Home Tech News Samsung සමාගම Hack වෙයි
Tech NewsUpdates

Samsung සමාගම Hack වෙයි

Share
blank
Share

පසුගිය දවසක Nvidia සමාගම hack කරපු Lapsus$ නමැති කණ්ඩායම කොරියානු Samsung සමාගමටත් hacking ප්‍රහාරයක් එල්ල කරල තියනවා. Lapsus$ විසින් Samsung සමාගමට අයිති 190GB ක් පමණ වෙන රහස්‍ය තොරතුරු අන්තර්ජාලයට නිදහස් කරල තියනව කියල වාර්තා වෙනවා. මේ විශාල දත්ත එකතුවට Samsung සමාගමට අයිතිය තියන applications වල source codes සහ විවිධ ව්‍යාපෘති වලට අයත් දත්ත සමූහයන් ඇතුලත් වෙලා තියනවා.

මේ ප්‍රහාරය සිදුවෙලා තියෙන්නෙ කොයි වෙලාවෙද හෝ hacker කණ්ඩායම Samsung සමග කුමන ආකාරයේ සම්බන්ධයක් පවත්වලා තියනවද කියල තවම තොරතුරක් නෑ. මේ කණ්ඩායම Nvidia වලින් නම් සමාගමේ GPUs වලට open-source drivers ලබාදෙන්න සහ Crypto mining සිදු කිරීමේදී කරන සීමා කිරීම් නවත්වන්න කියල දැනුම් දීල තියනවා.

සාමන්‍ය පුද්ගලයෙක්ට මේවගේ සිදුවීම් වල වැඩි වැදගත්කමක් නොපෙනුනත් මේ වගේ hacking ප්‍රහාර වලින් පෙනී යන්නෙ සයිබර් ආරක්ෂණය පිලිබඳ තවදුරත් අප හොඳ අවධානයක් යොමු කළ යුතු බවයි. මේ ප්‍රහාරය පිලිබඳ Samsung සමාගමේ නිලධාරීන් පවසන්නේ ඔවුන් දැනටමත් තත්වය තක්සේරු කරමින් සිටින බවටයි.

Nvidia වලට සිදුවුනු ප්‍රහාරයෙන් leak වුන දත්ත අතර තවමත් Windows විසින් පිළිගන්නා certificates ඇතුළත් වෙලා තියනවා. මේ හේතුවෙන් ඒ certificates භාවිතා කරල Windows පරිගණකවලට malware ඇතුල් කරන්නත් හැකියාව මෙමගින් ඇති වෙනවා. Samsung leak එකේදි සමාගමේ උපා‌ංගවල trusted apps සඳහා යොදාගන්න කේතයන් හැකර්වරුන්ගේ ග්‍රහණයට ගිහින් තියනවා, ඒ වගේම biometrics tools වලට යොදාගන්න algorithms කිහිපයකුත් මෙලෙස leak වෙලා තියන බවයි වාර්තා වෙන්නේ.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...