Home Games Horizon Zero Dawn
GamesTech News

Horizon Zero Dawn

Share
blank
Share

මෙම ක්‍රීඩාවේ setting එක 31 වන ශත වර්ෂයයි.ඔව් ඔබ එය කියෙව්වා නිවැරදියි, Post-apocalyptic setting එකක් පාදක   කරගෙන තමා මේ ක්‍රීඩාව නිර්මාණය වෙලා තියෙන්නෙ.අදින් වසර 1000ක් අනාගතයේ සිදුවෙන සිදුවීම් මාලාවක් වටා තමා මේ ක්‍රීඩාවේ  story එක ගෙතිලා   තියෙන්නෙ.

මේ කාලයේදී ලෝකයේ බලවත් වී ඇත්තේ ඉතා ඉහළ බුද්ධි මට්ටමකින් යුත් යන්ත්‍රයන්ය. ලෝකය පාලනය වූයේ මේවා මගින්ය.මිනිස් වර්ගයා ක්‍රමක්‍රමයෙන් ලෝකයෙන් වඳ වී ගොස් තැනින් තැන කුඩා කණ්ඩායම් ලෙස ඉතිරි වී ඇත. මේ කුඩා ජනවර්ග අතරින් NORA නමැති ගෝත්‍රයේ ALOY වටා මෙම කතාව ගෙතී ඇත.

මීට ශත වර්ෂ ගණනාවකට පෙර  පෘථිවිය රොබෝ යන්ත්‍ර අතට පත්වූයේ කෙසේද? මෙම යන්ත්‍රවලින් යලි  පෘථිවිය ගලවාගන්නේ කෙසේද? 21 වන ශත වර්ෂයේ සිදුවූයේ කුමක්ද? 21 වන ශත වර්ෂයේ ජීවත් වූ ආචාර්ය Elizabeth Sobek ගේ Zero Dawn ව්‍යාපෘතිය යනු කුමක්ද? Elizabeth හා Aloy අතර ඇති සම්බන්ධය කුමක්ද?  මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගෙන යාමේදී තමන්ට සතුරුවන සහ මිතුරුවන අනිත් ගෝත්‍ර සමග කටයුතු කිරීමටද ක්‍රීඩකයාට සිදුවේ.

මෙය ක්‍රීඩා කිරීමේදී මෙය Far cry  Primal සහ Assassin’s Creed series එකේ සංකලනයක් ලෙස ක්‍රීඩකයාට හැඟෙනු ඇත. 2017 වසරේ PlayStation සහ Xbox වලට පමණක් නිකුත් වූ අතිශය ජනප්‍රිය  ක්‍රීඩාවක් වූ මෙය 2020 අගෝස්තු මස PC සඳහාද නිකුත්විය. එම නිසා PC gamers අතරද මෙම ක්‍රීඩාවේ Fan base එකක් නිර්මාණය වීමට වැඩි කලක් ගතවූයේ නැත.

පෞද්ගලිකව මාගේ ප්‍රියතම ක්‍රීඩාවක් වන මෙය gamer කෙනෙක් විසින් ක්‍රීඩා කළයුතුම ක්‍රීඩාවක් ලෙස මා අනුමත කරමි. ක්‍රීඩාකරන විට The Terminator film series  එක මතකයට නැගෙනු නොඅනුමානය.

මෙම වසරේ නිකුත්වීමට නියමිත මෙම ක්‍රීඩාවේ sequel එකක් වන Horizon Forbidden West නිකුත්වන තෙක් gamersලා බලාසිටින්නේ නොඉවසිල්ලෙනි.

Share
Written by
Eshan Amarasinghe

Eshan Loves Gaming and also writes about them, This will help you understand the game better and have an overall good experience.

4 Comments

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...