Home Tech News Grok AI නොමිලේ ලැබෙයිද?
Tech News

Grok AI නොමිලේ ලැබෙයිද?

Share
blank
Share

X ඇප් එකෙ තියන Grok AI model එක ගැන මීට කලින් ලිපියකින් අපි ඔබව දැනුවත් කලා. Elon Musk ගෙ සමාගමක් වන xAI සමාගමෙන් තමයි මේ Grok සංවර්ධනය කරන්නෙ. මේ AI model එකත් ChatGPT වගෙ ඕනෑම දෙයක් දැනගන්න වගේම image generate කරන්නත් භාවිතා කරන්න පුලුවන්.

මෙච්චර කාලයක් මේ Grok model එක X ඔස්සෙ භාවිතා කරන්න පුලුවන් උනේ premium සංස්කරණ භාවිතා කරන පරිශීලකයන්ට පමනයි. ඒත් අලුත්ම වාර්තා වලට අනුව X සමාගම එය නොමිලේ ලබාදෙන්න සූදානම් වෙනවා. නමුත් තවමත් මෙය X සමාගමෙන් තහවුරු කර නැහැ. ඒත් විවිධ වාර්තා වලට අනුව මේ විදියට Grok AI නොමිලේ භාවිතා කරන්න පරිශීලකයන්ට දවස් හතක්වත් පරන X ගිණුමක් තියෙන්න ඕනෙ වගේම එයට තමන්ගෙ දුරකතනය එක්කර තිබිය යුතු වෙනවා.

ඒ විදියට අවශ්‍ය සුදුසුකම් සපුරා තිබෙන පරිශීලකයන්ට Grok AI සීමාසහිතව භාවිතා කරන්න පුලුවන්. ඒ කියන්නෙ පරිශීලකයන්ට Grok-2 model එකෙන් ප්‍රශ්න 10 ක් අහන්නත් Grok-2 mini model එකෙන් ප්‍රශ්න 20ක් අහන්නත් පුලුවන්. ඒවගේම දවසකට නොමිලේ ලබාදෙන්නෙ images තුනක් generate කරන්න විතරයි.

මේ අලුත් Grok-2 සහ the Grok-2 mini models කියන්නෙ මෑතකදි හදුන්වා දුන්න ගොඩක් කාර්යක්ශම AI models දෙකක්. සමහර කාර්යයන් වලින් මේ මොඩ්ල් එක ChatGPT සහ Claude AI යන chatbot දෙකටම වඩා ඉදිරියෙන් ඉන්නවා. මේ Grok AI chatbot යාවත්කාලීන දත්ත ලබාගන්නෙ X සමාජ මාද්‍ය ජාලයේ ඇති තොරතුරු වලිනුයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...