Home Tech News social media යැවූ පණිවිඩ Edit කිරීමට ඉඩ ලබාදෙන WhatsApp අලුත් Update එක
social mediasoftwareTech News

යැවූ පණිවිඩ Edit කිරීමට ඉඩ ලබාදෙන WhatsApp අලුත් Update එක

Share
Share

මීට කාලෙකට පෙර තිබිය යුතු වුනු විශේෂාංගයක් දැන් WhatsApp වෙතින් නිකුත් කරන්න සූදානම් වෙනව. ඒ තමයි පරිශීලකයන් යවා අවසන් වුනු මැසේජස් නැවත එඩිට් කිරීමේ හැකියාව ලබාදීම. මෙය ඉදිරි සති කිහිපයෙදි සියලුම පරිශීලකයන් වෙත ලැබෙනව.

මෙමගින් විනාඩි 15ක් ඇතුලත යැවූ පණිවිඩ නැවත එඩිට් කල හැකි වෙනව. මෙය සිදුකිරීමට කල යුත්තෙ එඩිට් කිරීමට අවශ්‍ය පණිවිඩය මත long press කර එහි එන මෙනු එක තුලින් එඩිට් ඔප්ශන් එක ක්ලික් කිරීමයි.

මෙසේ පණිවිඩයක් එඩිට් කිරීමෙන් පසු එහි කුඩාවට edited නමින් ලේබලයක් පෙන්වනව. ඉතින් ඔබේ පණිවිඩය ලබන්නාට මෙය එඩිට් කර ඇති බවට දැකගත හැකි වෙනව. නමුත් ඔවුන්ට එය එඩිට් කිරීමට පෙර තිබූ පණිවිඩය කෙසේවත් දැනගන්න හැකිවෙන්නැ.

WhatsApp මෙම විශේෂාංගය නිකුත් කරන්න කල් ගත්තත් වෙනත් messaging services වල මෙය මීටපෙරත් දක්නට ලැබුන. iOS 16 අප්ඩේට් එක ලැබුනට පස්සෙ  iPhone සහ iPad පරිශීලකයන්ට මෙය iMessage ඔස්සෙ කරගන්න හැකි වුනා. Twitter Blue subscribers සදහා ඔවුන් නිකුත් කල tweet එකක් එඩිට් කිරීමට විනාඩි 30 කාලයක් ලබාදෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

1 Comment

  • මේක ඇවිල්ල ටික්ක දවස්. Android වලදි message එක highlight කරල උඩ menu එකෙන් තමයි edit feature එක ගන්න ඕන.

Leave a Reply to සිතාර සමරනායකCancel reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...