Home Tech News Windows 12 එන්න කලින්….
Tech News

Windows 12 එන්න කලින්….

Share
blank
Share

Windows කියන්නෙ Microsoft සමාගමෙන් සංවර්ධනය කරන ලෝකයේ බහුතරයක් දෙනා පාවිච්චි කරන පරිගණක මෙහෙයුම් පද්ධතියයි . ඉතිං මේ Microsoft ලාගෙ දැනට නිකුත් වෙලා තියෙන නවතම මෙහෙයුම් පද්ධතිය වෙන්නෙ Windows 11 වේ. ඉතිං ඊලගට නිකුත් වෙන්න නියමිතව තියෙන්නෙ මෙම Windows 12 මෙහෙයුම් පද්ධතියයි.

Windows 12 නිකුත් වන්නෙ කවදාද ?
Microsoft  සමාගම Windows 12 නිකුත් වන දිනයක් තවම නිල  වශයෙන් දැනුම් දීලා නෑ. නමුත් බොහෝ විට මේ 2025 දී හෝ ලබන වසරේ හෝ නිකුත් වීමට පුලුවනි.බොහෝ විට මෙම වසරේ Windows 10 Official support එක අවසන් වීමට සමගාමීව මෙම Windows 12 නිකුත් වීමට වැඩි ඉඩ කඩක් ඇත.

Windows 12 පද්ධති අවශ්‍යතා මොනාද ?
Windows 12 මෙහෙයුම් පද්ධතියත් බොහෝ විට Windows 11 ස්ථාපනය කිරීමට හැකි වූ පරිගණක වලට ස්ථාපනය කිරීමට හැකි වේවි. සමහර විට සමහර පද්ධති අවශ්‍යතා සුළු වශයෙන් වෙනස් විය හැක. Windows 11 Bypass කර install කිරීමට හැකි වුවත් Windows 12 එසේ ස්ථාපනය කල හැකිද යන්න පිලිබදව නම් විශ්වාසයක් තැබීමට අපහසු වේ.

Windows 12 වලට එන AI
Windows 12 මෙහෙයුම් පද්ධතියට , Windows 11 ට සාපේක්ෂව  AI විශේෂාංග වැඩිපුර එක් කිරීම අනිවාර්යෙන් සිදු වේවි. Windows 12 මෙහෙයුම් පද්ධතියටම AI ඒකාබද්ධ කර තිබීම එහි දී දකින්න ලැබේවි. තවද බොහෝ AI විශේෂාංග අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වන නිසා සාමාන්‍ය දෘඩාංග තිබීම ප්‍රමාණවත් වේවි.දැනට තිබෙන Copilot විශේෂාංගයේ තවත් වැඩි දියුණු කිරීම් Windows 12 හී දී දක්නට ලැබෙන අතර නමුත් AI ආශ්‍රිත වැඩි පුර විශේෂාංග භාවිත කරනවා නම් ගෙවීමක් සිදු කර ලබා ගැනීමට සිදු වේවි.

නව UI/UX විශේෂාංග

Windows 12 මගින් Windows 7 , 8 , 10 , 11 සිටම පැමිණෙන  පැරණි Control panel වැනි පැරණි අතුරු මුහුණත් ඉවත් වීමට ඉඩකඩ ඇති අතර Copilot වැනි යෙදුම් සදහා නව UI/UX වෙනස්කම් ඇතුලත් කර, AI අන්තර්ගත Search Box  එකක් ද එහි දී ඇතුලත් විය හැක. නමුත් සමහර අතුරු මුහුණත් වල විශාල වෙනසක් සිදු නොවේවි.

Windows 12 ලබා ගන්නේ කෙසේද ?

Windows 12 නිකුත් වූ පසු ඉක්මනින් ම එය ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබට Windows insider preview මගින් ලබා ගත හැකි වේ. නමුත් මෙහිදී Blue screen වැනි ගැටළු වලට මුහුණ දීමේ අවදානමක් තිබේ. ඔබට Windows 12 ප්‍රථමයෙන් Install කර බැලීමට අවශ්‍ය නම් ඔබ එදිනෙදා වැඩ කරන ප්‍රධාන පරිගණකයට නොව අමතර වෙනත් පරිගණකයක් ඇත්නම් ප්‍රථමව එයට Install කර බැලීම සුදුසු වේ.  ඔබ සාමාන්‍ය ආකාරයට Windows 12 Download කරන්නෙ නම් , සාමාන්‍ය පරිහීලකයන්ට ය නිකුත් කල පසු එය Microsoft වෙබ් අඩවිය හරහා හො Windows Updates හරහා Download කිරීමේ හැකියාවත් පවතීවි.ඒහි දීත් නිකුත් වූ විගස ස්ථාපනය කරනවාට වඩා ටික කාලයක් බලා සිට එහි ඇති අනෙක් අඩුපාඩුත් සැකසූ පසු ස්ථාපනය කිරීම සුදුසු වේ.

ඉතිං මේ Windows 12 පිලිබද ඉදිරියේදී තොරතුරු යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වන අතර ඔබේ අදහසත් Comment එකකින් අපිට කියන්න.

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...