Home Tech News විශාල Security breach එකකට ලක්වුනු Discord
Tech News

විශාල Security breach එකකට ලක්වුනු Discord

Share
blank
Share

Discord කියන ලෝක ප්‍රසිද්ධ chat app එක අලුත් security ගැටලුවකට මුහුණ දීලා තියෙනවා.  සමාගම විසින් තහවුරු කරලා තියෙන විදියට, හැඳුනුම්පත් (Government ID) ඡායාරූප 70,000කට වැඩි ප්‍රමාණයක් අන්තර්ජාලයට නිකුත් වෙලා තිබෙනවා.

Discord විසින් මෙම ID පින්තූර එකතු කරන්නේ තමන්ගේ “identity verification” ක්‍රියාවලියට. හැබැයි දැන් මේ system එක පරිශීලකයන්ගේ විශ්වාසය බිඳලා දැම්මා කියලා කියන්නත් පුළුවන්.

Discord සමාගම පැවසුවේ, මෙම තොරතුරු “third-party verification service” එකකින් leak වූ බවයි. ඒ කියන්නේ, Discord හි මූලික server එකක් hack කරලා නෙවෙයි මේ data leak එක වෙලා තියෙන්නෙ. හැබැයි එයාලා භාවිතා කළ සේවාවක් hack වීම නිසා මේ breach එක සිදු වෙලා තියනවා. මේ leak එකෙන් ID පින්තූර, නම, සහ email ලිපින වගේ සංවේදී තොරතුරු රැසක් leak වෙලා තියනවා.

මෙම අවස්ථාවට පස්සේ Discord කියලා තියෙන්නේ ඔවුන් දැන් දත්ත ආරක්ෂණය සඳහා වැඩි පියවර ගන්නවා කියලා. ඒ වගේම, ID එක verify කරලා තිබුණු පරිශීලකයන්ට warning emails යවා, ඔවුන්ගේ accounts වෙනස් වීමක් හෝ අනවසර ඇතුල්වීමක් වෙලා නැද්ද කියලා පරික්ෂා කරන ලෙසත් දැනුම් දීලා තියෙනවා.

ඉතින් ඔයා Discord එකට තම ID verify කරලා තියෙන අයෙක් නම්, දැන්මම තමන්ගේ email security check කරලා බලන්න, අනවසර ඇතුල් වීමක් තියෙනවද කියලා බලන්න, වගේම phishing emails ගැන වඩාත් සැලකිලිමත් වෙන්න. 

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...