Home Tech News වීඩියෝවක් නවත්වන විටත් දැන්වීම් පෙන්වන්න සැරසෙන YouTube
Tech News

වීඩියෝවක් නවත්වන විටත් දැන්වීම් පෙන්වන්න සැරසෙන YouTube

Share
blank
Share

මේ වනවිට YouTube වීඩියො නරබන ඔබට වීඩියෝවක් ආරම්බයේ, මදක් නරබන විට හා අවසානයේදී ඇඩ් දැකගන්න ලැබෙනව. ඒ ඔබ නොමිලේ ලබාදෙන YouTube සංස්කරණය බාවිතා කරන පරිශීලකයෙක් නම්. මේ ආකාරයට YouTube සමාගම දිගින් දිගටම විශාල වශයෙන් ඇඩ් පෙන්වීම මගින් පරිශීලකයන්ව ඔවුන්ගේ ප්‍රීමියම් සංස්කරණය මිලදී ගැනීමට පෙලබවීමක් කරනවා.

මේ ආකාරයට ඇඩ් පෙන්වීමේ මීලග අදියර ලෙස ඔබ වීඩියෝවක් නරබමින් සිට නැවැත්වූ විට(pause) ඇඩ් පෙන්වීමේ නව ක්‍රමයක් මේ වනවිට YouTube සමාගම අත්හදා බලමින් සිටිනවා. එවිට ඔබ වීඩියෝවක් නරබමින් සිට නැවත එය ප්ලේ කිරීමට පෙර ඇඩ් එකක් පෙන්වීම මෙමගින් සිදුවෙනවා.

ඔබ නරඹමින් සිටි වීඩියෝව නවත්වා ඇති විට වෙළඳ දැන්වීම් තිරය මත දිස්වෙනවා. වීඩියෝව නැරඹීම නැවත ආරම්භ කිරීමට ඔබට එම දැන්වීම ඉවත දැමීමට අවශ්‍ය වනු ඇත. මෙය හුරුපුරුදු බවක් පෙනේ නම්, එසේ වන්නේ Hulu මගින්ද මේ ආකාරයට දැන්වීම් පෙන්වීම සිදුකරන නිසයි.

මේ ආකාරයට දැන්වීම් සෑම කෙනෙකුටම පෙන්වන්නේ කවදාදැයි නිශ්චිත දිනයක් තවමත් නැහැ. නමුත් මූලික පරීක්ෂණ ධනාත්මක බැවින්, ඒවා ඉක්මනින්ම දැකගන්න ලැබෙයි. YouTube දැනටමත් දැන්වීම් ස්ථානගත කිරීම සම්බන්ධයෙන් තරමක් ආක්‍රමණශීලී වී සිටිනව. ඔවුන් පසුගිය වසරේ මඟ හැරිය නොහැකි තත්පර 30 දැන්වීම් හඳුන්වා දුන්නා. ඔවුන් මෑතකදී ඇඩ්බ්ලොකර් සහ තෙවන පාර්ශවීය යෙදුම් ද බාවිතා කිරීමේ හැකියාව ඉවත් කර තිබෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...