Home Tech News Events ඇමරිකාව තවත් Chinese Apps කීපයක් තහනම් කරයි
EventsTech News

ඇමරිකාව තවත් Chinese Apps කීපයක් තහනම් කරයි

Share
blank
Share

පසුගිය 2020 වසරේ දී ලොව ජනප්‍රිය ස්මාට් ජංගම දුරකථන යෙදවුම් දෙකක් වන TikTok සහ WeChat එරට තුළ තහනම් කිරීම සඳහා පැනවූ නිවේදනයෙන් පසු, ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් (මෙය 2021 ජනවාරි 6 වැනිදා පුවතක් බව සලකන්න) තවත් චීනයේ නිපද වූ තවත් යෙදවුම් කිහිපයක් තම රට තුළ තහනම් කිරීමේ තවත් විධායක නියෝගයකට අත්සන් තබා ඇති බව වාර්තා වේ.

මෙම නවතම තහනමට බඳුන්වන ජංගම දුරකථන යෙදවුම් වනුයේ,

  • AliPay
  • CamScanner
  • Share-it
  • Tencent QQ
  • VMate
  • WPS Office

Reuters පුවත් සේවයේ මෑත වාර්තාවකට අනුව, මෙම විධායක නියෝගයේ අරමුණ වන්නේ තම රටේ පරිශීලකයන්ගේ ස්මාර්ට් ජංගම දුරකථන, ටැබ්ලට් උපාංග සහ පරිගණක වැනි පුද්ගලික ඉලෙක්ට්‍රොනික උපාංගවලට අනවසරෙන් ප්‍රවේශ වීමෙන් සංවේදී හා පුද්ගලිකව හඳුනාගත හැකි තොරතුරු එකතු කර ලිපි ලේඛන ගොඩනැඟීමට මහජන චීන සමූහාණ්ඩුවට (People’s Republic of China – PRC) සහ චීන කොමියුනිස්ට් පක්ෂයට (Chinese Communist Party – CCP) හට අවකාශය ලැබීම ඇමරිකානුවන්ගේ, රාජ්‍ය සේවකයින් සහ කොන්ත්‍රාත්කරුවන් හට තර්ජනයක් මෙන්ම ඔවුන් පසුපස ලුහුබැඳීමේ අවදානමක් ඇතිකරවන බවයි.

මෙම නවතම තහනමට ප්‍රතිචාර දක්වමින් චීනයේ වාණිජ කටයුතු අමාත්‍යංශය කියා සිටියේ එක්සත් ජනපද රජයේ මෙවැනි ක්‍රියාමාර්ග සාධාරණ වෙළඳ තරඟකාරිත්වයට බාධා පමුණුවන බවත් ඒවා එක්සත් ජනපදයේ ඇතුළුව චීනයේ තාක්ෂණ සමාගම්වල සහ ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ගේ උනන්දුවට හානි කරන බවයි.  නවතම තහනමට ලක් වූ යෙදවුම් සංවර්ධනය කරන සමාගම් බොහොමයක් මේ පිළිබඳව අදහස් දක්වා නොමැති අතර, WPS Office සංවර්ධනය කරන Kingsoft සමාගම ප්‍රකාශ කළේ මෙම තත්ත්වය කෙටිකාලීනව තම සමාගමේ ව්‍යාපාරයට බලපෑමක් ඇති නොකරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...