Press ESC to close

SpaceX අළුත් තරගකරු Virgin Galactic

Virgin Galactic සමාගමේ නිර්මාපක ශ්‍රීමත් Richard Branson සහ ඔහුගේ කණ්ඩායම පසුගිය ඉරිදා ඇමරිකාවේ New Mexico වලදී එම ආයතනයේ SpaceShipTwo අභ්‍යවකාශ යානයෙන් සාර්ථක අභ්‍යවකාශ ගමණක් සම්පූර්ණ කරා. Unity 22 ලෙස නම් කරල තිබුන මේ මෙහෙයුම Virgin Galactic ආයතන මගින් කරපු 4වැනි test flight එක වගේම Richard Branson රැගෙන ගිය පළවෙනි අවස්ථාවයි. Richard Branson කියන්නෙ වයස 70ක් වන බ්‍රිතාන්‍ය ජාතික දක්ෂ ව්‍යාපාරිකයෙක් වගේම බිලියනපතියෙක්. ඔහු මේ අවස්ථාව එනකන් දශකයකට වැඩි කාලයක් බලන් හිටියා.

VSS Unity ලෙස නම් කර තිබූ SpaceShipTwo යානය මෙරට වෙලාවෙන රාත්‍රී 8.10ට පමණ Virgin Galactic ආයතනයේ WhiteKnight යානයක් යොදාගෙන ගුවන් ගතවුනා. විනාඩි 50කට පමණ පසුව Unity යානය අඩි 45000ක් පමණ ඉහල අහසේදී WhiteKnight යානයෙන් වෙන් වුනා. ටික වෙලාවකට පස්සෙ Unity යානයේ තනි රොකට් එන්ජින් එක භාවිතා කරල යානය අභ්‍යවකාශය වෙත ලඟා වෙන්න පටන් ගත්තා, ඒ පොලොවෙ ඉදන් කිලෝමීටර් 86ක් පමණ උසක් දක්වා ලඟා වෙනකන්. පසුව යානයේ හිටපු crew එකට ක්ෂුද්‍ර ගුරුත්ව‍යේ ටික වෙලාවක් ඉන්න අවස්ථාව ලැබුනා. ටික වෙලාවකට පස්සෙ යානය නැවතත් පහලට ඇවිත් ගොඩබෑවෙ Virgin Galactic නව අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානය වෙන New Mexico වල Spaceport America කියන ස්ථානයටයි.

Get Your Site Up with A2 Hosting

VSS Unity ක්ෂුද්‍ර ගුරුත්වයට ඇතුල් වූ පසු Branson ඇතුලු පිරිස සුභ පැතුම් හුවමාරු කරගත් ආකාරය මෙහෙයුමේ live stream එකේදි අපිට දකින්න පුලුවන් උනා. මෙම අත්දැකීම “an experience of a lifetime” ලෙස ඔවුන් හඳුන්වනු ලැබුවා. යානය ගොඩබෑමෙන් පසු Branson යානයෙන් පිටතට පැමින කෙලින්ම දිවගියෙ Spaceport America වලින් එලියෙ රැඳී සිටි චායාරූප ශිල්පීන්, මාධ්‍යකරුවන් සහ තමන්ගෙ පවුලේ සාමාජිකයන් වෙතයි. ඔහුගෙන් දකින්න ලැබුනෙ ඉතාමත් උද්‍යෝගයක්. කොහොම උනත් Branson කියන්නෙ සුපිරිම marketer කෙනෙක්.

Virgin Galactic වල අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරය සඳහා අනාගත ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීමට Branson ගෙ මේ මෙහෙයුම ඉතා වටින අවස්ථාවක් වුනා, මේ නිසා ඉරිද දවසෙ Spaceport පරිශ්‍රය marketing tactics වලින් පිරිල තිබුන කීවොත් නිවැරදියි. ඇමරිකාවෙ ප්‍රසිද්ද TV host කෙනෙක් වන Stephen Colbert මෙහෙයුමේ සජීවී විකාශයට දායක උනා වගේම Khalid වගේ ගායකයන් පවා යානය ගොඩබෑවට පස්සෙ විශේෂ සංදර්ශනයක් ඉදිරිපත් කරා. Elon Musk පවා මේ මෙහෙයුම සියැසින් දැකගන්න පැමිණ සිටියා. පහත රූපයෙන් ඉන්නෙ මේ මෙහෙයුමට සහභාගී වුන crew එක.

මේ වෙද්දිත් මේ commercial space flight වලට සහභාගී වෙන්න කැමති 600ක පිරිසක් Virgin Galactic වල tickets වලට තැන්පතු ගෙවල තියනවා. මේ එක ticket එකක මිල ඩොලර් 250,000 වෙනව කියලයි ආරංචි වෙන්නෙ. මේ විදිහට අභ්‍යවකාශයට යන පිරිස් වලට අභ්‍යවකාශයේ අසිරිය දකින්න ලැබෙනව වගේම Unity cabin එකේ පාවෙමින් විනාඩි 5ක පමණ ක්ශුද්‍ර ගුරුත්වයකුත් අත්විඳින්න පුළුවන් වේවි.

ශ්‍රීමත් Richard ට මේ විදිහට මේ business එක සාර්ථක කරගන්න එක ලේසි වුනේ නෑ. 2004දි තමා අභ්‍යවකාශ යානයන් නිශ්පාදනයට තම ආයතනය සූදානම් වෙනව කියල ඔහු announce කරේ, ඒ වගේම commercial flight පටන් ගන්න 2007දි පුළුවන් වෙයි කියල ඔහු විශ්වාස කරා. නමුත් විවිධ තාක්ෂණික ගැටලු සහ 2014දි සිදුවුන විශාල අනතුරකින් Virgin Galactic වල සංවර්ධන කටයුතු අඩාල උනා.

Virgin Galactic ආයතනයට අමතරව Jeff Bezos ගෙ Blue Origin වගේම Elon Musk ගෙ SpaceX වගේ ආයතනත් මේ විදිහට සාමාන්‍ය ජනයා අතරට මේ commercial flight ගෙනයාමේ projects මේ වෙද්දිත් කරගෙන යනවා. Blue Origin ට අයිති New Shepard රොකට් එකෙත් test flight එකක් ජූලි 20 කරන්න සූදානමෙන් ඉන්නවා, ඒ එක්ක Jeff Bezos අභ්‍යවකාශයට යාවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *