Press ESC to close

MSI Z890 Motherboards වල Intel 200S Boost විශේෂාංගය සක්‍රිය කිරීම මගින් Performance වැඩිකරගමු

Intel 200S Boost යනු Intel Core Ultra 200S K-series ප්‍රොසෙසර් සහ Z890 මදර්බෝර්ඩ් සමඟ එක් කළ විට Performance වැඩිදියුණු කිරීමේ විශේෂාංගයකි. මෙය සක්‍රිය කළ විට, Intel 200S Boost මගින් ප්‍රොසෙසරයේ NGU( Next Generation Uncore )සහ D2D frequencies (Die-to-Die) වැඩි කරන අතර, XMP සැකසුම් සක්‍රිය කර system performance ඉහළ නංවයි.

Intel 200S Boost Settings

Intel Core Ultra 9 Processor 285K උදාහරණයක් ලෙස ගනිමු. Intel 200S Boost සක්‍රිය කිරීමෙන් පහත සඳහන් වෙනස්කම් සිදු වේ:

  • NGU frequency 3.2GHz දක්වා ඉහළ යයි
  • D2D frequency 3.2GHz දක්වා ඉහළ යයි
  • XMP enabled 8000MT/s දක්වා වේගයක් සපයයි
  • වෝල්ටීයතා සීමා: CPU SA වෝල්ටීයතාව 1.2V ට වඩා ඉහළ නොයයි; CPU VDD2, DRAM, සහ VDDQ වෝල්ටීයතා 1.4V ට වඩා ඉහළ නොයයි

Intel 200S Boost මගින්– Memory Latency අඩු කිරීම සහ Gaming Performance 16% දක්වා ඉහළට

Intel Core Ultra 9 Processor 285K සහ 8000MT/s 16GBx2 මෙමරි සමඟ, Intel 200S Boost සක්‍රිය කිරීම මඟින් default settings හා සසඳන විට memory latency සැලකිය යුතු ලෙස අඩු කරයි.

1080p resolution හිදී, ඇතැම් ගේම්වල performance පෙරනිමි සැකසුම්(default settings) හා සසඳන විට 6-16%කින් ඉහළ යයි. MSI Memory Extension Mode සමඟ Memory optimization තවදුරටත් වැඩිදියුණු කළ විට, performance 7-20% දක්වා තවත් ඉහළ යයි.

කොහොමද Intel 200S Boost enable කරගන්නෙ ?

MSI Click BIOS X වෙත ගොස්, Default EZ Mode පිටුවෙන් Intel 200S Boost සක්‍රිය කරගන්න පුලුවන්.

සක්‍රිය කිරීමෙන් පසු, XMP සක්‍රිය වන බවත්, runtime overclocking (උදාහරණයක් ලෙස, MSI Center හි CPU performance optimization) අක්‍රිය වන බවත් දැනුම් දෙන පණිවිඩයක් පරිශීලකයාට දිස්වේ.

F10 button එක එබීමෙන් BIOS සැකසුම් save සහ exit සිදු කරන විට, Intel 200S Boost settings adjustments පිළිබඳ සාරාංශයක්(summary) දර්ශනය වේ.

Speed එක වෙනුවෙන් එක්ව කටයුතු කිරීම : අපගේ Memory Partnerships

Intel 200S Boost හි පූර්ණ හැකියාවන් ලබා ගැනීමට වඩාත් උසස් දෘඩාංග(Hardware) පමණක් ප්‍රමාණවත් නොවේ; එයට Motherboard සහ Memory Partnerships (හවුල්කරුවන්) අතර එක්ව කටයුතු කිරීම අවශ්‍ය වේ.

MSI සමාගම Z890 මදර්බෝඩ්වල Intel 200S Boost සඳහා සහය දැක්වීමට, A-DATA, Asgard, BIWIN, GLOWAY, G.SKILL, Kimtigo, KingBank, Kingston, KLEVV, Lexar, MACHENIKE, Predator, Thermaltake, UniWhen, V-Color ඇතුළු ඉහළ පෙළේ වෙලදනාම සමඟ බලවත් සන්ධානයක් ගොඩනඟා ඇත. මෙම Partnerships තුළින්, DDR5 මෙමරි modules 400කට අධික සංඛ්‍යාවක් දැඩි ලෙස පරීක්ෂා කර තහවුරු කර ඇත. මේවා සරලව compatible kits පමණක් නොවේ; ඒවා Intel 200S Boost standards සපුරාලන පරිදි co-engineered, verified, සහ fine-tuned කර ඇති අතර, විශ්වාසයෙන් යුතුව ඉහළ memory performance සහ ස්ථායීතාව ලබා දෙයි. සියලුම validated memory kits මෙතැනින් බලන්න.

මෙම සන්ධානය performance සඳහා ඉහල දැමිමට දායක වන අතර, memory සහ motherboard ඉංජිනේරු විද්‍යාවේ හොඳම අංග ඒකාබද්ධ කරමින් පරිශීලක අත්දැකීම ඉහළ නංවයි. ඔබට high FPS අවශ්‍ය වුවත්, creative workflows හරහා වේගවත්ව වැඩ කිරීමට අවශ්‍ය වුවත්, නැතහොත් වේගයෙන් boot වන සහ smooth ලෙස ධාවනය වන system එකක් අපේක්ෂා කළත්, Memory හවුල්කරුවන් එම අත්දැකීමේ ප්‍රධාන අංගයකි. Pre-validated DDR5 kits, optimized BIOS integration, සහ පූර්ණ Intel 200S Boost compatibility සමඟ, MSI Z890 මදර්බෝඩ් Next Level performance එකක් ලබා දීමට සූදානම්ය.

Partnered Memory Brands (Alphabetical Order)

A-DATAAsgardBIWIN
GLOWAYG.SKILLKimtigo
KingBankKingstonKLEVV
LexarkMACHENIKEPredator
ThermaltakeUniWhenV-Color

සටහන්:

• Intel 200S Boost සහ MSI Memory Extension Mode යනු memory overclocking ඇතුළත් වන අතර, එය පද්ධති අස්ථායීතාවට හේතු විය හැක.

• Intel 200S Boost සක්‍රිය කිරීමෙන් පසු, MSI Center හි CPU-related performance optimization විශේෂාංග භාවිතා කිරීමට පරිශීලකයින්ට නොහැකි වේ.

• Performance පද්ධති configuration සහ hardware setup අනුව වෙනස් වේ.

• ගේමින් performance වැඩිදියුණුව ගේම්, graphics card, සහ system configuration එක මත රඳා පවතී.

Test System Configuration:

Processor: Intel Core Ultra 9 Processor 285K
Motherboard: MSI MEG Z890 ACE
Memory: DDR5-8000, 16GBx2
Graphics Card: MSI GeForce RTX 5090 32G VANGUARD SOC
SSD: Kingston SNV2S/2000G
CPU Cooler: MSI MAG CORELIQUID I360
Power Supply: MSI MEG Ai1300P PCIE5
Operating System: Windows 11 24H2 (Power Mode: Best Performance)
Game Settings: 1920×1080, maximum quality settings

MSI Z890 motherboards series එක ගැන වැඩිදුර විස්තර: https://www.msi.com/Landing/intel-arrow-lake-core-ultra-z890-b860-h810-best-ai-pc-gaming-motherboard

Leave a Reply

Your email address will not be published. Required fields are marked *