Press ESC to close

Watch Dogs Review

Overview

2012 වර්ෂයේ සමකාලීන නමුත් අධිතාක්ෂණික හා ප්‍රබන්ධිත Chicago නගරයේ ජීවත්වෙන Aiden Pearce නම් දක්ෂ Grey hat hacker වටා මෙම ක්‍රීඩාවේ main story එක ගෙතී ඇත. තම family එකත් සමග assassination attempt එකකින් බේරී පලායන මොහොතේ සිදුවන car accident එකකින් මියයන ඔහුගේ ලේලිය Lena Pearce ගේ මරණය සඳහා වගකිවයුතු පුද්ගලයන්ගෙන් පළිගැනීම අරමුණ කරගත් vigilante කෙනෙකු වන Aiden Pearce ඔබගේ චරිතය වෙයි.

Get Your Site Up with A2 Hosting

Plot

2012 වර්ෂයේ Chicago නගරය, ලෝකයේ ප්‍රථම වතාවට ctOS පද්ධතිය ස්ථාපිත කරනලද නගරය බවට පත්වේ. ctOS හෙවත් Central Operating System යනු Blume නම් තාක්ෂණික ආයතනය මගින් develop කරන, නගරයේ security cameras, traffic lights, සන්නිවේදන උපකරණ ඇතුළු සියලු devices එක system එකකට connect කරන අධිතාක්ෂණික සුපිරි පරිගණක ජාලයකි.

තරු 5 හෝටලයක් වන Merlaut නම් hotel එකේ මංකොල්ලයක් සිදුකරන අතරතුර Aiden හා ඔහුගේ සගයා Damian නොසිතූ ආකාරයට තවත් hacker කෙනෙකු විසින් set කරනලද silent alarm trap එකකට හසුවේ.මෙම සතුරු hacker ව ඔවුන්ට සොයාගැනීමට නොහැකිවන අතර ඔවුන් එතනින් පිටවේ.මින්පසු තම පවුල ගැන බියක් දැනුණු Aiden ඔහුගේ නැගණිය (Nicole) ,බෑණා (Jackson) ,සහ ලේලිව (Lena) ආරක්ෂිත ස්ථානයකට රැගෙනයන්නේ ඔවුන්ව surprise trip එකක් රැගෙනයන බවට අසත්‍ය පවසමිනි.ගමන අතරතුර Hitman කෙනෙකු වන Maurice Vega ඔවුන්ව ඝාතනය කිරීමට තැත්කරන අතර car chase එකේදී Maurice විසින් තැබූ වෙඩිපහර මෝටර් රථයේ රෝදයට වැදීමෙන් Aiden ට එය පාලනය කරගත නොහැකි වේ.මෙහිදී සිදුවන අනතුරින් අවාසනාවන්ත ලෙස Aiden ගේ ලේලිය වන Lena Pearce මරණයට පත්වේ.

ඉතින් එතනින් පසු කුමක් සිදුවේවිද? Aiden ව ඝාතනය කිරීමට contract එක දුන්නේ කවුරුන් වියහැකිද? නාඳුනන hacker කවුරුන් වියහැකිද? Aiden ට Lena ගේ මරණයට වගකිවයුත්තන්ගෙන් පළිගැනීමට හැකිවේවිද? මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීම ක්‍රීඩකයා වන ඔබට භාරයි.

Gameplay

  • ක්‍රීඩකයාට Aiden Pearce හරහා ඔහුගේ smartphone එක භාවිතකර දුම්රිය පාලනය, traffic lights පාලනය, security systems පාලනය, phones jam කිරීම,පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ලබාගැනීම,විවිධ පුද්ගලයන්ගේ bank accounts වලින් මුදල් සොරකම් කිරීම ආදී දේ hack කිරීම මගින් කළහැක.එසේම විශාල system hack කිරීමද ඔහුට කළහැකි අතර ඒ සඳහා puzzle solving හැකියාවද උපකාරී වේ.
  • Enemies ලා සමග melee combat සඳහා Aiden සතුව බැටන් පොල්ලක් ඇති අතර other combat සඳහා handguns, shotguns, snipers, machine guns, grenade launchers වගේම grenades, proximity IEDs වැනි throwables ද ඇත. මෙම weapons මෙන්ම විවිධ vehicles හා outfits ද shops වලින් purchase කරගත හැකිය.
  • Missions අතරතුර Aiden ගේ hacking skills භාවිතකර enemies ලා සිටින ස්ථානයේ security cameras මගින් ඔවුන්ව scout කිරීම,ඔවුන්ගේ phones jam කිරීම,ඔවුන් අසල ඇති electrical devices පිපිරවීම,නගරයේ මාර්ග යට ඇති steam pipes පිපිරවීම මගින් vehicle takedown කිරීම, police chases වලදී නගරයේ traffic lights හා barricades පාලනය මගින් පලායාම, forklifts හා aerial work platforms, hack කිරීම මගින් ඉහළ ස්ථානවලට යාම ආදී amazing things රාශියක් කළහැකිය.එසේම skill points මගින් අපගේ skill tree එකෙහි hacking,combat,driving හා crafted items වැනි areas හි hacking skill upgrades ලබාගත හැකිය.
  • ක්‍රීඩාවේ map එක Chicago වන අතර ctOS towers unlock කිරීම මගින් විවිධ map icons හා side missions unlock කරගත හැකිය. Main story missions වලට අමතරව විවිධ side missions ද Watch Dogs ක්‍රීඩාවේ අන්තර්ගත වේ.

System Requirements

SystemMinimumRecommended
CPUIntel Core 2 Quad Q8400 @ 2.66Ghz or AMD Phenom II X4 940 @ 3.0GhzIntel Core i7 3770 @ 3.5Ghz or AMD FX-8350 @ 4.0Ghz
GPUNvidia GeForce GTX 460 or AMD Radeon HD 5770 Nvidia GeForce GTX 560 Ti or AMD Radeon HD 7850
VRAM1 GB 2 GB
RAM6 GB 8 GB
Storage25 GB 25 GB
OSWindows Vista (SP2), Windows 7 (SP1) or Windows 8 (64 bit only)Windows Vista (SP2), Windows 7 (SP1) or Windows 8 (64 bit only)

Open world 3rd-person action adventure පරිගණක ක්‍රීඩාවක් වන Watch Dogs මගින් ඔබට සැබෑ hacker කෙනෙකුගේ lifestyle එක අත්විඳීමට හැකිවේ.2014 වසරේ නිකුත්වූ මෙය දිනෙන් දින දියුණු වන නවීන තාක්ෂණයත් සමග මිනිසා කුමන තත්ත්වයකට පත්වේද? යන පැනයට කදිම උදාහරණයකි.

Eshan Amarasinghe

Eshan Loves Gaming and also writes about them, This will help you understand the game better and have an overall good experience.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *