Home Tech News Explained ඉදිරියෙදි නිකුත් වෙන ඇන්ඩ්‍රොයිඩ් 14 සංස්කරණය
ExplainedOSTech NewsUpdates

ඉදිරියෙදි නිකුත් වෙන ඇන්ඩ්‍රොයිඩ් 14 සංස්කරණය

Share
blank
Share

ඇන්ඩ්‍රොයිඩ් පද්ධතියේ අලුත්ම සංස්කරනය වන ඇන්ඩ්‍රොයිඩ් 14හි මහජනතාව වෙත නිකුත් කරන බීටා රිලීස් එක පසුගියදා නිකුත් කර තිබුන.

ගූගල් සමාගම වසරක් පාසා අලුත් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ නිකුත් කරනව. ඔවුන් පෙබරවාරි සහ මාර්තු මාස වලදී මෘදුකාංග සංවර්ධනය කරන්නට අත්හදා බැලීම පිණිස ඩිවලොපර් ප්‍රිවීව් (developer previews) සංස්කරණ දෙකක් නිකුත් කරනව. ඉන්පසුව පොදු මහජනයා වෙනුවෙන් අසම්පූර්ණ සංස්කරණ හෙවත් බීටා සංස්කරණ අප්‍රේල් සහ මැයි මාසවල නිකුත් කරනව. මෙසේ ඇන්ඩ්‍රොයිඩ් 14හි පළමු බීටා සංස්කරණය 2023 අප්‍රේල් මස 12 වනදින ඉදිරිපත් කලා.

මෙම සංස්කරණවලදී හඳුනා ගන්නා අඩුපාඩු සම්පූර්ණ කරල නිකුත් කරන මූලික ස්ථාවර සංස්කරණ (platform stability) දෙක, ජූනි මාසයේදී හා ජුලි මාසයේදී ඉදිරිපත් කිරිමෙන් පසුව, අවසන් ස්ථාවර සංස්කරණය නිකුත් කරන්න නියමිතව තියනව.

සාමාන්‍යයෙන් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියක් දියුණු කරන්නේ මූලික තේමා තුනක් ඔස්සේ. අතුරුමුහුණත දියුණු කිරීම ඉන් පළමු වැන්නයි. භාවිතා කරන්නාට දැනෙන තරමින් කායක්ෂමතාව (Performance) වැඩි කිරීම දෙවැන්නයි. තුන්වැන්න, භාවිතා කරන්නාගේ පෞද්ගලිකත්වය මෙන්ම උපාංගය ඔස්සේ කරන වැඩවලදී ආරක්ෂාව තහවුරු කෙරෙන නවාංග (Privacy and security) එක් කිරීමයි.

මෙසේ දැන් තිබෙන ඇන්ඩ්‍රොයිඩ් 13 සංස්කරණයේ විශේෂාංග වලට අමතර වශයෙන් අලුත් විශේෂාංග සිය ගණනක් එක් කර ඇන්ඩ්‍රොයිඩ් 14 සංස්කරණය සකසා තිබෙනව. ඒවා අතරින් කැපී පෙනෙන විශේෂාංග කිහිපයක් තිබෙනව.

මෙහිදී ලොක්ස්ක්‍රීන් එක තමන්ට අවශ්‍ය පරිදි සකස් කරගන්න ඉඩ ලබා දෙනව. තමන්ට කැමති ඡායාරූපයක් යොදාගෙන වෝල්පේපර් සාදාගැනීමට කෘතිම බුද්ධි යෙදුම් මෙහි තිබෙනව.

ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට සැටලයිට් සන්නිවේදන සම්බන්ධතා ලබා ගැනීමේ පහසුකමද (Satellite connectivity) ඇන්ඩ්‍රොයිඩ් 14 සංස්කරණයෙන් ලබා දී තිබෙනව.

එසේම යම් ඇප් එකක් විවෘත කර වැඩ කරන ගමන්ම ඉන් ඉවත් නොවී, එය හැකිළී කුඩා වෙමින්, ඊට කලින් භාවිතා කළ ඇප් වින්ඩෝ එක හෝ ලොක් ස්ක්‍රීන් එක දැක ගන්නට පුලුවන්.

කලින්ට වඩා හොඳින් ශරීර සුවතා ඇප් වල තොරතුරු බලාගත හැකි ක්‍රමයකුත් මෙහි අඩංගු වෙනව.

එකවුන්ට් දෙකක් එකවර බාවිතා කරමින් ඒ ඔස්සේ ඇප් දෙකක් එකවර ක්‍රියාත්මක කර වීමේ පහසුකමද (Cloned Apps) මෙහි තිබෙනව.

ඇන්ඩ්‍රොයිඩ් 09 වැනි සංස්කරණය දක්වා ඒවා නම් කරනු ලැබූයේ විවිධ රසකැවිලි වල නම් වලින්. ඉංග්‍රීසි අකාරාදියේ පිළිවෙළින් යෙදෙන අකුරට අනුව රස කැවිලි වර්ගයක් තෝරා ගෙන එය නම් කරා.

එහෙත් ඇන්ඩ්‍රොයිඩ් 10 සංස්කරණයෙන් පසුව එහි අංකය විනා මෙම කේත නාමය භාවිතා නොකළත් ඇන්ඩ්‍රොයිඩ් ප්‍රිවිව්වලදී එම ක්‍රමයට අනුව යමින් කේත නාම ලබාදී ඇති බව එහි සෙටිංස් ඔස්සේ ගිය විට දැකගන්න පුලුවන්. එහෙත් ඇන්ඩ්‍රොයිඩ් 14 සංස්කරණයේදී නම් තැබීමේ මෙම පිළිවෙතත් අතහැර තිබෙනව. අලුත් සංස්කරණයේ කේත නාමය අප්සයිඩ් ඩවුන් කේක් (Upside Down Cake) ලෙස යොදා තිබෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...