Home Tech News මැල්වෙයා ඇප්ස් පිරි ගූගල් ප්ලේ ස්ටෝර්
Tech News

මැල්වෙයා ඇප්ස් පිරි ගූගල් ප්ලේ ස්ටෝර්

Share
blank
Share

ගූගල් ප්ලේ ස්ටෝ වෙබ් සේවයෙන් ලබා ගන්නට තිබෙන ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් අතර ඉතා නරක මැල්වෙයා සහිත ඇප්ස් බොහෝ තිබෙනවා. මෙනිසා ඇන්ඩ්‍රොයිඩ් උපාංග දරුණු අනාරක්ෂිත තැනකට වැටී ඇතැයි පරිගණක ආරක්ෂාව පිළිබඳ පර්යේෂකයින් විසින් පෙන්වා දෙනු ලැබ තිබෙනවා.

පසුගිය 2023 වර්ෂයේදී වැඩියෙන්ම ඩවුන්ලෝඩ් කරගත් ඇප්ස් සිය ගණනක් මෙයට අයත් වෙනවා. එකිනෙකට වෙනස් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් මිලියන තුන හමාරක් හෙවත් ලක්ෂ තිස්පහක් පමණ ගූගල් ප්ලේ ස්ටෝර්හි තිබෙන නිසා, මෙම ඇප්ස් ගණන ඉතා සුළු ගණනක් වුවත් ප්‍රතිඵලය දරුණුයි. මිලියන 600 වාරයක් හෙවත් හැට කෝටි වාරයක් මෙම ඇප්ස් ඩවුන්ලෝඩ් කර ගෙන ඇති බැවිනි.

පරිගණක ආරක්ෂණ මෘදුකාංග තනන ඩොක්ටර් වෙබ් සමාගමේ පර්යේෂකයින් විසින් විශේෂ ගණයේ මැල්වෙයා ආකෘතියක් හඳුනා ගෙන තිබෙනවා. SpinOk module වශයෙන් නම් කළ මෙම ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග මොඩියුලය සම්බන්ධ කර තැනූ ඇප්ස් සිය ගණනක් තිබෙනවා. ඒවා මඟින්, එය ඉන්ස්ටෝල් කර ඇති උපාංගයේ තිබෙන ෆයිල් පිළිබඳ විස්තර එම ඇප් එක තැනූවන් වෙත ලබා දෙනවා. ක්‍රෙඩිට් කාඩ් තොරතුරු සහ ඒවායේ පාස්වර්ඩ් මෙන්ම ක්ලිප් බෝඩ්වල රැඳෙන වෙනත් විස්තරද, ඇප් එක තැනූවන් විසින් පෙන්වනු ලබන වෙනත් සර්වර්වල තැන්පත් කරනවා. එනිසා, SpinOk module යනු ස්පයිවෙයා (spyware) වර්ගයේ වැඩසටහන්. එනම්, ඇප් එක ඉන්ස්ටෝල් කර ඇති උපාංගයෙන් රැස් කර ගන්නා දත්ත වෙනත් අයට යවන වර්ගයේ ඒවායි. මෙම මොඩියුලය සහිත ඇප්ස් ඉන්ස්ටෝල් කර ගෙන ඇති උපාංග ගණන මිලියන 421 ක් හෙවත් හතළිස් දෙකෝටි විසි එක් ලක්ෂයක්.

පරිගණක ආරක්ෂණ මෘදුකාංග නිපදවන තවත් ලොව ප්‍රකට සමාගමක් වෙන ඊසෙට් සමාගමේ පර්යේෂණයින් විසින් සොයා ගනු ලැබූයේ, ස්ක්‍රීන් රෙකෝඩර් වර්ගයේ නරක ඇප් එකක්. පනස් දහස් වාරයකට වඩා ඉන්ස්ටෝල් කර ගෙන ඇති අයිරෙකෝඩර් නම් මෙම ඇප් එක, මයික්‍රොෆෝන් එකෙන් රෙකෝඩ් කරන දේ ඇප් එක තැනූවන් වෙත එලෙසින්ම ලබා දෙනවා.
AhRat මාදිලියේ මැල්වෙයා වැඩසටහනක් යැයි ඊසෙට් සමාගමෙන් හදුන්වාදී ඇති මෙය, ට්‍රොජන් (trojan) වර්ගයේ වැඩසටහනක්.

මේවා, හානිකර නොවෙන මාදිලියෙන් වෙස් ගත් වැඩසටහන් වශයෙන් උපාංගයට ඇතුළු වෙනවා. වැඩසටහන ක්‍රියාත්මක කරන විට ට්‍රොජන් වැඩසටහන එළියට විත් එහි වැඩ අරඹනවා. ඇන්ටිවයිරස් වැඩසටහන් නිපදවන තවත් ලොව ප්‍රකට සමාගමක් වෙන කැස්පර්ස්කි සමාගමේ පර්යේෂකයින් විසින්ද ට්‍රොජන් වර්ගයේ මැල්වෙයා කේතයක් ඇති ඇප්ස් ගණනාවක් හඳුනා ගනු ලැබ තිබෙනවා. Fleckpe subscription Trojan ලෙස ඔවුන් නම් කර ඇති මෙම අලුත් මාදිලියේ මැල්වෙයා කේතය ඇති ඇප්ස්, හයලක්ෂ විසිදහසක් දෙනා විසින් ඉන්ස්ටෝල් කර ගනු ලැබ ඇති බව ඔවුහු දැන ගෙන තිබෙනවා. මේවා බොහොමයක් වෝල්පේපර්, ෆොටො එඩිටර් යනාදී සේවා දෙන ඇප්ස්ය.

පරිගණක ආරක්ෂාව පිළිබඳ වැඩවල නියුතු ප්‍රංශයේ ප්‍රාඩියෝ සමාගමේ පර්යේෂකයින් සොයා ගනු ලැබූයේ, චීනයට තොරතුරු යවන ඇන්ඩ්‍රොයිඩ් ඇප් දෙකකි. ඉන් එක් ඇප් එකක් දස ලක්ෂ වාරයක්ද, අනෙක් ඇප් එක පන් ලක්ෂ වාරයක්ද ඉන්ස්ටෝල් කර ගෙන තිබෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...