Contact Information

WhatsApp Us

Asus Cerberus V2 Review

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta
Asus Cerberus V2 Review
0
User Average

සුපිරි gaming Experience එකකට හොද Base එකක් සහ natural Sound output එකක් දෙන ඒ වගේම PC, Mobile, Play station, Xbox වලට වැඩකරන, දැඩි වගේම සැහැල්ලු Asus Cerberus V2 Gaming Headset Review එකයි මේ.

Gaming වලට PC එකක් හදනකොට එන ප්‍රධාන ගැටළුව තමයි මේ gaming Experience එක හොදටම ගන්න වැදගත් වෙන Sound එක ගන්න පාවිච්චි කරන්නෙ මොකක්ද කියන එක. Game එකක තියෙන Full Sound Effects වගේම, Gaming වලදි වට පිටාවෙ තියෙන ශබ්ද අයින් කරල game එකට අවධානය යොමු කරන්න සහ Online gaming නම් පහසුවෙන් Chat කරන්නත් Headset එකකින් පුලුවන්. ඒ වගේම Sub woofer Setup එකකට යද්දි ඒකෙ Full Experience එක ගන්න එක අනික් අයට කරදරයක් වෙන්න පුලුවන් නිසා ගොඩක් PC Gamers ල Headset එකක් පාවිච්චි කරන්න යොමු වෙලා තියෙනව.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

Unboxing Package එක

package එකේ එන දේවල් වෙන්නෙ

  • Asus Cerberus V2 Headset
  • Splitter Cable
  • Warranty Notice
  • User manual

Features

Asus Cerberus V2 Gaming Headset එක නිර්මාණය කරල තියෙන්නෙ Gaming කරන හැම දෙනාටම හරියන්න. ඒ කියන්නෙ මේ Headset එක PC, Xbox one, Playstation 4 වගේම අනික් Mobile Gaming devices වලටත් Support කරනව. මේකට Headset එකත් එක්ක එන 4Pole jack එක Compatible වගේම් Sound Out සහ Mic In එක වෙනම අවශය කරන PC වලදි ඒකට හරියන්න Y Splitter Cable එකකුත් Package එකේ අඩංගු කරල තියෙනව.

This slideshow requires JavaScript.

ශබ්ධය නිපදවන්න මූලික වෙන Drivers වලට Cerberus Original Headset එකේ තිබුන 60mm Drivers වෙනුවට, වැඩිදියුණු කරපු Asus Essence 52mm Drivers දාල තියෙනව. මේ හරහා ඉතිරි කරගත්ත ඉඩ Headset එකේ ශබ්ධය ප්‍රතිනිර්මාණය කරන්න ඕන කරන Sound chambers වලට යොදාගෙන තියෙනව. මේ නිසා හොද base එකක් වගේම ස්වාභාවික ශබ්දයක් මේ Cerberus V2 එකෙන් ලැබෙනව.

Asus Cerberus V2 Headset එකේ Head Band එකත් කලින් Headset එකෙන් වෙනස් විදිහට සම්පූර්ණයෙන්ම Aluminum Band එකක් පාවිච්චි කරල තියෙන නිසා බරින්, මහතින්  අඩු වගේම ශක්තිමත්භාවයෙන් වැඩි Headset එකක් නිර්මාණය කරන්න Asus Design Team එකට පුලුවන් වෙලා තියෙනව. මේ Headset එකේ සම්පුර්ණ බර 344g වගේ අවම ප්‍රමාණයක තියාගන්න මේ නිසා පුලුවන් වෙලා.

අවශ්‍ය වෙලාවට විතරක් සවිකරන්න පුලුවන් Boom Mic එක gaming වලදි පාවිච්චි කරන්න වගේම Boom Mic එක ගැලෙව්වම Cable එකේ තියෙන inline Mic එක පාවිච්චි කරන්නත් පුලුවන් නිසා අනික් Headset වල නැති පහසුවක් එකතු වෙනව. ඒ වගේම Headset එකේ Cable සම්පූර්ණයෙන්ම Braided කරල තියෙන නිසා ඕනම දැඩි පාවිච්චියකට ඔරොත්තු දෙන, කාලයක් පාවිච්චි කරන්න පුලුවන් headset එකක් කියල කියන්න පුලුවන්.

 Experience

මේ Headset එක gaming වලට වගේම Video Editing වලටත් පාවිච්චි කරල ගත්ත අත්දැකීම් අනුව, ගොඩක් හොදට එළිමහනෙ ශබ්දය අයින් වෙලා අඩු Volume එකක් හරහා හොද Gaming වගේම Editing අත්දැකීමක් ගන්න පුලුවන් උනා. බරින් අඩු නිසා ගොඩක් වෙලා දාගෙන හිටියත් දැනෙන්නෙ නැහැ. ඒ වගේම Boom Mic එක පහසුවෙන් ස්ථානගත කරන්න පුලුවන් නිසා Multi player Chats වලදි සෑහෙන හොද අත්දැකීමක් ගන්නත් පුලුවන්.

Price & Availability

දැනට Nanotek, barclays, EpsiRedline වගේම අනික් ප්‍රධාන Shops වලිනුත් Cerberus V2 Headset එක මිලදී ගන්න පුලුවන්. මේ Review එක ලියන 2018 – 10 වෙනි මාසෙ වෙද්දි මේ headset එකේ මිල රු 11,000ක් වෙනව.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Build Quality
Performance
Value for Money
Warranty
Final Score