Press ESC to close

යැවූ පණිවිඩ Edit කිරීමට ඉඩ ලබාදෙන WhatsApp අලුත් Update එක

මීට කාලෙකට පෙර තිබිය යුතු වුනු විශේෂාංගයක් දැන් WhatsApp වෙතින් නිකුත් කරන්න සූදානම් වෙනව. ඒ තමයි පරිශීලකයන් යවා අවසන් වුනු මැසේජස් නැවත එඩිට් කිරීමේ හැකියාව ලබාදීම. මෙය ඉදිරි සති කිහිපයෙදි සියලුම පරිශීලකයන් වෙත ලැබෙනව.

මෙමගින් විනාඩි 15ක් ඇතුලත යැවූ පණිවිඩ නැවත එඩිට් කල හැකි වෙනව. මෙය සිදුකිරීමට කල යුත්තෙ එඩිට් කිරීමට අවශ්‍ය පණිවිඩය මත long press කර එහි එන මෙනු එක තුලින් එඩිට් ඔප්ශන් එක ක්ලික් කිරීමයි.

Get Your Site Up with A2 Hosting

මෙසේ පණිවිඩයක් එඩිට් කිරීමෙන් පසු එහි කුඩාවට edited නමින් ලේබලයක් පෙන්වනව. ඉතින් ඔබේ පණිවිඩය ලබන්නාට මෙය එඩිට් කර ඇති බවට දැකගත හැකි වෙනව. නමුත් ඔවුන්ට එය එඩිට් කිරීමට පෙර තිබූ පණිවිඩය කෙසේවත් දැනගන්න හැකිවෙන්නැ.

WhatsApp මෙම විශේෂාංගය නිකුත් කරන්න කල් ගත්තත් වෙනත් messaging services වල මෙය මීටපෙරත් දක්නට ලැබුන. iOS 16 අප්ඩේට් එක ලැබුනට පස්සෙ  iPhone සහ iPad පරිශීලකයන්ට මෙය iMessage ඔස්සෙ කරගන්න හැකි වුනා. Twitter Blue subscribers සදහා ඔවුන් නිකුත් කල tweet එකක් එඩිට් කිරීමට විනාඩි 30 කාලයක් ලබාදෙනව.

Comments (1)

  • සිතාර සමරනායකsays:

    July 17, 2023 at 4:27 pm

    මේක ඇවිල්ල ටික්ක දවස්. Android වලදි message එක highlight කරල උඩ menu එකෙන් තමයි edit feature එක ගන්න ඕන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *