Home Tech News Internet WhatsApp වලින් කැමති විදිහට stickers හදන්න පහසුකමක්
InternetTech Newswebsites

WhatsApp වලින් කැමති විදිහට stickers හදන්න පහසුකමක්

Share
Share

මීට දින කිහිපයකට කලින් WhatsApp ආයතනය විසින් WhatsApp web සංස්කරණය සඳහා නිකුත් කෙරෙන sticker maker පහසුකම පිලිබඳ නිවේදනය කරා. මෙවැනි වෙනත් තුන්වන පාර්ශවික සේවා විශාල සංඛ්‍යාවක් තිබුනත් WhatsApp විසින් මේ වගේ පහසුකමක් හඳුන්වලා දෙන පළමු අවස්තාව තමයි මේක. මේ පහසුකම ඉදිරි සති කිහිපයේදී WhatsApp desktop සංස්කරණ සඳහාත් නිකුත් කරන්න සමාගම සූදානම් වෙනව කියල ප්‍රකාශ කරල තියනවා. සමහරවිට මේ ලිපිය පල වෙද්දිත් desktop සංස්කරණ වෙතත් මේ sticker maker පහසුකම නිකුත් කෙරෙමින් තියනව වෙන්නත් පුලුවන්.

මේ built-in Sticker Maker එකෙන් පරිගණකයේ ඇති පින්තූරයක් යොදාගෙන කැමති stickers සාදන්න හැකියාව තියනවා. මේ පහසුකම භාවිතා කරන්න WhatsApp web වලට ගිහින් Attachment icon එක click කරල Sticker තෝරන්න. ඊට පස්සෙ තමන්‍ට අවශ්‍ය පින්තූරය upload කරගන්න පුලුවන්. upload උනාට පස්සෙ පින්තූරයේ අවශ්‍ය කොටස් කපාගන්න outline එක සළකුනු කරන්න පුලුවන්, ඊට පස්සෙ emojis, text සහ වෙනත් WhatsApp stickers පවා මේ layout එක මතට එක් කරගෙන අවශ්‍ය sticker එක සාදගන්න හැකියාව තියනවා.

WhatsApp මේ දවස්වල message එකක් delete කරන්න ලබාදෙන කාලය වැඩි කිරීමටත් පරීක්ෂණ කරගෙන යනවා. දැන් තියන තත්වය හැටියට user කෙනෙක්ට තමන් යවපු message එකක් පැය 1යි විනාඩි 8යි තත්පර 16ක් ඇතුලත delete කරන්න පුලුවන්. ඉදිරියට එන update එකකින් ඒ කාලය දවස් 7යි විනාඩි 8ක් දක්වා දීර්ඝ කරන්න WhatsApp බලාපොරොත්තු වෙනව කියල වාර්තා වෙනවා. මේ පහසුකම තවමත් සංවර්ධනය වෙමින් පවතින නිසා මේ කාලය සමහරවිට ඉදිරියේදී වෙනස් වෙන්නත් පුලුවන්.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

6 Comments

  • Me option okkoma thiyna telegram ai minissu atharata whatsapp tharam noayanne kiyana ekai prashne. Botla godak inna nisa godaak wadakatayuthu pahasuwen karanna puluwan eeken. Telegram walata status wage facility ekak awoth mata hithenawa telegram minissunta tawa samipa wei kiyala.

    • telegram wala aulakata thiyenne eke ape User name eka pawichchi karala apiwa lesiyenma hoya ganna puluwan.thawa eke thiyena groupwalata inna participantsla ganana godak wadine.

      • එහෙම හොයාගන්නවට අකමැති නම් username නොදා ඉන්න පුලුවන්. අනික whatsapp වල අපි ඉන්න group වල membersලට අපේ mobile number එක පෙන්නනවා. ඒත් Telegram වල අපිට ඒක නොපෙන්නන් විදිහට හදාගන්න පුලුවන් නිසා participantsලා වැඩි එකෙන් වාසියක් මිසක් අවාසියක් වෙන්නෙ නෑ

Leave a Reply to Resandu MarasingheCancel reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...