- 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

Cassie නම් රොබෝවරයකු විසින් දුර දිවීමේ 100M ඉසව්ව සදහා නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.ඒ සදහා ගතවී ඇත්තේ තත්පර 24.73 ක් පමනක් වන අතර සාමාන්‍ය වේගය 4ms-¹ (14.4Kmh-¹) වි තිබෙනවා.

උසෙයින් බෝල්ට් තබා ඇති වාර්තාව (9.58s) හා සැලකූ විට මෙය ඉතා සෙමෙන් දිවීමක් වුවත් මෙහි ඇති වැදගත්ම දෙය වන්නේ පාද 2ක් ඇති රොබෝවරයකු (Bipedal) විසින් මිනිසුන් දුවන ආකාරයට දිවීමෙන් මෙම ජයග්‍රහණය ලබා ගැනීමයි.මෙම රොබෝව නිර්මාණය කර ඇත්තේ Oregan State University (OSU) හි ඉංජිනේරුවරුන් විසින් වන අතර එහි නිෂ්පාදනය කරන්නේ OSU – Spinout Agility Robotics විසිනි.ඇවිදීමට,පඩිපෙල නැගීමට පමනක් නොව කුඩා පාර්සල් අහුලගෙන එහා මෙහා ගෙන යාමටත් මෙම රොබෝට හැකියාවක් පවතිනවා.

Mobile, Internet Service එක ගැන සෑහිමකට පත්වෙනවද?- ReviewSriLanka.com

Cassieගේ නිර්මාපකයන් ප්‍රකාශ කරන්නේ,රොබෝව නැවතීම සහ නැගීසිටීම දිවීමේ කොටසට වඩා දුෂ්කර වූ බවයි.කෙසේවෙතත් මෙය රොබෝ තාක්ෂණයේ ඉදිරි ගමනේ වැදගත් සන්ධිස්ථානයක් බව සදහන් කළ යුතුමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here