Home Tech News Smartphone වෙළදපොල ජයගන්න සැරසෙන HarmonyOS NEXT
Tech News

Smartphone වෙළදපොල ජයගන්න සැරසෙන HarmonyOS NEXT

Share
blank
Share

අලුත්ම වාර්තා වලට අනුව චීන ස්මාට්ෆෝන් වෙලදපොලෙන් 15%ක market share එකක් Huawei සමාගමේ HarmonyOS එක ලබාගෙන තිබෙනවා. ඒ 2024 තුන්වන කාර්තුවේ අලුත්ම දත්ත වාර්තා වලට අනුවයි. Huawei සමාගම මේ විදියට market share එක වැඩි කරගත්තෙ ඔවුන්ගෙ අලුත්ම HarmonyOS NEXT නිකුත් කිරීමත් එක්කමයි.

මේ අලුත් HarmonyOS NEXT නිකුත් කරන්න කලින් Huawei සමාගමේ market share එක විදියට තිබුනෙ 13%ක අගයක්. ඇපල් සමාගම තවමත් ඔවුන්ගේ 15%ක market share එක දිගටම පවත්වාගෙන යනවා. ඒ උනත් Android OS එක පසුගිය වසරෙදි 72%ක් ලෙස තිබුනු market share එක මේ වනවිට 70%ක් ලෙස අඩු වෙලා තිබෙනවා.

මේ විදියට Huawei සමාගමෙ market share එක වැඩිවෙන්න චීනයේ වෙනත් රජයේ සහ පෞද්ගලික සමාගමුත් උදව්වක් වෙනවා. සමහර චීන සමාගම් ඔවුන්ගේ සේවකයන්ට iPhone භාවිතා කරන එක තහනම් කරල තියනවා. ඒවගේම තවත් බොහොමයක් සමාගම් චීනයේ නිශ්පාදිත ජංගම දුරකතන භාවිතා කරන්න දිරිගැන්වීම් කරල තියනවා.

කොහොමවුනත් අලුත් HarmonyOS NEXT එක ජනප්‍රිය වෙන්න තවත් හේතුවක් තමයි අනෙක් OS දෙකට වඩා හොද security features, AI features සහ වඩා හොද UI experience එකක් HarmonyOS NEXT එකෙ තියන එක. මීටකලින් HarmonyOS එකත් එක්ක Android apps සහය දැක්වූවා. නමුත් දැන් HarmonyOS NEXT එක සදහාම නිර්මානය කරපු ඇප් පමනයි වැඩ කරන්නෙ.

HarmonyOS දැන් Android සහ iOS සමඟ ලෝකයෙ smartphone market එක බෙදා ගැනීමට සූදානම් බව පේන්න තියනවා. එය තවදුරටත් ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ සටනක් නෙවේ. වඩා හොඳ යෙදුම් විශේෂාංග සහ හැකියාවන් සමඟ, HarmonyOS ඉක්මනින් චීනයේ විශාලතම ස්මාර්ට්ෆෝන් මෙහෙයුම් පද්ධතිය බවට පත්වෙන්න වැඩිකලක් ගතවෙන්නෙ නැතිවෙයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...