
අලුත්ම වාර්තා වලට අනුව චීන ස්මාට්ෆෝන් වෙලදපොලෙන් 15%ක market share එකක් Huawei සමාගමේ HarmonyOS එක ලබාගෙන තිබෙනවා. ඒ 2024 තුන්වන කාර්තුවේ අලුත්ම දත්ත වාර්තා වලට අනුවයි. Huawei සමාගම මේ විදියට market share එක වැඩි කරගත්තෙ ඔවුන්ගෙ අලුත්ම HarmonyOS NEXT නිකුත් කිරීමත් එක්කමයි.
මේ අලුත් HarmonyOS NEXT නිකුත් කරන්න කලින් Huawei සමාගමේ market share එක විදියට තිබුනෙ 13%ක අගයක්. ඇපල් සමාගම තවමත් ඔවුන්ගේ 15%ක market share එක දිගටම පවත්වාගෙන යනවා. ඒ උනත් Android OS එක පසුගිය වසරෙදි 72%ක් ලෙස තිබුනු market share එක මේ වනවිට 70%ක් ලෙස අඩු වෙලා තිබෙනවා.

මේ විදියට Huawei සමාගමෙ market share එක වැඩිවෙන්න චීනයේ වෙනත් රජයේ සහ පෞද්ගලික සමාගමුත් උදව්වක් වෙනවා. සමහර චීන සමාගම් ඔවුන්ගේ සේවකයන්ට iPhone භාවිතා කරන එක තහනම් කරල තියනවා. ඒවගේම තවත් බොහොමයක් සමාගම් චීනයේ නිශ්පාදිත ජංගම දුරකතන භාවිතා කරන්න දිරිගැන්වීම් කරල තියනවා.
කොහොමවුනත් අලුත් HarmonyOS NEXT එක ජනප්‍රිය වෙන්න තවත් හේතුවක් තමයි අනෙක් OS දෙකට වඩා හොද security features, AI features සහ වඩා හොද UI experience එකක් HarmonyOS NEXT එකෙ තියන එක. මීටකලින් HarmonyOS එකත් එක්ක Android apps සහය දැක්වූවා. නමුත් දැන් HarmonyOS NEXT එක සදහාම නිර්මානය කරපු ඇප් පමනයි වැඩ කරන්නෙ.
HarmonyOS දැන් Android සහ iOS සමඟ ලෝකයෙ smartphone market එක බෙදා ගැනීමට සූදානම් බව පේන්න තියනවා. එය තවදුරටත් ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ සටනක් නෙවේ. වඩා හොඳ යෙදුම් විශේෂාංග සහ හැකියාවන් සමඟ, HarmonyOS ඉක්මනින් චීනයේ විශාලතම ස්මාර්ට්ෆෝන් මෙහෙයුම් පද්ධතිය බවට පත්වෙන්න වැඩිකලක් ගතවෙන්නෙ නැතිවෙයි.
Leave a Reply