Home Tech News software සිරගෙදරදී මිය ගිය McAfee Anti-Virus නිර්මාතෘ
softwareTech News

සිරගෙදරදී මිය ගිය McAfee Anti-Virus නිර්මාතෘ

Share
blank
Share

McAfee Antivirus නිර්මාපක John McAfee පසුගිය ජූනි 23 වෙනිදා ස්පාඤ්ඤයේ ඔහු සිටි සිර මැදිරියේදී මියගොස් සිටියදී සොයාගෙන තිබුනා. බදු ගෙවීම් පැහැර හැරීමේ චෝදනා මත ස්පාඤ්ඤයේ මහාධිකරණය විසින් එක්සත් ජනපදය වෙත පිටුවහල් කිරීමට අවසර දීමෙන් පසුව ඔහු මෙලෙස ගෙල වැලලාගෙන මිය ගිය බවයි ආරංචි වෙන්නෙ. ඔහුගෙ නීතිඥයන් නම් කියන්නෙ කිසිම හේතුවක් නැතුව විශාල කාලයක් සිර ගත කර තිබුන නිසා ඇතිවුන පීඩනයෙන් මෙලෙස ඔහු සිය දිවි නසාගත් බවයි.

2020 ඔක්තෝබර් මාසයේ John McAfee බදු ගෙවීම් පැහැර හැරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත්තා. වාර්තා වෙච්ච විදිහට 2014 සිට 2018 කාලය තුල ඔහු ඩොලර් මිලියන ගණනක ආදායමක් ඉපයුවත් කිසිම බදු වාර්තාවක් ඉදිරිපත් කරල නෑ. විවිධ ආරක්ශක වංචා සම්බධයෙන්ද ඔහුට චෝදනා එල්ල වුනා වගේම McAfee promote කරපු cryptocurrencies ඔහු මුදල් ගෙන promote කරපු බව හෙලි නොකිරීමත් ඔහුට එල්ල වෙන තවත් චෝදනාවක්.

ඩොලර් මිලියන ගණනක් බදු ගෙවා තිබියදීත් ඔහු අත්අඩංගුවට ගත් බව McAfee ප්‍රකාශ කරල තිබුනා. දැනට ක්‍රියාත්මක වෙන බදු ක්‍රමයේ දූෂණ හා වංචා හෙළා දැකීම නිසා මෙලෙස තමන්ට දේශපාලනික වශයෙන් පීඩා වලට මුහුණ දීමට සිදුවන බවද වරක ඔහු ප්‍රකාශ කරා වගේම ඔහු 2016 වර්ෂයේ එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයටද ලිබරල්වාදියෙකු ලෙස ඉදිරිපත් වුනා.

“McAfee Associates” 1987 දි Santa Clara, California වල McAfee ගෙ කුඩා නිවසෙන් ආරම්භ කරල පසුව ඇමරිකාවෙ ප්‍රමුඛ පෙලේ පරිගණක ආරක්ශණ සමාගමක් කරන්න ඔහුට හැකි වුනා වගේම 1992 දි ඒ සමාගම ප්‍රසිද්ද කොටස් වෙලඳපොලට කොටස් නිකුත් කිරීමත් එක්ක ඔහු මිලියනපතියෙක් බවට පත් වුනා. 1994දි ඔහු සමාගමන් ඉවත් වුනත් McAfee සමාගම දිගටම වර්ධනය වුන බවක් දකින්න පුළුවන්. Intel සමාගම 2010දි McAfee සමාගම ඩොලර් බිලියන 7.7කට මිලදී ගත්තත් පසුව නැවතත් බහුතර කොටස් ප්‍රමාණයක් ආයෝජන සමාගමකට විකුණා දැමුනා.

Share

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...