Home Games Android දුරකථන සඳහා Netflix Games නිකුත් කෙරේ.
GamesInternetTech News

Android දුරකථන සඳහා Netflix Games නිකුත් කෙරේ.

Share
blank
Share

කාලයක් සිට ආරංචි වුන විදිහට Netflix තමන්ගෙ අති විශාල entertainment platform එකට අලුතින් අංශයක් එකතු කරන්නයි යන්නේ. ඒ mobile games. ඔයාටත් Netflix subscription එකක් තියනවනම් දැන්ම Google Play Store එකට ගිහින් කිසිම අමතර මුදලක් ගෙවන්නෙ නැතුව ආරම්භයෙදි නිකුත් කරල තියන Games 5ක් download කරගෙන play කරන්න පුලුවන්.

ආරම්භයේදී release කරපු games පහ තමයි මේ.

  1. Stranger Things: 1984 (BonusXP)
  2. Stranger Things 3: The Game (BonusXP)
  3. Shooting Hoops (Frosty Pop)
  4. Card Blast (Amuzo & Rogue Games)
  5. Teeter Up (Frosty Pop)

Netflix සමාගම කියල තියනව එකම Netflix account එකකින් games කිහිපයක් වුනත් play කරන්න පුලුවන් කියලත්. මේ games ලබා ගන්න පුලුවන් Adult Account වලින් විතරයි, ඒ කියන්නෙ Kids Account භාවිතා කරල මේ mobile games play කරන්න අවස්ථාව ලැබෙන්නේ නෑ. මේ games අතර තියන සමහරක් games play කරන්න අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය නෑ කියලත් Netflix ආයතනය ප්‍රකාශ කරල තියනවා.

නොවැම්බර් 3 සිට මේ games වලට වෙන වෙනම apps වෙනුවට Netflix app එක හරහාම play කරන්නත් හැකියාව ලබා දෙනව කියල ආයතනය ප්‍රකාශ කරල තියනවා. මේ අනුව මේ games වලට වෙනම පිටුවක් සහ tab එකක් app එකේ වෙන් වෙලා තියේවී. මේ විදිහට games develop කරන්න Netflix ආයතනය “Night School” කියන game studio එකත් මිලදී අරන් තියනවා. “Oxenfree” වගේ ප්‍රසිද්ද games සංවර්ධනය කරපු ඒ studio එක Netflix සඳහාත් ඒ වගේම හොඳ games නිකුත් කරාවි කියල අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන්.

මේ Netflix Games පහසුකම මුලින්ම පරික්ශා කරේ පෝලන්තය, ස්පාඤ්ඤය සහ ඉතාලිය කියන රටවල් වලයි, ඒ රටවලදි ලැබුන හොඳ ප්‍රතිචාරය නිසා මේ පහසුකම ලෝකය පුරාම නිකුත් කරන්න Netflix තීරණය කරා වෙන්න පුලුවන්. Android devices වලට මේ පහසුකම මුලින්ම ආවත් iOS devices වලටත් මේ පහසුකම ලඟදීම නිකුත් කරනව කියල Netflix විසින් තහවුරු කරල තියනවා.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

2 Comments

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...