හොදයි ගොඩක් දවසකින් ආයෙමත් AMD ගැන ගොඩක් හොද ආරන්චියක් කියන්න තමයි හදන්නෙ, ගොඩක් දෙනෙක් නොයිවසිල්ලෙන් බලන් හිටි දෙයක් ගැන, ඒ තමයි AMD සමාගමෙන් නිකුත් කරන අලුත්ම Graphic Card වෙන Radeon RX 5000 Series එක.

2019 අවුරුද්ද මුල ඉදල මේ දක්වාම AMD සමාගම විවිද ඉගි පල කලා ඔවුන්ගෙ නවතම Graphic Card පරම්පරාව ගැන සහ ඔවුන්ගෙ නවතම නිකුත්වීමට නියමිත Ryzen Processors මාදිලිය ගැන. AMD සමාගම මේ වනවිට නිකුත් කරන බොහෝ CPU සහ GPU වලින් වෙලදපල සහ ඔවුන්ගෙ නිශ්පාදන මිලදී ගන්න පාරිභෝගිකයා පරිශීලකයා පුදුමයට පත්කරවන තරගකාරී මිළ ගණන් යටතේ (Bang for the Buck) නිකුත් කරන්න පෙළඹී තියෙන නිසා AMD Horizon Event එක ගැන සෑම වසරකම තියෙන්නෙ ලොකු උනන්දුවක්.

AMD සමාගම ඔවුන්ගෙ මෙම වසරේ මීලග පෙරලිකාරම නිශ්පාදනයන් දෙකක් පසුගියදා එලි දැක්වීමට කටයුතු කලා, මින් පෙරද ඒ කියන්නෙ මේ වසරෙ මුල් භාගයේදී ඔවුන් Radeon 7 යන මාදිලියෙ High End Graphic Card එලි දැක්වීමට කටයුතු කලා ඒ බව මා කලින් ලිපියකින් සදහන් කලා ඔබ සියලු දෙනාට, ඉන් පසුව ඔවුන් Radeon Navi යන නමින් ඔවුන්ගෙ නව Graphic card පරම්පරාව එලිදැක්වීමට නියමිතව සිටින බවත් ඔබ අපට දැනගන්නට ලැබුන, ඔව් අපි ඒ පුන පුනා බලාසිටි මොහොත මීට දින කීපයකට පෙර ඔවුන් විසින් මාද්‍යට ඉදිරිපත් කලා ඒ AMD Radeon Graphic Card පරම්පරාවෙ නවත්ම නිශ්පාදනයන් දෙකක් වෙලදපලට එලිදක්වමින් ,

Computer Shop ගැන ඔයාගෙ අත්දැකීම කියන්න එන්න shop rating

AMD Radeon Navi RX5700


AMD Radeon Navi RX5700XT

RX5700 සහ RX5700XT කියන්නෙ බැලූ බැල්මට නමිනුත් එකයි කාඩ් එකේ හැඩය ප්‍රමානය සහ මෙහි තිබෙන Output Ports ගනනත් එකසමානයි, ඒ වුනත් එහෙම පෙනුනත් වර්ග දෙකක් සහ වේගයෙන් ගත්තොත් ඒකත් වෙනස්, අපි හැමෝම දන්නව දැන් මේ වෙනකොට වෙලදපලේ සීග්‍රයෙන් අලවි වෙන්නෙ Nvidia Graphic Card කියල මොකද මේ වෙනකොට ඔවුන්ගෙ අලුත්ම නිශ්පාදන සියල්ල එලිදක්වල හමාරයි. ඒ කියන්නෙ RTX Titan , RTX 2080Ti , RTX 2080 , RTX 2070 RTX 2060 වගේම ඔවුන්ගෙ Mid Range Card වෙන GTX 1660Ti, GTX 1660, GTX 1650 යන නිශ්පාදන පෙරලිකාර ලෙස අලවි වෙමින් පවතිනව RTX මාදිලියෙ නොවුනත් Nvidia Mid Range Card වලටත් වෙලදපලේ ඉතා ඉහල ඉල්ලුමක් තිබෙනව මේ වෙනවිටත් ඒත් සුපුරුදු ආකාරායටම Nvidia සමාගමෙ පෙර පරිදිම ඔවුන්ගේ ගනන් ඉස්සීම නම් නොවෙනස්ව ගෙන යනව ඒ ආකාරයෙන්ම, මොකද මන් එහෙම කියන්නෙ මේ සියලුම නිශ්පාදන වල මිල ඉහල මට්ටමක් ගන්න නිසා බොහෝ දෙනෙක් ට Nvidia නිශ්පාදන මිලදී ගැනීමට විශාල මුදලක් වැයකිරීමට සිදු වෙනව, ලංකාවෙ අපිට නම් මිල පිලිබදව බලද්දි මේක දැඩිව බලපානව, ඉතින් කොහොම උනත් සාමන්‍ය්යෙන් අපි හැමෝම බලන්නෙ ටිකක් හරි අඩුවට හොදම වේගවත්ම Graphic Card එකක් ගන්න දිගු කාලයක් පාවිච්චි කරන්න පුලුවන් වෙන.

AMD සමාගම කවදත් Budget Friendly නෙ මම එහෙම කියන්නෙ ඔවුන්ගෙ නිශ්පාදන අනෙකුත් නිශ්පාදන වලට වඩා පෙරලිකාර මිලකින් සහ වෙනස්ම ආකරයකින් හැමදාම එලි දක්වන නිසා එය ඔබ අප හැමදෙනාම දන්න කරුනකි, කෙසේ වෙතත් මෙවර AMD සමාගම විසින් එලි දක්වපු මේ Graphic Card දෙක නම් පෙරලියක් කරාවි කියන දේ බොහෝ විචාරකයන් පවසා තිබෙනව.

මම කාඩ් දෙකේම Performance

මේ තියෙන දේවල් එක්ක තවත් කරුනු කිහිපයක් තියෙනව හිතාගන්නවත් බැරි විදිහෙ දේවල්, AMD සමාගම 2019 අවුරුද්ද ආරම්භයටත් පෙර සිටම ප්‍රකාශ කල දෙයක් තමයි ඔවුන්ගෙ නවතම නිශ්පාදන සදහා ඔවුන් 7nm Processors බාවිතා කරන බව ඉතින් එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉස්සරල මම සදහන් කරපු AMD Radeon 7 කියන Graphic Card එක ඔවුන් 2019 මුල භාගයේදී එලි දැක්වුවා 7nm තාක්ශනයත් සමගින් එතනින් එහාට ගිහින් ඒ කියන්නෙ දැන් අද වෙනකොට ඔවුන් විසින් එලි දක්වා ඇති නව නිශ්පාදන දෙක සදාහාද 7nm තාක්ශනය යොදාගෙන තිබෙනව. ඒ වගේම තමයි තව දෙයක් සදහන් කරන්න අවශ්‍යයි මෙම Card දෙකම GDDR6 තාක්ශනයෙන් තමා නිශ්පාදනය කරල තියෙන්නෙ.

ඒ වගේම මෙහි සදහන් නොවෙන ආකර්ශනීයම කරුනු කිහිපයක් තියෙනව මම මීට පෙර ලිපියකින් ඉදිපත්කලා AMD 500 series Chip Set Motherboard ගැන ඔවුන් අනාගතයේදී එලි දැක්වීමට නියමිතව සිටින සාහ ඒවාගෙ තිබෙන යම් යම් විශේශ තා දැනගැනීමට හැකි වූ දේවල් ඉතින් එහිදී මම සදහන් කලා ඒ Motherboard PCI 4.0 තාක්ශනය සමග එලි දක්වන බවට දැනට තිබෙන PCI 3 වෙනුවට, මේ  PCI generation එක වැදගත් වෙනව අපි Motherboard එකට Fix කරන Graphic Card , M.2 සහ SSD වලට ඉතින් මම කලින් කිව්ව වගේම AMD සමාගම ඔවුන්ගෙ නවතම නිශ්පාදන වෙන Radeon RX 5700 සහ RX5700 XT සදහා PCI 4.0 තාක්ශනය හදුන්වා දී තිබෙනව මෙයින් ඔවුන් පෙර නිශ්පාදනවලට වඩා වැඩි කාර්‍යක්ශමතාවයක් බලාපොරොත්තු වෙනව ඒ වගෙම Memory Bandwidth එක 448GBPS දක්වා වැඩි කරලත් තියෙනව.

ඒ වගේම පසු ගියදා AMD සමාගම මෙම නිශ්පාදන  දෙක එලිදක්වන විට එහි Performance පිලිබදව දැනට තිබෙන හොදම පරිගනක ක්‍රීඩා වලින් ලබා ගත් දත්ත මගින් සංසන්දනය කොට පෙන්වා දෙනු ලැබුවා, එහිදී ඔවුන් Nvidia සමාගමෙ RTX 2070 Graphic Card එක සමග Radeon RX 5700XT Card එක සංසන්දනය කරමින් සදහන් කලෙ RTX 2070 Card එකට වඩා AMD RX 5700XT Card එක 20% කින් පමන වේගවත් බවත් RTX 2060 Card එකට වඩා AMD RX5700 Card එක 15% කින් පමන වේගවත් වන බවය.
හොදම දේ කියන්න යන්නෙ දැන් තමයි ඒ කියන්නෙ දැන් මෙච්චර දේවල් එක්ක එන මේ Graphic Card වල ගනන් එහෙමත් වැඩි ඇති කියල හුග දෙනෙක්ට හිතෙන්න පුලුවන් , නැහැ සාමාන්‍යෙන් ඔවුන් නිශ්පාදනය සාදරනව මිලක් නියම කර තිබෙනව බොහෝ විට මෙය අඩු හෝ වැඩි වීමට පුලුවන් නමුත් මම හිතනව මෙය Nvidia නිශ්පාදන සමග බලන විට සාදාරන හා වාසිදායක මිලක් කියල,

AMD Radeon  RX5700XT 8GB  = $449 ( ලංකාවෙ මුදලින් නම් රුපියල් 79,500 ක් පමන වෙනව.)
AMD Radeon RX5700 8GB = $379 ( ලංකාවෙ මුදලින් නම් රුපියල් 67,000 ක් පමන වෙනව.)

AMD සමාගම තරගකාරි නිශ්පාදන දෙකක් සහ තරගකාරි මිලකින් නැවතත් Nvidia සමාගමට තරගයක් දීමට එලියට ඇවිත් තියෙනව මේ නිශ්පාදන වෙලදපලේ මිලදී ගැනීමට තවත් මසක් හෝ 2ක් පමන ගතවෙව්වි යැයි අප සිතනව ඒ වගෙම ලංකාවෙදී මිලදී ගැනීමට තවත් මාස 3ක් අවම වශයෙන් හෝ ගත වෙවි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here