Home Tech News Hardware USB වෙනුවට වඩාත් වේගවත් Thunderbolt 5 එන ලකුණු
HardwareTech News

USB වෙනුවට වඩාත් වේගවත් Thunderbolt 5 එන ලකුණු

Share
blank
Share

USB 4 හි version 2.0 හදුන්වා දී වැඩි කාලයක් යන්නට කලින් Intel සමාගම නව Thunderbolt connectivity එකක් සදහා පරීක්ශන සිදුකරගෙන යනබව වාර්තා වෙනව. එහි නම පිලිබදව තවමත් නිළ වශයෙන් තහවුරු කර නැති වුනත් එය Thunderbolt 5 ලෙස හදුන්වනු ඇති බවයි විචාරකයන් පවසන්නෙ. මෙම Thunderbolt 5 සදහා පදනම් වෙන්නෙ USB 4 (v2.0) සංස්කරණයයි. එය 80Gbps උපරිම වේගයක් සදහා සහය දක්වන බව පැවසෙනව.

මෙම වැඩිදියුනු කල Thunderbolt මගින් සාමාන්‍ය අවස්ථා වලදී 80Gbps උපරිම වේගයක් ලබාදුන්නද HD video සම්ප්‍රේෂණයේදී පවතින bandwidth එක අනුව 120Gbps උපරිමයක් දක්වා සහය දක්වනව. කෙසේ නමුත් මෙම නව තාක්ශනය නිකුත් කරන නිශ්චිත දිනයක් පිලිබදව Intel සමාගම තවමත් කිසිදු නිවේදනයක් නිකුත් කර නැහැ.

මෙම නව Thunderbolt තාක්ශනය මගින් කේබල් කිහිපයකින් සිදුකරන කාර්යන් තනි කේබලයක් මගින් සිදුකරගත හැක. මෙම Thunderbolt මගින් Intel සමාගම පවසන ආකාරයට අවම 40Gbps දත්ත හුවමාරු වේගයක් මෙන්ම dual 4K monitors සදහා සහය දැක්වීම සහ 100W දක්වා විදුලි බලයක් රැගෙන යාමටත් හැකියි. Thunderbolt සහ USB 4 යන දෙකම මගින් ලැප්ටොප් පරිගණක වලට high-resolution 4K monitors, external storage systems, සහ high-speed network adapters සම්බන්ද කර වඩා කාර්යක්ශම ලෙස බාවිතා කරන්න පුලුවන්.

අද වනවිට වෙලදපොළට නිකුත් කරන බොහොමයක් ලැප්ටොප් පරිගණක වල මෙම Thunderbolt port එකක් අඩංගු වෙනව. තනි Thunderbolt port එකක් මගින් කාර්යයන් කිහිපයක් වේගවත්ව කරගත හැකි නිසා එය සීග්‍රයෙන් ජනප්‍රිය වෙමින්ද පවතිනව. සමහරවිට අනාගතයේ දිනෙක USB මගින් සිදුකරන දත්ත හුවමාරුව සදහටම නැතිවී යාමත් සිදුවෙන්න පුලුවන්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...