Press ESC to close

අලුත්ම iPhone 13 දුරකථන පෙලෙහි විස්තර

පසුගිය දිනක තිබුන Apple Event එකේදි Apple ආයතනය තමන්ගෙ අලුත්ම product line එක හඳුන්වාදෙනු ලැබුවා. අලුත්ම iPad සහ Apple Watch වලට අමතරව කවුරුත් බලන් හිටපු iPhone 13 දුරකථන පෙලත් මේ සමගාමීව නිකුත් කරා. ඒ ගැන අපි විස්තර කතා කරමු.

Apple iPhone 13 සහ iPhone 13 Mini.

මේ අවුරුද්දෙ අලුත්ම iPhone 13 දුරකථනය බැලූ බැල්මට iPhone 12 වලට සමානයි, එහෙම උනත් ගිය අවුරුද්දෙ iPhone දුරකථනවල තිබුනට වඩා කුඩා notch එකක් සහ redesign කරපු camera පද්ධතියකුත් iPhone 13 වල දකින්න ලැබෙනවා. iPhone 13 එක්කම Apple සමාගම iPhone 13 Mini දුරකථනයත් හඳුන්වා දුන්නා.

Get Your Site Up with A2 Hosting

iPhone 13 වල අඟල් 6.1ක OLED display එකක් සහ iPhone 13 Mini වල අඟල් 5.4ක display එකක් දැකගන්න පුලුවන්. කලින් අවුරුදු වල වගේම මේ අවුරුද්දෙ models වලත් glass bodies සහ aluminum frames වලින් සමන්විත වෙනවා. මේ අලුත් දුරකථන බලගැන්වෙන්නෙ transistors බිලියන 15ක් තියන අලුත්ම Apple ආයතනයේ A15 Bionic processor එකෙන්.

මේ models වල අලුත් wide camera sensor එකක් සහිත dual-camera පද්ධතියක් තමයි තියෙන්නෙ. f/1.6 aperture එකක් සහිත 12 megapixels wide angle primary camera එකක් සහ f/2.4 aperture එකක් සහිත 12-megapixel ultrawide camera වක් iPhone 13 වල දකින්න පුලුවන්. iPhone 12 Pro Max වල තිබුන sensor-shift stabilization තාක්ෂණයත් මේ අවුරුද්දෙ iPhone 13 වලට ඇතුලත් කරල තියනවා. Video සඳහා “cinematic mode” නමින් අලුත් පහසුකමකුත් හඳුන්වා දුන්නා.

මේ දුරකථන models දෙකටම 12 megapixels TrueDepth selfie camera ඇතුලත් කරල තියනවා. මේ camera වලට Dolby Vision සහිත HDR videos record කරන්න පුලුවන්. මේ models දෙකම 128GB, 256GB, සහ 512GB කියන options තුනෙන් තෝරගන්න පුලුවන්. iPhone 13 සහ iPhone 13 Mini දුරකථන දෙකම පාට වර්ග 5 කින් තෝරගන්න හැකියාව තියනවා, ඒ Pink, Blue, Midnight, Starlight, සහ Product (RED).

iPhone 13 Mini දුරකථනයට කලින් iPhone 12 Mini වල battery life එකට වඩා පැය එක හමාරක විතර වැඩි battery life එකක් බලාපොරොත්තු වෙන්න පුලුවන් කියල Apple සමාගම ප්‍රකාශ කරල තිබුනා, ඒ වගේම iPhone 13 model එකට කලින් අවුරුද්දෙ iPhone 12 වලට වඩා පැය දෙක හමාරක battery life එකක් ලබාදීල තියනවා. මේ විදිහට battery life එක වැඩි වෙන්න හේතුව කියල Apple සමාගම ප්‍රකාශ කරන්නෙ A15 Bionic chip එකේ තියන කාර්‍යක්ෂමතාව සහ මේ models වලට ඇතුලත් කරල තියන වඩාත් විශාල battery එකයි. iPhone 13 වල මිල පටන්ගන්නෙ $799 සහ iPhone 13 Mini වල මිල ආරම්භ වෙන්නෙ $699.

Apple iPhone 13 Pro and iPhone 13 Pro Max.

iPhone 13 Pro දුරකථනයේ අඟල් 6.1ක Super Retina XDR OLED display එකක් සහ iPhone 13 Pro Max එකේ අඟල් 6.7ක Super Retina XDR OLED display එකක් බලාගන්න පුලුවන්. මේ displays දෙකම 1000 nits brightness එකකින් යුක්තයි. ඒ වගේම අලුතෙන් හඳුන්වා දුන් ProMotion පහසුකමෙන් මේ display වලට 120Hz වලට වෙනකන් refresh rate එකක් පවත්වාගන්න පුලුවන්. මේ දුරකථනවලටත් අලුත්ම A15 Bionic chipset එක ඇතුලත් කරල තියනවා. මේ models වල තෝරගන්න 128GB, 256GB, 512GB සහ 1TB ලෙස options කිහිපයක් හඳුන්වල දීල තියනවා.

මේ අලුත් models දෙකේම telephoto, ultra-wide and wide යන sensors ඇතුලත් triple camera setup එකක් දැකගන්න පුලුවන්. අලුතෙන් macro චායාරූපකරණයටත් හැකියාව ඇතුලත් කරල තියනවා. මේ camera setup එකේ සියලුම කැමරා Night Mode එකට සහය දක්වනවා. මේ අවුරුද්දෙ තවත් 5G bands සඳහා සහය වැඩි කරල තියනවා.

iPhone 13 Pro වල මිල $999 න් ආරම්භ වෙන අතර iPhone 13 Pro Max වල මිල ආරම්භ වෙන්නෙ $1099 න්. මේ models දෙකම Graphite, Gold, Silver, සහ Sierra Blue යන වර්ණ හතරෙන් මිලදී ගන්න පුලුවන්. මේ දුරකථන සැප්තැම්බර් 24 වෙලඳ පොලට නිකුත් කරන්න නියමිතයි.

Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *