Home Reviews Gigabyte UD Pro SSD Review
Reviews

Gigabyte UD Pro SSD Review

Share
blank
Share

Gigabyte කියන්නෙ Computer Storage වලදි අපි දන්න brand එකක් නෙමෙයි. මේ අවුරුද්දෙ (2018) පළවෙනි Gigabyte SSD සහ RAM Modules ලංකාවෙ Computer Shops වලින් ගන්න හැකියාව දැන් ලැබිල තියෙනව.

Gigabyte UD PRO SSD (සාමාන්‍ය SSD එකකුත් තියෙනව) කියන්නෙ market එකේ දැනට තියෙන අනික් ජනප්‍රිය ඒ වගේම අවුරුදු ගණනක් Storage උපාංග නිපදවන සමාගම් වලට අලුත් Challenge එකක් කියන්න පුලුවන් තරමට හොද තරගකාරී SSD එකක්. මේ Review කරන්නෙ Gigabyte UD Pro 256GB SSD එක.

This slideshow requires JavaScript.

Samsung ඒ වගේම Toshiba 3D TLC NAND Flash ප්‍රධාන Storage වශයෙන් පාවිච්චි කරන මේ Gigabyte Drive වල අනික් SSD වල දකින්න නොලැබෙන DDR3 DRAM Cache එකක් තියෙනව. මේ හරහා වේගවත් Read Write කිරීම් වගේම SSD එක පිරුණම සිදුවෙන Drive Slowdown වීමත් යම්තාක් දුරට අඩුවෙනව.

Drive එකේ Technical Specs වෙන්නෙ

  • 2.5-inch internal SSD
  • SATA III 6.0Gb/s
  • 256GB – 512GB
  • Sequential Read speed : 530 MB/s**
  • Sequential Write speed : 500 MB/s**
  • External DDR3 DRAM Cache
  • TRIM & S.M.A.R.T supported

Storage Capacity

මේ 256 GB Drive එක System එකට සම්බන්ධ කරල Format කරාට පස්සෙ තියෙන Capcity එක වෙන්නෙ 238GB. මේකට හේතුව Storage Capacity ගණනය කරන සම්මතය වන Decimal අගයන් පරිගණකයේ Binary (Digital) ගණනය කිරීම්වලදි වෙනස් වීමයි. මේ නිසා එක සමාන මිළ ගණන් තියෙන SSD වලින් වැඩිම Capacity එකක් තියෙන්නෙ UD PRO 256 GB එකට.(අනික් SSD වල තියෙන්නෙ 240GB Capacity එකක්)

මේ ගැන පැහැදිලි නැත්නම් පහත Video එක බලන්න.

Drive Speeds

දැනට තියෙන එකම මිළ ගණන් වල සහ එකම Capcity Range එකේ තියෙන SATA III SSD එක්ක සංසන්දනය කලාම Gigabyte UD Pro SSD එකේ Read සහ Write Speeds පහත දැක්වෙන විදිහට තමයි Perform කරන්නෙ.

මේ Chart එකෙන් දැක්වෙන විදිහට එක සමාන Capcity තියෙන SSD Storage අතරින් Read සහ Write Speeds වල ඉදිරියෙන් gigabyte UD Pro SSD එක තියෙනව. මේකට UD Pro SSD එකේ තියෙන DDR3 Cache එක ප්‍රධාන හේතුවක්.

මිළ

මේ Review එක කරන 2018 නොවැම්බර් මාසෙ වෙද්දි Gigabyte UD Pro 256GB SSD එකේ මිළ රු 13,000ක් වෙනව. මේ හා සමාන මිළ ගණන් වලට තියෙන අනෙක් SSD වල Capcity එක 240GB.

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

6 Comments

  • Good info, didn’t know gigabyte had entered into storage. interesting review. We need more of these. Great job.

  • මේ video එක බලලා මම gibabye ssd එකට ගියා.Speed එක ගොඩක් හොදයි.( nanotek එකෙන් ගත්තේ.3yers warranty )

    Thank you pcguide

    • ගොඩක් ස්තුතියි Feedback එකට. හැමදාමත් අලුත්ම දේවල් ගැන තොරතුරු අරන් එන්න සූදානමින් ඉන්නව

Leave a Reply

Related Articles

Business වැඩට High Security – Tough Design එකක් එක්ක asus P5

Gaming වලින් Business වැඩ වෙනස් වෙන්නෙ අතිශය සංවේදී business details ආරක්ෂිතව තියාගන්න...

Professional වැඩවලට Asus ProArt Displays

Real world Colors ඒ වගේම පෙන්වන්න පුළුවන් ΔE<2අගයක් තියෙන Asus ProArt series...

MSI Pro Series MP223 Monitor Review

MSI Pro Series එකේ අගල් 22 Monitor එක දැන් ලංකාව පුරාම Computer...