Microsoft සමාගම විසින් ඉදිරි වසර කිහිපය තුල ඔවුන් AI මගින් සිදුකරන්න බලාපොරොත්තු වෙන වැඩකටයුතු ගැන විස්තර එලිදක්වා තිබෙනවා. එයින් දක්වා තිබෙන්නෙ 2025 සිට වසර හතරක කාලයක් තුල එනම් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධූර කාලය තුල සිදුකරන්න බලාපොරොත්තු වෙන AI වැඩකටයුතු පිලිබදවයි.
එම විස්තර වලට අනුව Microsoft සමාගම AI data centers ආරම්භ කරන්න ඩොලර් බිලියන 80ක් මුදලක් වෙන්කර තිබෙනවා. ඒවගේ අතිවිශාල මුදලක් වැය කරන නිසා බොහෝවිට ඉදිරි වසර වලදී අපිට Microsoft සමාගමේ නිශ්පාදන වල විවිධ අලුත් AI විශේෂාංග දැකගන්න ලැබේවි.
මේ විදියට AI සංවර්ධන කරන්න Microsoft සමාගමෙන් ඇමරිකානු රජයේ සහයත් ලැබෙනවා. එරට ජාතික විද්‍යාතනයට මේ පරීක්ෂණ වල තොරතුරු හුවමාරු කරගනිමින් ඇමරිකානු රජය තුල AI ආශ්‍රිත නිශ්පාදන එලිදක්වන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා.
AI ආශ්‍රිත නිපැයුම් නිසා සමහර රැකියා නැතිවීම මේ වනවිටත් සිදුවෙමින් තිබෙන දෙයක්. සමහර රැකියාවන් සදහා පුද්ගලයන් පිරිසක් අවශ්‍ය උනත් AI නිසා ඒ රැකියාවන් සඳහා එක් පුද්ගලයෙක් පමණක් අවශ්‍ය නිසා විශාල රැකියා ප්‍රමානයක් නැතිවෙල තියනවා. නමුත් ඊට සමගාමීව අලුත් රැකියා අවස්ථා බිහිවීමත් සිදුවෙනවා. තාක්ෂණයත් එක්ක යාවත්කාලීන වෙනවා නම් රැකියා නැතිවුනු පිරිස් වලටත් අලුත් අවස්තාවන් සොයාගන්න අපහසු වෙන්නෙ නැහැ.














Leave a comment