Home Tech News Phones Samsung බැටරි පිපිරීමේ ඇත්ත කතාව
PhonesTech News

Samsung බැටරි පිපිරීමේ ඇත්ත කතාව

Share
Share

ඔබ සමාර්ට්ෆෝනේ එකක් භාවිතා කරන,social media පරිශීලනය කරන්නෙක් නම් මෑත කාලයේදී සමර්ට්ෆෝනේ බැටරි වල ආරක්ෂාව සහ කල්පැවැත්ම පිළිබඳව යම් කිසි ගැටළුකාරී තත්වයන් වාර්තා වූ බව ඔබ දන්නවා ඇති,විශේෂයෙන්ම Samsung ජංගම දුරකථන වල බැටරි ආශ්‍රිතව මෙම ගැටලුව වාර්තා වීම නිසා ඒ පිළිබඳව බොහෝ දෙනෙක් උනන්දු වූ බවට සැකයක් නැහැ.

2016 දී නිකුත් වූ Galaxy Note 7 මාදිලියේ ඇති වූ දෝෂය හා සසදන විට මෙවර සිද්දිය තරමක් වෙනස් වනවා.සරලවම දුරකථනය ආරෝපණය නොකර දිගු කාලයක් (~ මාස 15ක් පමන) ගබඩා කර හෝ භාවිතා නොකර සිටීමේදී මෙහි බැටරිය පිම්බී දුරකතනයේ පසුපස පියන ගැලවී පෙනෙන්නට පටන් ගනී.මෙය තවත් උග්‍ර අතට හැරුණු විට තව තවත් පිම්බි බැටරිය පුපුරා ගොස් ගින්නක් පවා ඇති වීමට හැකියාවක් පවතිනවා,මෙම තත්වය Samsung දුරකථන වලට පමණක් සීමාවූ දෙයක් ලෙස හදුනාගන්නට බැහැ.Li-ion බැටරි ප්‍රවේශමෙන් භාවිතා නොකළහොත් මෙවැනි ගැටළු වලට භාජනය වීමේ හැකියාවක් පවතිනවා.

Li-ion බැටරි තුළ බලය උත්පාදනය වෙන්නේ එහි තුළ ඇතිවන රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙනි. බැටරියේ ආයු කාලය ක්ෂය වූ පසු තවදුරටත් මෙම ප්‍රතික්‍රියාව සම්පූර්ණයෙන් සිදු නොවීම නිසා (නියමිත පරිදි charge – discharge වාර ගණනක් සිදු නොවීම),එතුල වායූන් එක්රැස්වීමට පටන් ගනී.මෙම සිද්දිය නිසා බැටරිය ඉදීමුණු බැටරියක් ලෙසට පරිවර්තනය වේ,මෙම හේතුවෙන් බැටරියේ අභ්‍යන්තර ස්ථර එකිනෙක ගැටී වායු කාන්දුවීමක් සිදුවී ගින්නක් ඇතිවීමටද හැකියාවක් පවති.

මෙය Samsung දුරකථනවලට පමණක් සීමාවූ ගැටලුවක් නොවුවත්,Samsung දුරකථන අනෙක් දුරකථන වලට සාපේක්ෂව වැඩි ප්‍රමාණයකින් මෙම ගැටළුවට මුහුණ දී ඇති බව වාර්තාවන සිද්දි අතුරින් අපට නිගමනය කරන්න පුළුවන්. Arun (Mrwhosetheboss) පවසන පරිදි ඔහුගේ දුරකථන එකතුවෙන් Galaxy S6,Galaxy S8,Galaxy Note 8,Galaxy S10 5g,Galaxy S10e,Galaxy z fold 2 සහ තවමත් නිකුත්වී මාස 18ක් පමණක් වන Galaxy S20fe මාදිලියද පැවතීම මෙහි භයානක බව තවත් වැඩි කරන හේතුවක් බවට පත්වී තිබෙනවා.ජංගම දුරකථන එකතු කරන්නන් අතර මෙම ගැටලුව පවතින බව ඔහු විසින් සොයාගෙන තිබූ අතර මෙම ගැටළුවට Samsung දුරකථන වැඩි වසයෙන් දායක වි තිබෙනවා.

Samsung සමාගම පවසන පරිදි ඔබගේ දුරකථනය භාවිතා නොකර ඉවත් කර තිබෙනවා නම් මාස 3කට සැරයක් හෝ ආරෝපණය කර තබා ගැනීමෙන් මෙම තත්වය ඇති වීම නවතා ගන්නට පුළුවන්.සමහර විට ඔබගේ දුරකතනයේ දැනටමත් බැටරිය ඉදිමී පවතිනවා වෙන්නට ඇති,එසේනම් නැවත නැවත ආරෝපණය කිරීමේදී බැටරිය පිළිබද වැඩි අවධානයක් සහ හැකිනම් අලුත් බැටරියක් වෙත මාරු වීම වඩා ආරක්ෂිතයි,භාවිතා නොකරයි නම් බැටරිය ජංගම දුරකතනයෙන් ඉවත්කර තබා ගන්නට කටයුතු කරන්න.අවසාන වශයෙන් Samsung,Apple,Xiaomi,…etc ඔබ කුමන දුරකතනයක් භාවිතා කරත් එහි බැටරිය පිළිබද වැඩි අවධානයකින් කටයුතු කරනවා නම් මෙවැනි අනතුරු ඇතිවීම වළක්වා ගන්නට පුළුවන්.

Share

Leave a comment

Leave a Reply

Related Articles

මිනිසෙකු හා සමානව සංවාදයේ යෙදෙන ChatGPT 5.1

OpenAI විසින් නිකුත් කළ ChatGPT 5.1 මේ දිනවල ගොඩක් කතාබහට ලක්වෙන AI...

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...