Home Tech News X සමාගමේ Grok AI මොඩ්ල් එක
Tech News

X සමාගමේ Grok AI මොඩ්ල් එක

Share
blank
Share

AI තාක්ශණ තරගයෙන් ඉදිරියට එන්න මේ කාලයේ සෑම සමාගමක්ම උත්සහ කරනවා. ඉතින් පසුගිය වසරෙ Elon Musk විසින් xAI නමින් සමාගමක් මේ නිසාම ආරම්භ කලා. එම සමාගමෙන් වැඩිදියුනු කර නිකුත් කරන AI model එක තමයි Grok කියන්නෙ.

ඉතින් පසුගිය දිනක Grok AI model එකෙ දෙවෙනි සංස්කරණය එනම් Grok 2 සහ Grok 2 mini නිකුත් කලා. මේ අලුත් සංස්කරණයෙ විශේෂත්වය වෙන්නෙ මෙහි image generation පහසුකම අඩංගු කර තිබෙනවා. X ඇප් එක හරහා මේ පහසුකම අත්විදින්න පරිශීලකයන්ට පුලුවන්. නමුත් දැනට මෙය ලබාදෙන්නෙ X ඇප් එකෙ premium හෝ premium+ සංස්කරණ මිලදී ගෙන සිටින පරිශීලකයන්ට පමනයි.

X beta සංස්කරණ බාවිතා කරන පරිශීලකයන්ට දැන් මෙම අලුත් AI model එක බාවිතා කර බලන්න පුලුවන්. Image generation සදහා මේ ලබාදී තිබෙන early access පහසුකමේදී X සමාගම නීති රෙගුලාසි කිසිවක් ඇතුලත් කර නොමැති බව පෙනෙන්න තිබෙනවා. එනම් generate කලහැකි images අතර මේ වනවිට පරිශීලකයන් දේශපාලනය සම්බන්ධ ඡායාරූප නිර්මානය කර ඒවා X සමාජ මාධ්‍ය හරහාම ප්‍රසිද්ධ කර තිබෙනවා. කෙසේනමුත් ඇමරිකානු ජනාධිපතිවරණය ඉදිරි මාස කිහිපයෙදි පැවැත්වෙන නිසා X සමාගමට image generation restrictions පැනවීමට බොහෝවිට සිදුවෙනවා ඇති.

මෙම Grok AI image generation සදහා යොදාගන්නෙ Flux.1 AI මොඩ්ල් එකයි. Image generation පහසුකමට අමතරව Grok AI මගින් කෝඩ් ලිවීම, සාරාංශගත කිරීම වැනි කාර්යයන් සදහාත් වඩාත් යෝග්‍ය බව දැනගන්න ලැබෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...