රතු මුහුද හරහා ගිය SEA-ME-WE 4 සහ IMEWE කේබල් පද්ධති දෙකක් පසු ගිය දිනක කැපී ගියහ. මෙම සිදුවීම නිසා Microsoft සමාගමේ Azure ව්‍යාප්ත ජාලයට සම්බන්ධ දකුණු ආසියාව සහ ගල්ෆ් ප්‍රදේශවල ව්‍යාප්තව සිටින cloud සේවා භාවිතා කරන පාරිභෝගිකයන්ට සේවාවේ අඩාල වීමක් සහ වැඩි latency එකක් දැනෙන්නට ලැබේ.
මෙම කැපී ගිය කේබල් දෙකම ආසියාව සහ යුරෝපය සම්බන්ධ කරන දිගු දුර ජාල මාර්ගයන් වන අතර, Google සහ Meta වැනි සමාගම්ද මෙම නිසා බලපෑම් අත් විදිමින් සිටී. එක් මාර්ගයක් අහිමි වුවද,අනෙක් විකල්ප මාර්ගයන් අධික භාවිතයට ලක්වීම නිසා latency වැඩි වීම, packet loss වැනි ගැටලු ඇතිවිය හැකිය. multiplayer gaming වලදී සහ විශාල ගොනු බාගැනීමේ දී cloud මත පදනම් වූ යෙදුම්වල ක්‍රියාකාරිත්වයට බරපතල බලපෑම් අත්විය හැකිය.
Microsoft සමාගම වෙනත් අන්තර්ජාල මාර්ග භාවිතා කරමින් ජාලය පවත්වාගෙන යයි. නමුත් රතු මුහුදේ භූ-රාජ්‍යමය ගැටළු සහ යටිතල කේබල් අලුත්වැඩියාවට ඇති නෞකා හිඟය නිසා, මෙම අලුත්වැඩියා කටයුතු වලට සතියක් හෝ ඊට වඩා වැඩි කාලයක් ගතවිය හැකිය. 2024 පෙබරවාරි මාසයේද මෙම ප්‍රදේශයේ කේබල් කිහිපයකට හානි වී තිබුණි.














Leave a comment