Home Games ප්‍රියතම පරිගණක ක්රීඩා 3ක් අලුත් වෙයි Grand Theft Auto Trilogy – The Definitive Edition.
GamesTech News

ප්‍රියතම පරිගණක ක්රීඩා 3ක් අලුත් වෙයි Grand Theft Auto Trilogy – The Definitive Edition.

Share
blank
Share

rumors කිහිපයකටම පස්සේ Rockstar Games ආයතනය පසුගියදා තහවුරු කරා ඔවුන්ගේ සුප්‍රසිද්ධ Grand Theft Auto III, Vice City, සහ San Andreas යන පරිගණක ක්‍රීඩා තුන HD remaster කරල නිකුත් කරන්න යන බව. මේ remastered කරපු games තුනම “Grand Theft Auto: The Trilogy – The Definitive Edition” කියල එකම package එකකට දාල නිකුත් කරන්නයි ඔවුන් සූදානම් වෙන්නේ. මේ පරිගණක ක්‍රීඩා එකතුව PC, PlayStation, Xbox සහ Nintendo Switch වලට නිකුත් වෙන්න නියමිතයි. 2022 මුල් භාගයේදී මේ games තුන iOS සහ Android mobile devices වලටත් නිකුත් කරන්න සැලසුම් කරගෙන ඉන්නවා. තවම නිල වශයෙන් මේ remastered editions වල මිල ගණන් සහ නිකුත් වෙන දිනයන් ප්‍රකාශ කරල නෑ.

Rockstar ආයතනය තවමත් ප්‍රකාශයක් සිදු කරල නෑ මොන වගේ තාක්ෂණික වැඩිදියුණු කිරීම් මේ remastered වලින් දකින්න පුලුවන් වෙවිද කියලා, ඒ වගේම කිසිම gameplay footage එකකුත් නිකුත් කරල නෑ. ඒත් කියල තියනව games තුනේම graphics වැඩි දියුණු කරල තියනව වගේම දැන් එන අලුත් games වල දකින්න පුලුවන් gameplay mechanics අන්තර්ගත කරල තියනව කියලා. Rockstar ආයතනය මේ legendary games නිකුත් වුන PS2 වලදි දකින්න ලැබුන unique පෙනුමට වැඩි වෙනසක් කරන්න සූදානමක් නෑ කියල ප්‍රකාශ කරල තියනවා. මේ තීරණය මේ ක්‍රීඩා කාලෙකට කලින් play කරල නැවත තමන්ගෙ මතකය අලුත් කරගන්න සූදානම් වෙන පිරිස් වලට හොඳ ආරංචියක් වේවී.

මේ ලිපිය කියවන ඔයා කවදාවත් මේ games play කරල නැතිනම් ඔයාට ලෝකයේ පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනස් කරපු games ටිකක් miss වෙලා තියනවා. මේක හොඳ අවස්ථාවක් මේ games play කරල ඒ අත්දැකීම ලබාගන්න. GTA V වල වගේ කතාවේ ප්‍රධාන චරිත අතර මාරු වෙන්න අවස්තාව මේ games වල නැති උනත් GTA 3 වල Claude, Vice City වල Tommy Vercetti සහ San Andreas වල CJ කියන චරිත වල කතාවත් මාර රසවත්.

මේ remastered collection එක ගැන තවත් විස්තර ඉදිරි සති වලදි බලාගන්න පුලුවන් වේවි. මේ collection එක නිකුත් වෙන්න කලින් Rockstar ආයතනයේ digital stores වලින් මේ games තුනේ පරණ versions ඉවත් කරනව කියලත් ඔවුන් ප්‍රකාශ කරනවා.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...