Home Tech News ජනප්රිය Streaming සේවාවක් වන Twitch වෙබ් අඩවිය හැක් වේ.
Tech News

ජනප්රිය Streaming සේවාවක් වන Twitch වෙබ් අඩවිය හැක් වේ.

Share
blank
Share

පසුගිය සති කිහිපය අන්තර්ජාල සේවාවන්ට එතරම් සුභදායක වුනේ නෑ. Facebook ආයතනයේ සියලුම සේවාවන් පැය කිහිපයකටම අක්‍රිය වුනා. ඒ අතර ලංකාවේ එතරම් ප්‍රචලිත නොවුනත් ලෝකයේ අංක එකේ streaming සේවාව වන Twitch වෙබ් අඩවියේ සියලුම තොරතුරු වගේ hacker කෙනෙක් විසින් අන්තර්ජාලයට leak කරල තිබුනා.

මේ leak වෙච්ච තොරතුරු වල ප්‍රමාණය 125GB තරම් වෙන බව වාර්තා වෙනවා. 4chan කියන forum එකේ නිර්නාමික user කෙනෙක් විසිනුයි මේ දත්ත ඇතුලත් torrent එක release කරල තියෙන්නේ. ඒ පුද්ගලයා විසින් සඳහන් කරල තියෙනවා video streaming වෙලඳපොලේ වඩාත් හොඳ තරඟයක් ඇති කිරීම සඳහා මේ කටයුත්ත සිදු කරා කියන එක. Twitch ආයතනයත් දින කිහිපයකට පස්සෙ මේ data leak වීම තහවුරු කරා.

Twitch’s tweet confirming the data leak.

මේ leak වෙච්ච data පහත ආකාරයෙන් වෙනවා.

  • අවුරුදු 3ක සිට streamers ලට කරපු ගෙවීම් වල තොරතුරු.
  • twitch.tv වෙබ් අඩවියේ source code එක සහ ආරම්භයේ සිට කරපු commits.
  • mobile app, desktop client සහ console client වල source codes.
  • Twitch හිමිකාරීත්වය දරන SDK වල codes.
  • Amazon Game Studios වලින් Steam වලට තරඟයක් දෙන්න එලිදක්වන්න නියමිත platform එකක්.
  • Twitch වලට අයිති IGDB සහ CurseForge සේවාවන් වල දත්ත.
  • Twitch අභ්‍යන්තරව භාවිතා කරන security tools.

Twitch වැඩිම ගෙවීම් සිදු කරන streamers ල 100 දෙනාගෙ leak වුන ගෙවීම් තොරතුරු පහල tweet එකෙන් බලන්න පුලුවන්.

Tweet of Twitch leaked payout to streamers.

මේ leak එක ඉදිරියට එන්න නියමිත leaks කිහිපයක පලවෙනි කොටස කියල සඳහන් වෙනවා. මේ දත්ත තුල users ලගේ usernames හෝ passwords නම් ඇතුලත් වෙන බවක් දකින්න නෑ. නමුත් වැඩි ආරක්ශාවට ඔයා ගාව Twitch account එකක් තියනවනම් දැන් තියන password එක වෙනස් කරල 2 factor authentication එක සක්‍රීය කරල තියාගන්න එක නුවණට හුරුයි.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...