Home Tech News social media එකම ගිණුම දුරකතන කිහිපයක බාවිතා කලහැකි WhatsApp Multi Device Support
social mediaTech NewsUpdates

එකම ගිණුම දුරකතන කිහිපයක බාවිතා කලහැකි WhatsApp Multi Device Support

Share
blank
Share

WhatsApp සමාගම වසර කිහිපයක ඉදන් සංවර්ධනය කර පරීක්ශා කරමින් පැමිනි විශේෂාංගයක් දැන් එලිදක්වා තිබෙනව. ඒ තමයි අපෙ WhatsApp ගිණුම තවත් දුරකතන හතරක් තුල බාවිතා කරන්න පුලුවන්. මෙය multi-device functionality ලෙස හදුන්වනව.

මෙම විශේෂාංගය සදහා access ඇති විට ඔබට දුරකතනයකට WhatsApp install කල විට link to existing account ලෙස නව option එකක් දැකගන්න ලැබෙනව. එම option එක මත ක්ලික් කිරීමෙන් පසු WhatsApp මගින් QR කේතයක් ස්කෑන් කිරීමට පෙන්වන අතර ඔබෙ පැරනි දුරකතනයේ Linked Devices තුලින් මෙම කේතය ස්කෑන් කර නව දුරකතනයට එම ගිණුම sync කරගන්න පුලුවන්.

මෙම ක්‍රමය තරමක් සංකීර්න නිසා WhatsApp සමාගම විසින් ඉදිරියෙදි මීට වඩා පහසු ක්‍රමයක් මේ සදහා නිර්මානය කර ඉදිරිපත් කරන බව පවසා තිබුන. බොහෝවිට ඒ one-time code එකක් අපට ලින්ක් කිරීමට අවශ්‍ය දුරකතනයට යැවීම මගින් විය හැකියි.

මෙම නව syncing ක්‍රමය යටතේ secondary දුරකතනයට messages සහ calls ලැබීමට ඔබේ primary දුරකතනය ලග තිබීම හෝ එහි WhatsApp ඕපෙන් කරගෙන සිටීමට අවශ්‍ය වෙන්නෙ නැහැ. කොහොමවුනත් ඔබෙ primary දුරකතනයෙන් WhatsApp වෙත දින 14කින් ලොග් වී නොමැති වුනොත් ස්වයංක්‍රීයව අනෙක් දුරකතන වලින් ඔබෙ ගිණුම logout වීමක් සිදුවෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...

ලොව පළමු Robot Smartphone එක Honor වෙතින්

ජංගම දුරකථන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් එක් කරමින් Honor සමාගම නවතම සංකල්පයක්...

අලුතෙන් Redesign උනු YouTube

Google විසින් YouTube video player එකට අලුත්ම redesign එකක් නිකුත් කරලා තියෙනවා....