Home Tech News Huawei වෙතින් මිනිත්තු 5ක ආරෝපණයකින් 3000KM ධාවනය කළ හැකි බැටරියක්
Tech News

Huawei වෙතින් මිනිත්තු 5ක ආරෝපණයකින් 3000KM ධාවනය කළ හැකි බැටරියක්

Share
blank
Share

ලෝකය තුළ ඇති වී ඇති තාක්ෂණික යුද්ධයේ තවත් එක් පැතිකඩක් වශයෙන් බැටරි සම්බන්ධ යුද්ධය ආරම්භ වෙමින් පවතී. තාක්ෂණික උපකරණ සම්බන්ධ ව අවධානය යොමු කිරීමේ දී මෙතරම් කලක් ආරෝපණය කළ හැකි බැටරි සම්බන්ධ ව බොහෝ තාක්ෂණික සමාගම් දැක්වූයේ අඩු අවධානයකි. නමුත් ගත වූ වසර කිහිපය තුළ දී ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක පමණක් නොව බොහෝ ජංගම ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා ආරෝපණය කළ හැකි බැටරි සම්බන්ධ ව ද තාක්ෂණික සමාගම්වල අවධානය වැඩි වශයෙන් යොමු වන්නට විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස අද වන විට ලෝකය දහන ඉන්ධන භාවිතයෙන් ක්‍රියාකරන රථවාහනවලින් ද ඈත් ව විද්‍යුත් මෝටර් රථ සඳහා වැඩි අවධානයක් යොමු කරන ආකාරය දක්නට ලැබේ.

කෙසේ නමුත් විද්‍යුත් මෝටර් රථවල ප්‍රධාන අවාසියක් ලෙස දක්නට ලැබුණේ ආරෝපණය වීමට ගතවන කාලය අධික වීම හා ආරෝපණ ධාරිතාවය වැඩි දුරක් ධාවනය කිරීමට ප්‍රමාණවත් නොවීමයි. නමුත් ඊට විසඳුමක් වශයෙන් චීන තාක්ෂණික දැවැන්තයා වන Huawei සමාගම විනාඩි 5ක ආරෝපණ කාලයකින් පසු ව 3000KM ධාවනය කළ හැකි බැටරියක් සඳහා පේටන්ට් ලබාගෙන ඇති බව විදෙස් තාක්ෂණික වෙබ් අඩවි මඟින් ගෙන හැර දක්වා තිබේ. ඒ අනුව මෙම නවීන බැටරිය සාර්ථක වුවහොත් මෙතෙක් කලක් විදුලි මෝටර් රථ සඳහා පවත්නා ප්‍රධානත ම ගැටළුවක් සඳහා ඉතා සාර්ථක විසඳුමක් බවට පත්වනු නොඅනුමාන ය.

China Car News වෙබ් අඩවියට අනුව මෙය 400-500 WH/KG බලශක්ති ඝනත්වයක් ඇති සල්ෆයිඩ් මත පදනම් වූ ඝන තත්වයේ (solid-state) බැටරියක් වන අතර ලිතියම්-අයන් බැටරියකට වඩා දෙතුන් ගුණයකින් ඉහළ කාර්යක්ෂමතාවයක් ඇත.

Source : gulfnews

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...