Home Tech News තවමත් භාවිතා වෙන ෆ්ලොපි ඩිස්ක්
Tech News

තවමත් භාවිතා වෙන ෆ්ලොපි ඩිස්ක්

Share
blank
Share

පරිගණකය භාවිතා කරන්නත් හොඳින් දන්නා සේව්(Save) අයිකනයෙන් නිරූපණය කෙරෙන්නේ, හැත්තෑව දශකයේ භාවිතයට විත්, තවමත් භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව නැති ෆ්ලොපි ඩිස්කයයි. අනූව දශකයේදී අන්තර්ජාලය, වයිෆයි හෝ බ්ලූටූත් හෝ යනාදී සන්නිවේදන තාක්ෂණ නොතිබුනු නිසා, පරිගණක දෙකක් අතර ෆයිල් හුවමාරු කිරීමට තිබූ ප්‍රකටම ක්‍රමය ෆ්ලොපි ඩිස්ක් භාවිතා කිරීමයි. එනම් ස්නීකර්නෙට් (sneakernet) ක්‍රමයයි.

මෙම ෆ්ලොපි ඩිස්ක් තාක්ෂණය සොයා ගත්තේද, 1971දී ලොව පළමු වරට ෆ්ලොපි ඩිස්ක් වෙළෙඳ පොළට නිකුත් කළේද අයිබීඑම් සමාගමයි. එතැන් පටන් පරිගණක මෘදුකාංග බෙදාහැරීමේ ප්‍රධාන මාධ්‍යය වූයේ, ෆ්ලොපි ඩිස්ක්.

වින්ඩෝස් 98, ෆ්ලොපි ඩිස්ක්වල රඳවා ලබා ගත හැකිවූ අවසන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය වුනා. එය, ධාරිතාව මෙගාබයිට් 1.68ක් වෙන සේ විශේෂයෙන් සැකසූ අඟල් 3.5 විෂ්කම්භය ඇති ෆ්ලොපි ඩිස්ක් 39ක රඳවා තිබුණා. එහෙත් වින්ඩෝස් 10 හෝ 11 මෙහෙයුම් පද්ධතිය සමඟ, ෆ්ලොපි ඩිස්ක් ධාවනය කිරීමට අවශ්‍ය මෘදුකාංග සැකැස්ම හෙවත් ෆ්ලොපි ඩිස්ක් ඩ්‍රයිවර්ස්ටත් ලබා දුන්නේ නැහැ.

වර්ෂ 2003දී ඩෙල් සමාගම, ෆ්ලොපි ඩිස්ක් ඩ්‍රයිව් සිය පරිගණකවලට එක් කිරීම නැවැත්වූවාට පසු පසුගිය විසි වසරක ඇවෑමෙන් අද ඒවා ඇති ඩෙස්ක්ටොප් පරිගණකයක් දැක්මත් අඩුයි. එහෙත් ෆ්ලොපි ඩිස්ක් තවමත් සම්පූර්ණයෙන්ම වඳවී ගොස් නැහැ. එක්කෝ ඒවා අදත් භාවිතා කරයි, නැතහොත් ඇතැම් භාවිත නවතා දැමුණේ ඊයේ පෙරේදායි.

ෆ්ලොපි බොයිං සමාගම 1989දී නිපදවූ බොයිං 747 යානාවලට අදත් තොරතුරු ලබා දෙන්නේ ඩිස්ක් ඔස්සේයි. සෑම දින 28කටම වරක් ඉංජිනේරුවන් යානයට අවශ්‍ය ගුවන් තොරතුරු යාවත්කාලීන කරන්නේ ෆ්ලොපි ඩිස්ක් ඔස්සයි.

ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සතු 1970 දශකයේ පටන් නඩත්තු කරමින් පවත්වා ගෙන එන මිසයිල පාලන පද්ධති සෑම එකක් සමඟම පාහේ වසර 2019 වෙන තෙක් තොරතුරු හුවමාරු කල මාධ්‍ය වූයේ ෆ්ලොපි ඩිස්ක්.

රෙදි සහ බුමුතුරුණු විවීමටද, නූල් සහ ගෙත්තම් රටා නිර්මාණය කිරීමටද යොදා ගන්නා යන්ත්‍ර බොහොමයක් විශේෂයෙන් තැනූ පැරණි යන්ත්‍රයි. ප්‍රභූන්ගේ ඇඳුම් ආයිත්තම් නිර්මාණය කිරීමට කෞතුක වටිනාකම ඇති ඇඳුම් ආයිත්නම් පිලිසකර කිරීමට මෙම යන්ත්‍ර භාවිතා කළ යුතුමයි. මේ වා සියල්ලක්ම පාහේ මෙහෙයවන පැරණි පරිගණක යන්ත්‍ර සමඟ තොරතුරු හුවමාරු කරන්නේ, සීඩී/ඩීවීඩී තැටි හෝ ෆ්ලෑෂ් ඩ්‍රයිව් හෝ වයර්ලස් ක්‍රමයට හෝ ඔන්ලයින් ක්‍රමයට ක්ලවුඩ් සේවා වෙතින් හෝ නොවෙයි. ෆ්ලොපි ඩිස්ක් යොදා ගෙනයි.

අද ෆ්ලොපි ඩිස්ක් අලුතින් නිපදවන්නෙක් නැහැ. එහෙත් ලොව පුරා විවිධ තැන්වල ඇති ෆ්ලොපි ඩිස්ක් එකතු කර අවශ්‍ය අයට ඒවා බෙදාහරින එක් තැනැත්තෙක් පමණක් සිටින බව පසුගිය කාලයේ ජාත්‍යන්තර ජන මාධ්‍ය වාර්තා කලා. මෙසේ දිනකට ෆ්ලොපි ඩිස්ක් දහසක් පමන විකුණන්නා වෙන ඇමරිකාවේ, කැලිෆෝනියා ජනපදයේ, ඔරේන්ජ් කවුන්ටිහි වෙසෙන ටොම් පර්ස්කි නමැත්තා, තමා හඳුන්වා ගන්නේ ෆ්ලොපි ඩිස්ක් වෙළෙදාමේ යෙදෙන ලොව අවසන් තැනැත්තා වශයෙන්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...