Home Tech News රොබෝ ලෝකයේ උසෙයින් බෝල්ට් – Cassie
Tech News

රොබෝ ලෝකයේ උසෙයින් බෝල්ට් – Cassie

Share
blank
Share

Cassie නම් රොබෝවරයකු විසින් දුර දිවීමේ 100M ඉසව්ව සදහා නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.ඒ සදහා ගතවී ඇත්තේ තත්පර 24.73 ක් පමනක් වන අතර සාමාන්‍ය වේගය 4ms-¹ (14.4Kmh-¹) වි තිබෙනවා.

උසෙයින් බෝල්ට් තබා ඇති වාර්තාව (9.58s) හා සැලකූ විට මෙය ඉතා සෙමෙන් දිවීමක් වුවත් මෙහි ඇති වැදගත්ම දෙය වන්නේ පාද 2ක් ඇති රොබෝවරයකු (Bipedal) විසින් මිනිසුන් දුවන ආකාරයට දිවීමෙන් මෙම ජයග්‍රහණය ලබා ගැනීමයි.මෙම රොබෝව නිර්මාණය කර ඇත්තේ Oregan State University (OSU) හි ඉංජිනේරුවරුන් විසින් වන අතර එහි නිෂ්පාදනය කරන්නේ OSU – Spinout Agility Robotics විසිනි.ඇවිදීමට,පඩිපෙල නැගීමට පමනක් නොව කුඩා පාර්සල් අහුලගෙන එහා මෙහා ගෙන යාමටත් මෙම රොබෝට හැකියාවක් පවතිනවා.

Cassieගේ නිර්මාපකයන් ප්‍රකාශ කරන්නේ,රොබෝව නැවතීම සහ නැගීසිටීම දිවීමේ කොටසට වඩා දුෂ්කර වූ බවයි.කෙසේවෙතත් මෙය රොබෝ තාක්ෂණයේ ඉදිරි ගමනේ වැදගත් සන්ධිස්ථානයක් බව සදහන් කළ යුතුමයි.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...