Contact Information

WhatsApp Us

iOS 15 සමග හඳුන්වාදෙන අලුත්ම features.

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

Apple සමාගම තමන්ගෙ අලුත්ම software හඳුන්වාදෙන Developer Conference එක වෙන WWDC පසුගිය 7 වෙනිදා ආරම්භ කරා. iOS, iPadOS, MacOS සහ WatchOS ඇතුලු තවත් software ‍රාශියක නව අංගයන් හඳුන්වාදීම මෙහෙදී සිද්ද වුනා. ලංකාවෙ විශාල පිරිසක් භාවිතා කරන iOS වල අලුත්ම version එක වෙන iOS 15 වලට අලුතින් එක් වෙන features පිලිබඳව මේ ලිපියෙන් අපි කතා කරමු.

Notifications

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

iOS 15 වලදි iOS notifications පෙන්වන විදිහ සම්පූර්ණයෙන් redesign කරල තියනවා.

අලුත් Notifications වලදි ලොකු app icons සහ contact photos යොදාගෙන notifications පෙන්නනවා. ඒ වගේම අලුත් Notification Summary එකේදි user එක් එක් App එකත් එක්ක interact වෙන විදිහ සහ මූලිකත්වය අනුව notifications පෙන්වන්නත් කටයුතු කරල තියනවා.

FaceTime

iOS වල FaceTime පහසුකමටත් අලුත් අංගයන් කීපයක්ම එක් වෙලා තියනවා. Group Video Call එකක් ගනිද්දි call එකේ participants ල grid view එකකින් පෙන්වන්නත් එක් එක් participant ව පැහැදිලිව පෙනීමට portrait mode එකකුත් අලුතින් එකතු වෙලා තියනවා. ඒ වගේම අලුතින් Spatial Audio පහසුකමත් FaceTime වලදි දකින්න පුලුවන් වේවි, මේ නිසා video call එකේ ඉන්න අයගෙ video එක screen එකේ තියන තැන අනුව එතනින් ඒ හඬ එනව වගේ හැඟීමක් ඇති කරන්න මේ එක්ක හැකි වෙනවා.

තවත් අලුත් දෙයක් වෙන්නෙ FaceTime call දැන් කාත් එක්ක උනත් link එකක් මාර්ගයෙන් share කර ගැනීමේ හැකියාවයි. මේ විදිහට link මාර්ගයෙන් join වෙන්න පුලුවන් Apple device වලට පමණක් නෙවෙයි, Windows සහ Android device වලට පවා link එකක් මාර්ගයෙන් එන FaceTime call වලට දැන් join වෙන්න පුළුවන්.

Focuses

iOS 15 වලට එකතු වෙන තවත් අලුත් feature එකක් තමා “Focus”. මේක භාවිතා කරල user ට එක එක විදිහට customize උන profile වගේ දෙයක් හදාගන්න පුළුවන්. මේ Focus mode ඇතුලෙ ඉද්දි අපි allow කරපු apps වල notifications විතරයි අපිට පෙන්වන්නෙ. ඒ වගේම එක් එක් Focus mode ඇතුලෙ home page එකේ අපිට පෙන්වන්න ඕන Apps සහ Widgets පවා අපිට මේකෙදි තෝරන්න පුළුවන්. User ට අවශ්‍ය විදිහට Custom Focus හෝ Suggest කරන Focus හරි තෝරගන්න අවස්ථාව ලැබෙනවා. මේකෙ විශේෂ දේ තමයි iPhone එකකින් මේ Focus Mode එක තෝරපුවහම ඒ iCloud Account එකත් එක්ක connect කරල තියන අනිත් Apple devices පවා ඒ Focus mode එකට automatically sync වීමයි.

Photos

Photos වලට අලුතෙන් “Live Text” කියල පහසුකමක් එකතු වෙලා තියනවා. ඒකෙන් Photos වල තියන Text අපිට select කරන්න සහ copy කරගන්න අවස්තාව ලැබෙනවා (හරියට Google Photos සහ Google Lens වගේ). මේ Live Text පහසුකම Apple News වලටත් සහය දක්වනවා.

Photos වලට එක්වුන තවත් අලුත් දෙයක් තමයි Memories, Spotlight ආකාරයට ඉදිරිපත් කිරීම, ඒ වගේම ඒ Memories වලට Apple Music සේවාවෙන් ගැලපෙන ගීත ඇතුලත් කරන්නත් පහසුකම දීල තියනවා.

Wallet

iOS Wallet App එකට අලුතින් keys වර්ග කීපයක්ම එකතු වෙලා තියනවා. ආයතනික යතුරු, Hotel key cards වගේම smart lock keys මේ විදිහට අලුතෙන් Wallet එකට එකතු කරගන්න පුලුවන්. ඒ වගේම ඇමරිකාව ඇතුලෙ ID Card එක පවා Wallet එකට ඇතුලත් කරගන්න හැකියාව ලබාදීල තියනවා.

Weather

iOS Weather app එක සම්පූර්ණයෙන් redesign කරල තියනව iOS 15 වලට එද්දි. in-app map එකක්, සූර්‍යයා තියන තැන අනුව සහ කාලගුණය අනුව වෙනස් වෙන background එකක් අලුතෙන් එකතු වෙලා තියනවා. මේ background එකට එක් එක් කාලගුණ තත්ව දහස් ගණනක වෙනස් වීම් පෙන්වන්න පුළුවන් කියලයි WWDC එකේදි සඳහන් කරේ. ඒ වගේම වැස්ස වගේ දෙයක් පටන් ගන්නෙ හෝ නවතින්නෙ කොයි වගේ වෙලාවකද කියල notifications මගින් දැනුම් දෙන්නත් මේ අලුත් Weather app එකට පුළුවන්.

Maps

අලුත් උන Maps වල තෝරාගත් නගර කිහිපයක වඩාත් හොඳ 3D view එකක් එකතු කරල තියනවා. අලුත් night-time mode එකක් සහ මාර්ග විස්තරත් හොඳින් පෙන්වන්න අලුත් කරපු Maps app එකට පුළුවන්. අලුත් iOS 15 එක්ක AR තාක්ශණය යොදාගෙන පාරවල් වලින් හැරවෙන්න ඕන තැන්, විවිධ ස්ථාන තියෙන තැන් වගේ විස්තරත් පෙන්වන්න Maps වලට හැකියාව ලැබෙනවා.

Safari

Safari web browser එකටත් අලුත් design එකක් එකතු වෙලා තියනවා. පහසුවෙන් ලඟා විය හැකි controls, Tabs අතර පහසුවෙන් මාරු විය හැකි tab bar එකක් වගේම වෙනත් Apple device වලින් පවා access කරන්න පුලුවන් tab groups මේ අලුත් version එකේදි අපිට බලාගන්න පුළුවන්. පලවෙනි වතාවට iOS Safari app එක extension සඳහාත් පහසුකම් දක්වනව කියලයි සඳහන් වෙන්නෙ. Voice search පහසුකමත් අලුතෙන් ලබාදීලා තියනවා.

වෙනත් විශේෂාංග

iOS 15 එක්ක වෙනත් minor features රාශියක් හඳුන්වාදෙන්න Apple සමාගම ලෑස්ති වෙනවා. Apps අතර drag and drop පහසුකම, අලුත් Memoji outfits, විවිධ contents, messages හරහා share කරන ආකාරයත් අලුත් වෙලා තියනවා. Google Now වගේ Spotlight කියල අලුත් පහසුකමකුත් Apple සමාගම iOS වෙනුවෙන් හඳුන්වලා දෙන්න සූදානම් වෙනවා.

Apple සමාගම privacy ගැන වැඩි අවධානයක් යොමු කරනවා. අලුත් iOS 15 එක්ක User විසින් ලබාදෙන voice commands ගොඩක් device එක ඇතුලෙම process කරන්න iPhone එකට හැකියාව ලැබේවි. ඒත් එක්ක අන්තර්ජාල පහසුකම නැතුව පවා Siri ට commands රාශියක් ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබෙන බවයි WWDC එකේදි සඳහන් කරේ. මේ සියල්ල user ගෙ privacy ආරක්ෂා කරන්න ගත් පියවරයන් බවයි Apple සමාගම සඳහන් කරන්නෙ

iOS 14 ලබාගැනීමට හැකිවූ සියලු Apple දුරකථන වලට iOS 15 ද සහය දක්වනවා, ඒ කියන්නෙ iPhone‌ 6S වලින් පසුව නිකුත් වූ සියලු iPhones වලට මේ අලුත් iOS සංස්කරණය නිකුත් වෙනව කියන එකයි. iOS 15 නිකුත් උනාට පසුවත් iOS 14 සඳහා security updates නිකුත් කරන බව Apple සමාගම දැනුම් දීල තියනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *