Home Tech News ජාන වල හැඩ පෙන්වන AlphaFold 3 වැඩසටහන
Tech News

ජාන වල හැඩ පෙන්වන AlphaFold 3 වැඩසටහන

Share
blank
Share

ගූගල් සමාගම විසින් වාර්ශිකව පවත්වනු ලබන තාක්ෂණික සමුළුව ගූගල් අයිඕ(Google I/O) නමින් හඳුන්වනවා. මෙම 2024 වසරේ එම සමුළුව පසුගිය මැයි මස 14 වැනිදා, ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ මවුන්ටන් වීව් නුවරදී පැවැත්වුනා.

ගූගල් සමාගමේ සාමාන්‍ය තාක්ෂණික දියුණු කිරීම් පිළිබඳ ප්‍රදර්ශන සහ ඉදිරිපත් කිරීම් අතරම, සමාගම විසින් දියුණු කරනු ලබන බුද්ධි යෙඳුම් ප්‍රසිද්ධ කිරීමට මෙහි මූලිකත්වය දී තිබුනා. ඉන් ප්‍රමුඛ එකක් සේ හුවා දැක්වූයේ, ඇල්ෆාෆෝල්ඩ් කෘත්‍රිම බුද්ධි වැඩසටහනයි. මෙම වැඩසටහන, ප්‍රෝටීනයක අණුක ව්‍යුහය අනුමාන කළ හැකි (protein structure prediction) ඇල්ගොරිදමයක්.

ප්‍රෝටීනයක් සැකසී තිබෙන්නේ ඇමයිනො අම්ල ලෙස හඳුන්වන, ප්‍රෝටීනයේ තැනුම් ඒකක වෙන රසායනික අණු එකිනෙක හා බැඳීමෙන්. ජීවීන්ගේ සිරුර මෙන්ම එහි ක්‍රියාකාරිත්වයට සම්බන්ධ ජාන, එන්සයිම, හෝමෝන මෙන්ම බොහෝ ඖෂධ වර්ගද මෙවැනි ප්‍රෝටීනයි. මෙසේ ඇති ප්‍රෝටීනයක් ජීවීන්ට කෙසේ බලපාන්නේද යන්න තීරණය වෙන්නේ එහි හැඩයෙන් හෙවත් අණුක ව්‍යුහයෙන්. එනිසා ප්‍රෝටීනයක අණුක ව්‍යුහය නිවැරදිව දැන ගැනීම, පරිගණක වැඩසටහන් සහ උපාංග මඟින් ජීවීන්ගේ සිරුරේ ක්‍රියාකාරිත්වය අවබෝධ කර ගැනීමේ වැඩ කටයුතු (computational biology) පහසු කරනවා. රෝග පාලනයට මෙන්ම නොයෙක් ඖෂධ නිපදවා ගැනීමටත් උදව් වෙනවා. කර්මාන්ත වෙනුවෙන් යොදා ගත හැකි අලුත් එන්සයිම වර්ග සැලසුම් කිරීම වැනි ජෛව තාක්ෂණික කටයුතු වෙනුවෙනුත් උදව් වෙනවා.

ප්‍රෝටීනයක් යනු සරල ව්‍යුහයක් ඇති අණුවක් නොව, ඉතා සංකීර්ණ ත්‍රිමාන ව්‍යුහයක් ඇති රසායනික ද්‍රව්‍යයක් නිසා ප්‍රෝටීනයක අණුක ව්‍යුහය තීරණය කිරීම අභියෝගාත්මකයි. සියලුම ප්‍රෝටීනවල ව්‍යුහය තීරණය කළ හැකි පොදු ක්‍රමයක්ද නැහැ. ලොව පුරා පර්යේෂකයෝ මේ වෙනුවෙන් විවිධ ක්‍රම සොයා ගෙන අත්හදා බලමින් සිටිනවා. මෙම ක්‍රම සියල්ලේ සාර්ථකත්වය මැන බලන ලෝක මට්ටමේ පරීක්ෂණයක් වාර්ශිකව පවත්වනවා. ඉන් මුල් පෙළට එන තාක්ෂණික ක්‍රමවේද තවදුරටත් දියුණු කරනවා. මෙසේ කරන විමසා බැලීම්වලදී පසුගිය කාලය පුරාම මුල් තැනේ තිබෙන ක්‍රම වේදය, ඇල්ෆාෆෝල්ඩ් කෘත්‍රිම බුද්ධි වැඩසටහනයි.

ඇල්ෆාෆෝල්ඩ් වැඩසටහනේ ඇල්ගොරිදමය ක්‍රියාත්මක වෙන්නේ හරියට ජීවීන්ගේ මොළය යමක් තේරුම් ගන්නට ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයට අනුවයි. එනම් යම් පද්ධතියක ඇති, එහි ස්වභාවයට කෙළින්ම බලපාන ගති ලක්ෂණ මුලින්ම උකහා ගෙන, ඒවා කලින් දැන තිබූ විවිධ පද්ධතිවල ගති ලක්ෂණ සමඟ සසඳා තීන්දුවලට එළැඹෙන ක්‍රම වේදයයි. ඩීප් ලර්නිං(Deep Learning) ක්‍රමය වශයෙන් මෙය හඳුන්වනවා.

ගූගල් සමාගම යටතේ ඩීප් ලර්නිං පර්යේෂණ කරන්නේ ඩීප්මයින්ඩ් විද්‍යාගාරයයි. කැනඩාවේ, ප්‍රංශයේ, ජර්මනියේ මෙන්ම ඇමෙරිකාවේ පිහිටුවා ඇති මෙහි විද්‍යාගාර ජාලය සම්බන්ධ කරන ප්‍රධාන විද්‍යාගාරය, මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටුවා තිබෙනවා.

වර්ෂ 2018දී, ඩීප්මයින්ඩ් සමාගමේ පර්යේෂකයින් විසින් ඇල්ෆාෆෝල්ඩ් වැඩසටහන ඉදිරිපත් කරනු ලැබූයේ, ඇල්ෆාෆෝල්ඩ් 1 යන නමින්. වර්ෂ 2020 දී ඇල්ෆාෆෝල්ඩ් 2 වැඩසටහන ඉදිරිපත් කළා. එම වැඩසටහන් දෙකම ප්‍රෝටීන ව්‍යුහය තීරණය කරනු වස් තිබෙන හොඳම වැඩසටහන්. දැන් ඒවාටත් වඩා දියුණු කොට තිබෙන ඇල්ෆාෆෝල්ඩ් 3 වැඩසටහන මඟින්, ජාන තැනී ඇති ඩීඑන්ඒ (DNA) සහ ආර්එන්ඒ(RNA) යන න්‍යෂ්ටික අම්ලවල ප්‍රෝටීන ව්‍යුහය පවා අනුමාන කළ හැකිය.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...