Home Tech News Online Security වලට Titan Security Key
Tech News

Online Security වලට Titan Security Key

Share
blank
Share

Online සේවා හා සම්බන්ධ Accounts හෙවත් Google, Facebook, Instagram, Drop Box යනාදී Online Account වෙතට ආගන්තුකයින් ඇතුළුවීම හෙවත් හැක් කිරීම වැළැක්වීමට දැන් තිබෙන හොඳම ක්‍රමය Security Key භාවිතා කිරීමයි. Computer hardware සැලකිය හැකි මෙම keys, Digital Security Keys ලෙස හදුන්වයි.

දැන් තිබෙන මෙවැනි යතුරු වර්ග අතරින් ලොව වැඩි දෙනෙක් විශ්වාස කරන යතුර, ටයිටන් සෙකියුරිටි කී (Titan Security Key) ලෙස හඳුන්වයි. ගූගල් සමාගමේ තාක්ෂණඥයින් විසින් නිර්මානය කරන ලද මෙහි අලුත්ම සංස්කරණය, දැන් විකිණිමට තිබෙනව. එය යූඑස්බී සී පෝට් එකක් සහිත උපාංගයක්. එසේම Near Field Communication (NFC) තාක්ෂණය ඔස්සේ සන්නිවේදනය කරයි.

මෙම යතුරේ භාවිත සංකල්පය සාමාන්‍ය යතුරකට සමානයි. එනම්, පරිගණකය ඔස්සේ හෝ මොබයිල් උපාංගයක් ඔස්සේ හෝ ඔන්ලයින් එකවුන්ට් එකකට පිවිසිය හැක්කේ මෙම උපාංගය යතුරක් සේ එය හා සම්බන්ධ කළොත් පමණයි. ඔන්ලයින් එකවුන්ට් වෙත පිවිසෙන්නේ එහි නියම අයිතිකරුවන් හෝ අවසරලත් අයට හෝ පමණක් දැයි තහවුරුකර ගැනීමට මෙහිදී භාවිතා කරන ක්‍රමය (2FA-two factor authentication) ආරක්ෂිතයයි. මෙහිදී එක්කෝ තමා සතු උපකරණයක් භාවිතා කොට නියමානුකූල බව පෙන්වා එකවුන්ට් එකට පිවිසිය යුතුය. නැතහොත් ඇඟිලි සලකුණ වැනි තමා සතු භෞතික ගුණාංගයක් පෙන්වා එකවුන්ට් එකට පිවිසිය යුතුයි. එනම් පාස්වර්ඩ් එකට අමතර ආරක්ෂිත යෙදුමක් වශයෙන්.

යූඑස්බී පෝට් එකක් හරහා හෝ නියෆීල්ඩ් තාක්ෂණය ඔස්සේ හෝ පරිගණකයට සම්බන්ධ කරන ටයිටන් සෙකියුරිටි කී උපාංගයේ ඇති බොත්තම තද කළ විට තම ඔන්ලයින් එකවුන්ට් වෙත එසැණින් පිවිසිය හැකි ආරක්ෂිත පියවර සියල්ල සපුරා දෙනව.

සෑම වෙබ් බව්සරයක් සමඟ මෙන්ම ඔන්ලයින් සේවා සමඟ මෙසේ ටයිටන් යතුර හොඳින් ක්‍රියා කරනව. මෙය Google Webඅඩවිය ඔස්සේ ලොව ඕනෑම කෙනෙක්ට මිලදී ගත හැක. මෙවැනි ආරක්ෂක යතුරු තනන්නේ ලොව පිළිගත් තොරතුරු ආරක්ෂණ සම්මුති හෙවත් ප්‍රොටෝකෝල් දෙකකට අනුගත වෙන සේය. ෆිඩෝ (FIDO – Fast Identity Online) සහ යූටූඑෆ් (U2F – Universal 2nd Factor) යනු ඒවාය. මෙහිදී විශේෂ දෘඩාංග උපකරණයක් (firmware) නිපදවා එය ආරක්ෂිත යතුරට සම්බන්ධ කරනව. එය නිෂ්පාදන අවස්ථාවේම පරිපථයට සම්බන්ධ කර සකසන්නේ නිෂ්පාදන අවස්ථාවේදීවත් කිසිවෙක්ට එහි තොරතුරු වෙනස් කළ හෝ පිටපත්කළ හෝ නොහැකි වෙන සේය.

වසර 2017දී ගූගල් සමාගමේ සේවකයින් 85,000කට මෙම ටයිටන් සෙකියුරිටි කී උපාංග ලබාදී අත්හදා බලන ලදි. එම කාලය තුළ ඒ අයගේ ඔන්ලයින් එකවුන්ට් ඔස්සේ කිසිම තොරතුරක් වෙනත් අයෙක්ට ලබා ගත නොහැකි වුනා. එසේම, ටයිටන් සෙකියුරිටි කී උපාංගයේ භාවිතා කෙරෙන ආරක්ෂිත චිපයේ යම් දෝශයක් වේදැයි සොයා ගන්නා කෙනෙක්ට ඩොලර් මිලියන 1.5ක් ලබා දෙන බව ගූගල් සමාගම 2019දී ප්‍රසිද්ධ කරා. ඒ සමාගමේ බග් හන්ටර්ස් වැඩසටහන යටතේය. ඒ මුදල තවමත් කිසිවෙක් ලබා ගෙන නැත. ටයිටන් සෙකියුරිටු කී තාක්ෂණය ඉතා ආරක්ෂිත බවට එය සහතිකයකි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...