Home Tech News gadgets Google ආයතනය AR Headset තරඟයට පිවිසීමට සූදානම් වේ
gadgetsTech News

Google ආයතනය AR Headset තරඟයට පිවිසීමට සූදානම් වේ

Share
blank
Share

Facebook මව් සමාගම වෙන Meta කියන්නෙ AR සහ VR දෘඩාංග නිශ්පාදනයේ ලෝකයේ ඉදිරියෙන්ම ඉන්න සමාගම. ඒ වගේම Microsoft සහ Apple සමාගමුත් මේ වෙලඳපොලට එක්වෙන්න දැන් කටයුතු කරන් යනවා. පරක්කු වෙලා උනත් දැන් Google ආයතනයත් මේ නැගී එන වෙලඳපොලට එක්වෙන්න කටයුතු කරන් යනව කියල වාර්තා වෙනවා.

Google විසින් 2024 දි නිකුත් කිරීමට බලාපොරොත්තුවෙන් “Iris” කියන කේත නාමයෙන් හඳුන්වන AR Headset එකක වැඩ කටයුතු මේ වෙනකොට කරගෙන යනවා. ඉදිරියට නිකුත් වෙන්න නියමිත Meta සහ Apple සමාගමේ AR headsets වගේම මේ Google සමාගම සංවර්ධනය කරමින් පවතින headset එකෙත් වඩා හොඳ mixed reality අත්දැකීමක් ලබාදීම සඳහා පිටතට යොමු වුන cameras වලින් සමන්විත වෙනව කියල වාර්තා වෙනවා. San Francisco වල ඇති නිශ්පාදනාගාරයක් තුල සංවර්ධනය කරා කියල සඳහන් වෙන මේ headset එකට බාහිරෙන් විදුලිය සම්බන්ධ කිරීමක් නොකර ක්‍රියාත්මක වෙන්න හැකියාව තියනව වගේම පෙනුමෙන් ski goggles යුවලකට සමානකමක් දක්වන බවක් සඳහන්.

තවමත් මේ headset එක පවතින්නෙ මූලික සංවර්ධක අවධියකයි. අලුතෙන්ම නිකුත් කරපු Pixel දුරකථන වගේම මේ AR headset එකත් Google විසින් සංවර්ධනය කරපු custom chip එකකින් බලගැන්වේවී. මේ headset එක සංවර්ධනයට Google Pixel කණ්ඩායමේ පිරිසකුත් සම්බන්ධ වන බවක් වාර්තා වෙනවා, නමුත් තවමත් මේ headset එකේ නම මොකක් වෙයිද කියල හරි ආරංචියක් නෑ.

Google ආයතනය තුල Project Iris ක්‍රියාත්මක වෙන්නෙ ඉතාමත් ආරක්ෂිත පරිසරයකයි. මේක සංවර්ධනය වෙන විද්‍යාගාර වලට ඇතුල් වෙන්න විශේෂ යතුරු කාඩ්පත් භාවිතා වෙනව වගේම මේ project එකට සම්බන්ධ වෙන සේවකයන් හට හෙළිදරව් නොකරපු ගිවිසුමකටත් එකඟ වෙන්න සිදු වෙනවා. දැනට මේ project එක වෙනුවෙන් 300ක පමණ පිරිසක් සේවය කරන අතර තව සිය ගණනක පිරිසක් බඳවගන්නත් සූදානම් වෙන බවට වාර්තා වෙනවා.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...