Home Tech News Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?
Tech News

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

Share
blank
Share

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම් පද්ධතියට Microsoft සමාගම ලබා දෙන Official Support එක 2025 ඔක්තෝබර් 14 වන දින නතර කරන ලදී. මෙයින් ඉදිරියේදී ආරක්ෂක යාවත්කාලීන (Security Updates) හෝ තාක්ෂණික සහාය windows 10 සදහා ලබා නොදෙයි. නමුත් මෙයින් අදහස් කරන්නේ ” Windows 10 භාවිතා කිරීමට නොහැකිය ” යන්න නොවේ – ඔබට තවමත් එය භාවිතා කළ හැකිය, නමුත් ආරක්ෂාව පිලිබද අවදානමක් තිබෙනවා.

ඔබට මෙම තත්ත්වය සඳහා ගත හැකි විකල්ප කිහිපයක් තියෙනවා. පළමුවැන්න වන්නේ Microsoft සමාගමේ Extended Security Updates (ESU) වැඩසටහනට ලියාපදිංචි වීමයි. මෙමගින් තවත් වසර තුනක් පමණ ආරක්ෂක යාවත්කාලීන ඔබට මුදල් ගෙවා ලබා ගත හැකිය, දෙවැන්න වන්නේ Windows 11 වෙත upgrade වීමයි – මෙය දැනටමත් Windows 10 පරිශීලකයන්ට නොමිලේ ලබා ගත හැකි අවස්ථාවක් වන අතර ආරක්ෂක යාවත්කාලීන සහ නව විශේෂාංග Windows 11 මගින් ලබා ගත හැකී. නමුත් ඔබගේ පරිගණකයේ දෘඪාංග (Hardware) Windows 11 සඳහා මදි නම්, ඔබගේ Hardware Upgrade කරන්න සිදුවේවි.

තවද Windows 11 install කිරීමට අවශ්‍ය requirement bypass කර ස්ථාපනය කිරීම තරමක් දුරට අනුමත කළ හැකි විකල්ප ක්‍රමයකි – මෙය Windows 10 ආරක්ෂාවක් නොමැතිව භාවිතා කිරීමට වඩා හොද විය හැකිය.ඔබට ඇති තවත් විකල්පයක් වන්නේ Linux Mint, Zorin OS වැනි Windows අතුරුමුහුණතට සමාන Linux පදනම් කරගත් , Windows apps Run කල හැකි මෙහෙයුම් පද්ධතියක් භාවිතා කිරීමයි. මෙම OS සම්පූර්ණයෙන්ම නොමිලේ බාගත කිරීමටෙ හැකි වීම තවත් එක් වාසියකි.

කෙසේ වෙතත්, ඔබ මෙතෙක් Windows 10 යාවත්කාලීන නොකර Update Off කර භාවිතා කර ඇත්නම්, ඔබ නිතරම crack software භාවිතා කරන්නේ නම්, හෝ අනාරක්ෂිත වෙබ් අඩවි වෙත නිතර පිවිසෙන්නේ නම්, පරිගණක ආරක්ෂාව පිළිබඳව ඔබ විශේෂයෙන් සැලකිලිමත් නොවේ නම්, මෙම ගැටලුව ඔබට එතරම් බලපාන්නේ නැත. ඔබට කලින් මෙන් Windows 10 දිගටම භාවිතා කළ හැකිය. නමුත් ඔබගෙ දත්ත වල ආරක්ෂාව පිලිබදව සිතන්නේ නම් , මාර්ගගත ගනුදෙනු සිදු කරන්නේ නම්, හෝ සංවේදී තොරතුරු සමඟ වැඩ කරන්නේ නම්, පරිගණකයෙන් ප්‍රධාන ආදායම ලබන අයෙක් නම් ඔබ ආරක්ෂිත ඔබට සුදුසු විකල්පයකට මාරුවීම අනිවාර්යයෙන්ම කල යුතුවේ.

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

ලොව පළමු Robot Smartphone එක Honor වෙතින්

ජංගම දුරකථන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් එක් කරමින් Honor සමාගම නවතම සංකල්පයක්...

අලුතෙන් Redesign උනු YouTube

Google විසින් YouTube video player එකට අලුත්ම redesign එකක් නිකුත් කරලා තියෙනවා....

විශාල Security breach එකකට ලක්වුනු Discord

Discord කියන ලෝක ප්‍රසිද්ධ chat app එක අලුත් security ගැටලුවකට මුහුණ දීලා...