OpenAI සමාගමෙන් ඔවුන්ගේ ඊලග AI model එක වන දැනට කේතනාමයෙන් හදුන්වන Orion මේ වසරෙ නිකුත් කරනවා කියල පැවසුවාට ඔවුන් එය කල්දමා තිබෙනවා. ඒ වෙනුවට ලබන ජනවාරි මාසයෙදි ඔවුන් නිකුත් කරන්න සූදානම් වෙනවා AI agent වැඩසටහනක්. ඒක නම් කරල තියෙන්නෙ Operator යන නමින්. දැනට දැනගන්න ලැබෙන වාර්තා වලට අනුව මේ වැඩසටහනට අපි දෙන විධානය අනුව ස්වයංක්‍රීයව පරිගණකයෙ හෝ web browser එකෙ වැඩ කරන්න පුලුවන්.
මෙ AI agent වැඩසටහන් හරියට අපෙ දුරකතන වල තියන Gemini, Google Assistant සහ Siri වගෙ අපෙ විධාන වලට පරිගණකයෙ විවිධ කාර්යයන් කරන්න නිර්මානය කරල තියෙන්නෙ. OpenAI සමාගම මෙම අලුත් AI agent වැඩසටහන මුලින්ම සංවර්ධකයන්ට තමයි නිකුත් කරන්න සූදානම් වෙලා ඉන්නෙ.

ChatGPT ජනප්‍රිය උනාට පස්සෙ දැන් බොහොමයක් සමාගම් සැරසෙන්නෙ action-driven agents නිර්මානය කරන්නයි. මීට දින කිහිපයකට කලින් Anthropic සමාගම ඔවුන්ගේ AI agent වැඩසටහන නිකුත් කලා. ඒවගේම අනෙකුත් සමාගම් නිකුත් කරන්න සූදානම් වෙලා ඉන්න AI වැඩසටහන් දිහා බලපුවම පෙනෙන්නෙ ලබන 2025 වසර AI agent විශාල ප්‍රමානයක් නිකුත් වෙන වසරක් විදියටයි.
Google සමාගම මේ වනවිට ඔවුන්ගේ AI agent වැඩසටහන වෙන Jarvis නිකුත් කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒක Chrome extension එකක් විදියටයි නිකුත් වෙන්නෙ. ඒක හරියට Arc browser එකෙ තියන Arc Max වැඩසටහන වගෙ. හැම සමාගමක්ම සැරසෙන්නෙ AI තරගෙයෙන් ඉදිරියට යන්න. ලබන වසර AI සම්බන්ද නිපැයුම් වලට විශාල අවධානයක් ලැබෙන වසරක් වේවි.














Leave a comment