Home Tech News Explained WhatsApp වෙතින් හදුන්වා දෙන නවතම Channels විශේෂාංගය
Explainedsocial mediaTech News

WhatsApp වෙතින් හදුන්වා දෙන නවතම Channels විශේෂාංගය

Share
blank
Share

WhatsApp විසින් ඔවුන්ගෙ නවතම විශේෂාංගය වන WhatsApp Channels එලිදැක්වූවා. මෙමගින් චැනල් එකෙ ඇඩ්මින් හට තමන්ගෙ ෆලෝවර්ස්ලා සදහා broadcasts නිකුත් කිරීමේ හැකියාව තිබෙනව. මෙය text, photos, videos, stickers සහ polls යන විවිද ආකාරයෙන් සිදුකරන්න පුලුවන්.

මෙහි Broadcasting accounts තිබෙන අයට තමන්ගෙ චැනල් එක ෆලෝ කලයුත්තෙ කවුරුන්දයන්න පිලිබදව තීරනය කිරීමෙ හැකියාව තිබෙනව. ඒවගේම තමයි මෙම චැනල් ෆලෝ කරන පුද්ගලයන්ගෙ දුරකතන අංකය එම චැනල් එකෙ ඇඩ්මින්ට හෝ වෙනත් ෆලෝවර්ස්ලට බැලීමෙ හැකියාවක් නැහැ.

මෙම නව විශේෂාංගය Updates නම් නව ටැබ් එක තුල තිබෙනව. මෙම ටැබ් එක තුල ඔබ ෆලෝ කරන චැනල්ස් පෙන්වන අතර එය පරිශීලකයන්ගෙ පෞද්ගලික චැට් වලින් වෙන්කර තිබෙනව. මෙම විශේෂාංගය බාවිතා කරන්න බලාපොරොත්තු වෙන පරිශීලකයන්ට ඉදිරියෙදි තමන්ගෙ චැනල් එක monetize කිරීම සදහා payment services එක් කිරීමක් කිරීමටත් WhatsApp විසින් කටයුතු කරනව.

මෙම චැනල් වල හුවමාරු වෙන පනිවිඩ සදහා end-to-end encrypted පහසුකම නැත.

මෙම WhatsApp චැනල්ස් විශේෂාංගය දැනටමත් Telegram වල බාවිතා වෙන චැනල්ස් විශේෂාංගයෙ ආකාරයටම නිර්මානය කර තිබෙනව. මෙටා සමාගම විසින් පසුගිය මාසයෙදි Broadcast Channels විශේෂාංගය Instagram සදහාත් හදුන්වා දුන්න. මෙම නව විශේෂාංගය දැනට සියලුම පරිශීලකයන් සදහා නිකුත් නොකරන අතර එය ඉදිරි මාස කිහිපයෙදි සියලු දෙනාටම බාවිතා කල හැකි ආකාරයට නිකුත් කරන බව මෙටා සමාගම පවසා තිබුන.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...