Home Tech News Explained Windows 10 Hibernate කරමු
ExplainedsoftwareTech News

Windows 10 Hibernate කරමු

Share
blank
Share

Laptop / Desktop එකත් එක්ක හැමදාම වැඩකරන කෙනෙක් නම් බොහෝවිට දවස අවසානයේ ඔයා මේක Shutdown කරනව වෙන්න පුළුවන්. හැබැයි පැය කීපයකට Shutdown වෙන PC එක නැවතත් On වෙනවත් එක්කම හැමදාම Open කරන Apps සහ Folders හැම දෙයක්ම නැවතත් විවෘත කරන්න වෙනව.

මේ විදිහට නිදාගන්න වෙලාවට විතරක් – නැත්නම් PC එකෙන් ඉවත්වෙලා ඉන්න පැය කීපයකට විතරක් වැඩ කරපු දේවල් ඒ විදිහටම තියාගෙන PC එක power OFF කරන්න පහසුකම් දෙන option එකක් තමයි Hibernate කියන්නෙ.

Hibernate – ශිශිරණය

Windows වල තිබෙන Power Option එකක් තමයි Hibernate නැත්නම් ශිශිරණය කියන්නෙ. මේ හරහා සිද්ද වෙන්නෙ පරිගණකය වැඩ කරමින් පවතින වෙලාවෙ RAM – Random Access Memory එකේ තියෙන දත්ත HDD එකට Save කිරීම. මේ හරහා අපට PC එක සම්පූර්ණයෙන්ම OFF කරන්න පුළුවන්. ඒ වගේම ආයෙත් PC එක On කලාම අපි කරපු වැඩ වල සිට හැම දෙයක්ම පටන් ගන්න පුළුවන්.

Windows 10 වලදි Hibernate Option එක සාමාන්‍ය ලෙස පෙන්වෙන්නෙ නැති උනත් එය පහසුවෙන් Power option වලට එකතු කරන්න පුළුවන්.

Windows 10 වලදි Hibernate ON කරමු

Windows 10 Start එකේ Power options ලෙස type කරන්න. දැන් එන Windows power & Sleep Settings තෝරන්න. එහි පහත පරිදි දක්වා ඇති Additional Power Settings තෝරන්න.

එවිට ලැබෙන පහත Window එකෙන් වම් පස ඇති Choose What the Power Button Do යන්න තෝරන්න.

දැන් ලැබෙන Window එකේ මැද ඇති Change Settings That are currently unavailable යන්න තෝරන්න. මෙහිදී පහතින්ම ඇති Shutdown Settings හි වෙනස්කම් කල හැකි වේ.

එයින් Hibernate යන්න තෝරා Save Changes කරන්න.

මේ ආකාරයට දැන් ඔබගේ Windows power options යටතට අළුතින් hibernate යන පහසුකම ලබාගත හැක.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

2 Comments

  • Ane mata RS 200 000 walata hariyanna gaming pc ekaka cotation ekak hadala ewannako

    SSD – 256GB
    HArd Drive – 2TB
    Ram – 16 gb
    vGa eka 4Gb

    Wennath ona

  • SSD eka dala thiyanne Windows 10 wala hibernation on kalahama pc eka on wanne na.ram eka galawala gahanna oni

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...