Home Games Tencent විසින් Turtle Rock Studios මිලදී ගනී
GamesTech News

Tencent විසින් Turtle Rock Studios මිලදී ගනී

Share
blank
Share

මේ ලෝකයේ ලොකුම පරිගණක ක්‍රීඩා නිශ්පාදකයා කවුද කියල ඇහුවොත් හුඟ දෙනෙක්ට හිතෙන්න පුලුවන් ඒ මොකක් හරි ඇමරිකානු සමාගමක් වෙන්න ඇති කියල. නමුත් ඇත්තටම ඒක චීනයේ ඇති Tencent කියන සමාගමයි. mobile games ක්‍රීඩා කරන අයෙක්නම් ඔයා මේ නම අහලත් ඇති. ඉතින් මේ Tencent සමාගම මෑතක ඉතා ප්‍රසිද්ධ වුන පරිගණක ක්‍රීඩාවක් වුන “Back 4 Blood” වල සංවර්ධකයන් වෙන Turtle Rock Studios වල මව් සමාගම Slamfire පසුගිය දවසක මිලදී ගත්තා. මේ විදිහට මිලදී ගැනීමක් සිද්ද වුනත් Turtle Rock Studios වල කටයුතු වෙනසක් නොවී කැලිෆෝනියා නගරයේම සිදු වෙනව කියල සඳහන් වෙනවා.

මේ මිලදී ගැනීම පිලිබඳ Turtle Rock Studios විසින් මාධ්‍ය ප්‍රකාශයකදී කියල තියෙන්නෙ Tencent සමාගමත් සමග සම්බන්ධ වීමෙන් ඔවුන්ගෙ අති විශාල සම්පත් සහ විශේෂඥතා වලට තමන්ට ප්‍රවේශය ලැබෙනව වගේම ඉදිරිය පිලිබඳ හොඳ ඉලක්කයක් හා දැක්මක් ඇති සහකරුවෙක් ලැබීම පිලිබඳ ඔවුන් සතුටු වෙන බවයි. ඒ වගේම මේ විදිහට මිලදී ගැනීමක් සිදු වුනත් ඔවුන් ස්වාධීනව ඉදිරියටත් Studios හි සම-නිර්මාතෘවරුන් වන Phil Robb සහ Chris Ashton යන අයගේ නායකත්වයෙන්ම කටයුතු කරගෙන යන බවයි.

Tencent සතුව විශාල පරිගණක ක්‍රීඩා සමාගම් එකතුවක් තියනවා. ලෝකයේ තියන සමහර ලොකුම gaming studios අයිති Tencent සමාගමට, නැතිනම් ඒ වගේ studios වල සැලකිය යුතු කොටස් හිමිකාරීත්වයක් හරි ඔවුන් දරනවා. ඒ විදිහට Tencent සතුව සම්පූර්ණයෙන් හෝ කොටස් ලෙස හෝ ඇති සමාගම් අතර Riot Games, Supercell, Funcom, Epic Games, Activision Blizzard, සහ Ubisoft කිහිපයක්. ඉතින් ඔයගොල්ලන්ට තේරෙනව ඇති කොච්චර ලොකු Studios වල හිමිකාරීත්වය Tencent සමාගමට තියනවද කියලා.

මේ වසරේදී නිකුත් වුන වාර්තාවකට අනුව 2021 දි Tencent සමාගම 100 කටත් වඩා අධික පරිගණක ක්‍රීඩා ආශ්‍රිත සමාගම් වල ආයෝජනය කරල තියනව වගේම ඒවාගෙන 30% ක ප්‍රමාණයක් චීනයෙන් පිටත සමාගම්. 2020 දි මේ විදිහට ආයෝජනය කරල තියෙන්නෙ සමාගම් 31 ක විතරයි, 2019 දි 10 යි. මේකෙන් පෙන්නුම් කරන්නෙ Tencent සමාගම පරිගණක ක්‍රීඩා ආශ්‍රිත සමාගම් වලට කොච්චර තරඟකාරී විදිහට ආයෝජනයන් සිදු කරනවද කියලයි. Tencent නිහඬවම මේ වගේ සමාගම් වලට ආයෝජනය කිරීමෙන් බලාපොරොත්තු වෙන්නෙ පරිගණක ක්‍රීඩා අතින් ලෝකයේ සුපිරි බලවතා වෙන්න පුලුවන්.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...