමයක් බව පැහැදිලියි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...